දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
‘ලංකාවේ සන්නද්ධ අරගලයකට නායකත්වය දෙන්න මම සූදානම්’ යයි අසාද් සාලි ඉන්දියාවේදී කියූ බව ගම්මන්පිල වීඩියෝ සාක්‍ෂි පෙන්වයි
Homeප්‍රවෘත්ති

‘ලංකාවේ සන්නද්ධ අරගලයකට නායකත්වය දෙන්න මම සූදානම්’ යයි අසාද් සාලි ඉන්දියාවේදී කියූ බව ගම්මන්පිල වීඩියෝ සාක්‍ෂි පෙන්වයි

PropellerAds

පි විතුරු හෙළ උරුමයේ විසින් පවත්වන ලද මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය. ගෝඨාභය ර...

හි. ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේට බිම දමාගෙන ගුටි අනී.. [Video]
ලේක්හවුස් ඇතුලේ ජනපතිට විරුද්දව මඩ වීඩියෝ ෆැක්ටරියක් හසුවෙයි.. මහ කලබලයක්
ස්විස් එම්බසි ශ‍්‍රියාලතා අත්අඩංගුවට..? පච කියා ලක් රජය අපකීර්තියට පත්කල බවට චෝදනා.. ඒ නාට්ටිය අවසන්
පිවිතුරු හෙළ උරුමයේ විසින් පවත්වන ලද මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා තව්හිත් ජමාත් ත්‍රස්තවාදය පෝෂණය කිරීමට කටයුතු කළ බවට බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි චෝදනා නගනවා. අසාත් සාලි මැතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එක්ක කේන්තියෙන් ඉන්නේ ඇයි.
  මේ පදනම් විරහිත චෝදනාව නගන්නේ 2013 දී ඔහුව අත්අඩංගුවට ගැනීම පිළිබඳ කේන්තියෙන්.  ඇයි අසාත් සාලි අත්අඩංගුවට ගත්තේ? 2012 ජනවාරි 23 දා හිටපු ආරක්ෂක ලේකම්ගේ මැදිහත්වීමෙන් සංචාරක වීසා මත ලංකාවට ඇවිත් මද්රාසා පාසල්වල ඉස්ලාම් අන්තවාදය ඉගැන්වූ විදේශීය දේශකයින් 161ක් වීසා අවලංගු කර පිට මං කරනවා.  ඒක බරපතල ලෙස අසාත් සාලි විවේචනය කරනවා.  ඊට පස්සේ 2013 අප්‍රේල් 16 දා ඉන්දියාවේ චෙන්නායි නුවර සමුළුවක් අමතන්න යන අසාත් සාලි එහි දී විකටාන් කියන දෙමළ සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙනවා.  එහි දී ලංකාවේ මුස්ලිම්වරුන්ට සන්නද්ධ අරගලයක් අරඹන්න කාලය පැමිණ තිබෙනවා ඒ අරගලයට සහයෝගය දීමට මම සූදානම් යනුවෙන් සඳහන් කරනවා.  ලංකාවේ  මුස්ලිම් දේශපාලනඥයෙක් ඉතිහාසයේ ප්‍රථම වතාවටයි ආයුද සන්නද්ධ අරගලයක් අවශ්‍ය බව සඳහන් කරන්නේ.

මේ ප්‍රකාශය පිළිබඳ ප්‍රශ්න කරන්න තමයි අසාත් සාලි අත්අඩංගුවට ගන්නේ.  මේ සම්පූරණ සිදුවීම 2013 මැයි 8 දා ඩේලි මිරර් පුවත්පත විස්තරාත්මක ලිපියකින් පැහැදිලි කරනවා.  ඒ වගේම අයිටිඑන් ප්‍රවෘත්ති වලත් විකාශය කරනවා.

ලංකාවේ මුස්ලිම් ත්‍රස්තවාදයක් ආරම්භ කරන්න ඕනෑ කියූ මුස්ලිම් අන්තවාදි ත්‍රස්තවාදයේ පියා අසාත් සාලි අද කොහේද ඉන්නේ?  ලංකාවේ වැඩිම බෝම්බ ගණනක් පුපුරුවා ගත් බස්නාහිර පලාතේ ආණ්ඩුකාරවරයා.  බස්නාහිර පලාතේ පළමු පුරවැසියා ත්‍රස්තවාදියෙකු නම් ත්‍රස්තවාදය ර්මදනය කරන්නේ කොහොමද?  ඒ නිසා මේ ත්‍රස්තවාදියා ආණ්ඩුකාර ධූරයෙන් ඉවත් කර අත්අඩංගුවට අරගෙන ත්‍රස්ත විරෝධි සටනේ අවංකභාවය පෙන්වන්න කියා අපි ආණ්ඩුවට අභියෝග කරනවා.

ත්‍රස්ත විරෝධි පනත ගැන අගමැති කියන්නේ බොරු

ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම සමග බෝල පාස් කිරීමේ ක්‍රීඩාවේ යෙදී සිටින අගමැතිතුමා ඊයේ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම පාරලිමේන්තුවට තල්ලු කලා.  ත්‍රස්ත විරෝධි පනත පාරලිමේන්තුව සම්මත කරන්නේ නැතුව කල් මරමින් සිටිය නිසා තමයි ලංකාව ත්‍රස්ත ප්‍රහාරයට ලක් වුණේ කියා අගමැතිතුමා කියනවා.  මේක එසේ මෙසේ බොරුවක් නොවේ.  පට්ටපල් බොරුවක්.  ත්‍රස්ත විරෝධි පනත පාරලිමේන්තුව සම්මත නොකලේ දැනට තිබෙන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ තිබෙන ත්‍රස්තවාදයට එරෙහි වගන්ති අළුත් පනතින් ලිහිල් කරලා තිබෙන නිසා.  දැන් තිබෙන පනතෙන් ත්‍රස්තවාදයට මරණ දඩුවම ලබා දිය හැකියි.  නමුත් ඒක ජීවිතාන්තය දක්වා සිර දඬුවම් දක්වා අඩු කරලා තිබෙනවා.  ඒ විතරක් නොවේ.  විනිසුරුට ඕනෑ නම් රුපියල් මිලියනයක දඩයක් නියම කරන්නත් පුළුවන්.  කවුරු හරි එක මිනිහෙක් මැරුවොත් දඬුවම මරණය.  නමුත් බෝම්බයක් පත්තු කරලා පන් සීයක් මැරුවොත් රුපියල් මිලියනක දඩයක් විතරයි.  කොහොමද ඒක?

ඕනෑම වරදකට නීතිපති නොපමාව අධිකරණයේ චෝදනා ගොනු කළ යුතුයි.  නමුත් ත්‍රස්තවාදියෙකුට චෝදනා ගොනු කිරීම වසර දහයක් පමා කරන්න මේ පනතින් නීතිපතිට බලය ලබා දෙනවා.  වසර දහයක් පමා කළාට පස්සේ සාක්ෂි විනාශ වී ත්‍රස්තවාදියාට නිදහස් වෙන්න පුළුවන්.  ඉතාම වැදගත් දේ තමයි ජාත්‍යන්තර ත්‍රස්තවාදින්ට දඬුවම් කරන්න මේ පනතට හැකියාවක් නැතිවීම.  පනතේ දෙවන වගන්තියෙන් යම් ත්‍රස්තවාදියෙකු වෙනත් රටක පුරවැසියෙකු නම් ඒ රටේ අවසරය නොමැතිව අපට ලංකාවේ නඩු දාන්න බෑ.  එහෙම නම් මේ පනත සම්මත වුණොත් ජාත්‍යන්තර ත්‍රස්තවාදයට වැට බඳින්න පුළුවන් කියා අගමැතිතුමා කියන්නේ කොහොමද?ත්‍රස්තවාදය පෝෂණය කරන අතරේ රට ත්‍රස්තවාදයේ තෝතැන්නක් වී තිබිය දී අගමැතිතුමා හදන්නේ ඒ ලේ විලට මුවා වෙලා ඒ කඳුළු ගංගාවට මුවා වෙලා ත්‍රස්තවාදය තවත් සවිමත් කරන නීති රීති ගේන්නයි.  මේ පනතට අපි විරුද්ධ වුණේ ඒක සම්මත කර ගන්න බැරි වුණේ ඒ පනත සම්මත වුණොත් අයිඑස්අයිඑස් මූලස්ථානය ලංකාවේ පිහිටුවන්න ඉඩ තිබෙන නිසා.


 අයිඑස්අයිඑස් තව්හිත් ජමාත් තහනම් කිරීමට පවතින නීති ප්‍රමාණවත්

ත්‍රස්ත සංවිධාන තහනම් කරන්න පවතින නීතිය ප්‍රමාණවත් නෑ කියා අගමැතිතුමා ජාත්‍යන්තර මාධ්‍යයන්ට කියා තිබුණා.  එතුමා තමන්ගේ දන්නා කම ප්‍රර්දශනය කරන්න ගිහින් ප්‍රර්දශනය කර තිබෙන්නේ නොදන්නාකම.  දැන් මේ රටේ හදිසි නීතිය ක්‍රියාත්මකයි.  මහජන ආරක්ෂක පනතේ පස්වන වගන්තියට අනුව හදිසි නීතිය ක්‍රියාත්මක අවස්ථාවන්හි ඕනෑම නීතියක් සම්පාදනය කරන්න සංශෝධනය කරන්න වගේම බල රහිත කරන්නත් රෙගුලාසි සම්පාදනයේ කිරීමේ බලය ජනාධිපතිට පැවරෙනවා.

1998 අංක 1 දරණ හදිසි නීති රෙගුලාසි යටතේ චන්ද්‍රිකා ජනාධිපතිනිය විසින් කොටි සංවිධානය තහනම් කලේ මේ බලය උපයෝගි කරගෙන.  නමුත් මේ නීතිය උපයෝගි කරගෙන තවමත් ජාතික තව්හිත් ජමාත් වගේම අයිඑස්අයිඑස් සංවිධානයත් තවම තහනම් කරලා නෑ.  ඔන්න තහනම් කරනවා මෙන්න තහනම් කරනවා කියා ප්‍රකාශ නිකුත් කරනවා මිස තහනම් කිරීමේ ගැසට් එක තවම ප්‍රකාශයට පත් කරලා නෑ.  ඒ නිසා හදිසි නීති රෙගුලාසි යටතේ වහාම මේ ත්‍රස්ත සංවිධාන තහනම් කර ජනතාවගේ ආරක්ෂාව සුරක්ෂිත කරන මෙන් අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

පසුගිය සතියේ  අපි පැවැත්තවූ මාධ්‍ය හමුවලදී අපි දිගින් දිගටම ඉල්ලූ කාරණයක් තමයි වහාම බුර්කාව තහනම් කරන්න කියන එක.  ජනාධිපතිතුමන් හදිසි නීති රෙගුලාසි යටතේ බුර්කාව තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා. අපේ ඉල්ලීමට ක්ෂණික ප්‍රතිචාර දැක්වූ එතුමන්ට අපි ප්‍රණාමය පුද කරණවා. ඒ වගේම අපේ අනෙක් ඉල්ලීම උනේ මේ විකට පොලිස්පති වහා ඉවත් කරලා පොලීසිය පිලිබද ත්‍රස්තමර්දනය පිළිබද දැනුමක් සහිත ජේෂ්ඨ නියෝජ පොලිස්පති ලතීෆ් වැනි රටම ගරුකරන පොලිස් නිලධාරියෙක් පොලිස්පති තනතුරට පත් කල යුතු බවට. නමුත් පොලිස්පති ඉල්ලා අස් නොවේ නම් පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන අගමැතිවරයාට තමයි ඔහු ඉවත් කිරීමේ හැකියාව තිබෙන්නේ. ඔහුට ඉවත් වීමට කියා තිබියදිත් ඔහු ඉවත් නොවීමෙන් පෙනී යන්නේ අගමැතිතුමන්ගේ අනුග්‍රහය යටතේ ඔහු සිටින බවයි. එසේ නොවේ නම් අගමැති විසින් පාර්ලිමේන්තුවට වහාම යෝජනාවක් ගෙන ආ යුතුයි පොලිස්පති ඉවත් කිරීමට.

– අරවින්ද අතුකෝරල
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‘ලංකාවේ සන්නද්ධ අරගලයකට නායකත්වය දෙන්න මම සූදානම්’ යයි අසාද් සාලි ඉන්දියාවේදී කියූ බව ගම්මන්පිල වීඩියෝ සාක්‍ෂි පෙන්වයි
‘ලංකාවේ සන්නද්ධ අරගලයකට නායකත්වය දෙන්න මම සූදානම්’ යයි අසාද් සාලි ඉන්දියාවේදී කියූ බව ගම්මන්පිල වීඩියෝ සාක්‍ෂි පෙන්වයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjwUaHEteN4MrQpLhr7p6utgQrJUjBsSM7LzVL9xlWus-Nyg9I1o6o6llGrPQ4ioGWWlFkFzC_OWdQnTuFImHhCDYum2utvtZSoWC5mczW6_ZE8Fsx6XyWVGM92TsqADwdK-9SKNUsGsjWH/s320/gamma.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjwUaHEteN4MrQpLhr7p6utgQrJUjBsSM7LzVL9xlWus-Nyg9I1o6o6llGrPQ4ioGWWlFkFzC_OWdQnTuFImHhCDYum2utvtZSoWC5mczW6_ZE8Fsx6XyWVGM92TsqADwdK-9SKNUsGsjWH/s72-c/gamma.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy