දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හතුරුසිංහ ගෙදර ඉදන් මසකට ලක්‍ෂ 70ක් පඩි ගනී.. හතුරුගේ වාසනාව.. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අවාසනාව…
Homeප්‍රවෘත්ති

හතුරුසිංහ ගෙදර ඉදන් මසකට ලක්‍ෂ 70ක් පඩි ගනී.. හතුරුගේ වාසනාව.. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අවාසනාව…

PropellerAds

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ජයග‍්‍රාහී මාවතකට සේන්දු කිරීමේ සැලසුම් හදන්නා ප‍්‍රධාන පුහුණුකරුය. ඔහුගේ රටාවට ක‍්‍රීඩකයන් හැඩ ගැසිය යුතුය. ...

69 ලක්ෂයේ ආණ්ඩුවට එරෙහිව වසර 69කට පසු කරන දැවැන්තම හර්තාලය අද!
විපක්ෂය බෙදා වෙන් කිරීමට ආණ්ඩුවෙන් සහ විපක්ෂයෙන් ඒකාබද්ද කුමන්ත්‍රණයක් - ගම්මන්පිල
වාහනවලට තෙල් ගහද්දි බලා‌ගෙන! තෙල්වලට වතුර කලවම් කරලා! නාරම්මල බවුසරයක් චෙක් කරද්දී අතේ මාට්ටු! (VIDEO)
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ජයග‍්‍රාහී මාවතකට සේන්දු කිරීමේ සැලසුම් හදන්නා ප‍්‍රධාන පුහුණුකරුය. ඔහුගේ රටාවට ක‍්‍රීඩකයන් හැඩ ගැසිය යුතුය. නැතිනම් පුහුණුකරු කී‍්‍රඩකයාට ඔරොත්තු දෙන න්‍යායක් සකස් කළ යුතුය. එ කාරණා හරියට සිදු නොවුණ තැන ක‍්‍රිකට් පිල අච්චාරු වී අනාථ වනු ඇත. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලට හතුරුසිංහගේ සම්ප‍්‍රාප්තියත් සමග සිදුවූයේ මේ වින්නැහිය යැයි ක‍්‍රීඩකයෝම චෝදනා කරති.

ක‍්‍රීඩකයන්ගේ චෝදනා සහ කණ්ඩායමේ පරාජයන් වැල අධීක්ෂණය කරමින් හිටපු ක‍්‍රීඩා ඇමැති හරීන් ප‍්‍රනාන්දු මහතා හතුරුසිංහව ගෙදර යැවීමට පාර කැපුවේය. නමුත් හතුරුසිංහ ගෙදර ගියද ඔහු ලබන වසරේ අවසානය දක්වා ක‍්‍රිකට් ආයතනය සමග කොන්ත‍්‍රාත්තුව අත්සන් කර තිබේ. එබැවින් දැන් හතුරුසිංහ ගෙදර ඉ`දන් මිලියන හතක් පඩි ගන්නා වාසනාවන්තයෙක් බවට පත්ව ඇත.

හතුරුසිංහගේ කොන්ත‍්‍රාත්තුව අවසන් කිරීමට කටයුතු කරන බවට හිටපු ක‍්‍රීඩා ඇමැති හරීන් ප‍්‍රනාන්දු මහතා පැවසුවද දැන් ඇමැතිවරයාද ඉන්නේ ගෙදරය. වත්මන් ක‍්‍රීඩා ඇමැති ඩලස් අලහප්පෙරුම වැඩ ඇරඹුවා පමණි. එබැවින් ඔහුගේ හැසිරීම එ් සම්බන්ධයෙන් කෙසේ වනු ඇතිදැයි අපි බලා සිටිමු. හතුරුසිංහ බංග්ලාදේශ ක‍්‍රිකට් ඔසවා තබන්නට වෙහෙස වූ දක්ෂ පුහුණුකරුවෙකි. නමුත් ඔහුට ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් ඔසවා තබන්නට නොහැකි වූයේ ක‍්‍රමවේදයේ වැරැද්ද නිසා විය හැකිය. බංග්ලාදේශයේදී ඔහු කළ හපන්කම නිසා තිලංග සුමතිපාල මහතා ක‍්‍රිකට් සභාපතිවරයාව සිටියදී හතුරුසිංහට ලක්ෂ හැත්තෑවක් පමණ මාසිකව ගෙවමින් කොන්ත‍්‍රාත්තුව අත්සන් කළේය. හතුරුසිංහව ශ‍්‍රී ලංකාවට ගෙන එ්මේ කපුකමට හිටපු ක‍්‍රිකට් උප සභාපති කේ. මතිවානන්ද කර ගැසුවේය. දැන් ගඟට කැපූ ඉනිමෙන් හතුරුසිංහගේ සම්ප‍්‍රාප්තිය ඵලක් නොමැති ප‍්‍රතිඵලයක් බවට පත්ව අවසන්ය.

ජාතික කණ්ඩායමක ප‍්‍රධාන පුහුණුකරුවාට තිබෙන වගකීම වනුයේ කණ්ඩායමේ මානසික එ්කග‍්‍රතාව දියුණු කිරීම, ප‍්‍රතිවාදීන්ට එරෙහිව සැලසුම ක‍්‍රියාත්මක කිරීම සහ ජයග‍්‍රහණයට අවශ්‍ය ක‍්‍රමවේදය තරගයෙන් තරගයට සැලසුම් කිරීමයි. නමුත් හතුරුසිංහ ඊටත් වඩා දේවල් කිරීමට ගොස් ඇදගෙන නාගත්තාද යන්න දන්නේ ඔහුය. නමුත් දැන් හතුරුසිංහ ඉන්නේ වැට උඩය. ඔහුට යළිත් මේ යන විදිහට ශ‍්‍රී ලංකාවේ තනතුර නොමැත. දැන් හතුරුසිංහට ඉතිරිව ඇත්තේ කොන්ත‍්‍රාත්තුව සමග වාද විවාද කරමින් තමන්ගේ අනාගතය සුරක්ෂිත කර ගැනීම පමණි.



හතුරුසිංහගේ කොන්ත‍්‍රාත්තුවේ අවුල ලිහා ගැනීමට නොහැකිව ලතවන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඔහුට මාසික වැටුප තවමත් ගෙවමින් සිටීම හාස්‍යජනකය. හිටපු ක‍්‍රීඩා ඇමැතිවරයා පැවසුවේ හතුරුසිංහට ලක්ෂ 70 ක් ගෙවීම අපරාධයක් බවත් ඔහුගේ කොන්ත‍්‍රාත්තුව නවත්වන බවත් හතුරුසිංහට ජාත්‍යන්තර අධිකරණයකදී නඩු කියා හැකිනම් වන්දි ලබා ගන්නා බවයි. නමුත් හතුරුසිංහ තවමත් නඩු මගට බැස නැත. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තවමත් හතුරුසිංහට වැටුප් ගෙවන බව ක‍්‍රිකට් ප‍්‍රධානියකු ‘දිවයින’ කළ විමසීමකදී පැවසීය.

‘‘අපි හතුරුසිංහගේ කොන්ත‍්‍රාත්තුව අවසන් කරන්න උත්සහ කරමින් ඉන්නෙ. තවම ඔහුට එරෙහිව පරීක්ෂණ පවත්වනවා’’ යැයි අදාළ ක‍්‍රිකට් ප‍්‍රධානියා පැවසුවද කරන පරික්ෂණ පමා වීමෙන් ක‍්‍රිකට් මුදල් කාබාසිනියා වන බවද ඔවුන් මතක තබා ගත යුතුව තිබේ.

ඉකුත් ජූලි මාසයේ සිට චන්දික හතුරුසිංහව ප‍්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත් කළ අතර එතැන් සිට ගතවූ මාස පහක කාලයක් තුළදී කිසිදු වැඩක් නොකරමින් සිටින හතුරුසිංහට එ් අතරතුර කාලයේදී රුපියල් ලක්ෂ 350 ක් පමණ පඩි වශයෙන් ගෙවා ඇතැයි වැඩිදුරටත් වාර්තාවේ.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන පුහුණුකරු ධුරයෙන් හතුරුසිංහව ඉවත් කිරීමෙන් පසුව ඔහු ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පුහුණු එ්කකයේ වැඩ කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කළමනාකාරීත්වය භාර කළද එම යෝජනාව හතුරුසිංහ විසින් ප‍්‍රතික්ෂේප කර ඇත. ඔහු කොන්ත‍්‍රාත්තු අත්සන් කර ඇත්තේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයට බැවින් වෙනත් තැනක සේවය කිරීම ඔහු ප‍්‍රතික්ෂේප කර තිබීමෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ඔහුට නිකන් පඩි ගෙවීමට සිදුව ඇත. හතුරුසිංහ වැඩ නොකිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නීතිඥයන් මාර්ගයෙන් ඔහුට ලිපියක් යැව්වද ඊට පිළිතුරු ලිපියක් හතුරුසිංහ විසින් ලබාදී තිබේ.

කෙසේ වෙතත් හතුරුසිංහගේ අදාළ වැටුපට අමතරව නිවසක් සහ වාහනයක් ලබාදීමටද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කටයුතු කර ඇත. හතුරුසිංහට එරෙහිව කරන පරීක්ෂණ දිනෙන් දින පමා වීමෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිකරුණේ මුදල් ගෙවීම ජාතික අපරාධයකි. එ් සම්බන්ධයෙන් වත්මන් ක‍්‍රිකට් පරිපාලනය ඉක්මනින් තීන්දුවක් ගත යුතුව ඇති අතර වත්මන් ක‍්‍රීඩා ඇමැතිවරයාද මේ සම්බන්ධයෙන් දැනුවත් විය යුතුව ඇත. නැතහොත් තවත් වසරක් හතුරුසිංහට නිකන් පඩි ගෙව්වහොත් ලක්ෂ 800 ක් පමණ ශ‍්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍්‍රී ලංකා ක‍්‍රිකට් වලට අහිමි වනු ඇත.

හතුරුසිංහ යනු ශී‍්‍ර ලංකා ජාතිකයෙකි. ඔහුව හොඳ නැති බව ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් හිටපු ක‍්‍රීඩා ඇමැතිවරයාට පවසා තිබියදීත් සද්භාවයෙන් හතුරු ක‍්‍රිකට් කොන්ත‍්‍රාත්තුව ලිහා දැමුවේ නම් ඔහු විශිෂ්ට වනු ඇත.

හිටපු බංග්ලාදේශ පුහුණුකරු ස්ටීවන් රෝඞ්ස්ගේ කොන්ත‍්‍රාත්තුව තවත් මාස කිහිපයක් තිබියදී අවසන් කිරීමට බංග්ලාදේශ ක‍්‍රිකට් පසුගියදා කටයුතු කළේය. එ් ස්ටීවන් සහ බංග්ලාදේශ ක‍්‍රිකට් ආයතනය සුහදව වූ කතා බහකින් පසුවය. ස්ටීවන්ටද හතුරුසිංහ මෙන් නිකන් පඩි ගැනීමට තිබුණි. නමුත් ඔහු නිහතමානීව තමාව එපා කියද්දී වැටුප් ගැන නොසිතා යන්නට ගියේය. හතුරුසිංහ පැමිණීමට පෙර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන පුහුණුකරුවා වූ ග‍්‍රැහැම් ෆෝඞ් කොන්ත‍්‍රාත්තුව අතරමග නවතා දමා ස්ව කැමැත්තෙන්ම යන්න ගියේය. එ් ඔහුට නිදහසේ රාජකාරි කිරීමට හැකි වාතාවරණයක් නොතිබීමෙන් බව වාර්තා වුවද එ් සම්බන්ධව ෆෝඞ් මාධ්‍යයට කිසිවක් නොකියා රාජකාරියෙන් සමුගත්තේය.

චන්දික හතුරුසිංහ ශ‍්‍රී ලංකාවට පැමිණීමට පෙර ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ සමග කළ සාකච්ඡුාවකදී පවසා සිටියේ ‘‘මට ඕන විදිහට හැම දේම වෙන්න ඕන. මොකද පරාජයට වගකියන්න ඕන මම නම් මට ඕන විදිහට වැඩ කෙරෙන්න ඕන. එහෙම වෙන්නෙ නැතිනම් මට ගහක් යට හරි පුහුණුකරු රස්සාව කරන්න පුළුවන්.’’ යනුවෙනි. එසේ කී හතුරුසිංහ පුහුණුකරුවකු ලෙස ගොඩනගා ගත් කීර්තිනාමය මේ යන විදිහට හෑල්ලූ වෙමින් තිබේ.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නමැති නෞකාව ගිලෙන්නේ නිසි සැලසුමක් නැතිව අත්සන් කරන ලද කොන්ත‍්‍රාත්තුවලින් බව ඉතිහාසයේ ඕනෑ තරම් සාක්ෂි තිබේ. එ් අනුව තවදුරටත් හතුරුසිංහ සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කොන්ත‍්‍රාත්තුවට නිසි විසඳුමක් නොලැබුණහොත් මිලියන ගණනක් අපතේ යන බැවින් අදාළ බළධාරීන් එ් සම්බන්ධයෙන් නිසි ක‍්‍රියාමාර්ග ගත යුතුව තිබේ. වත්මන් ක‍්‍රිකට් ආයතනය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඔසවා තබන්නට මේ දිනවල වෙහෙස වෙද්දී ඔවුන්ට පෙර සිටි ක‍්‍රිකට් ප‍්‍රධානීන්ගේ කුණු සේදීමටද සිදුව තිබීම විශේෂත්වයකි. කෙසේ වෙතත් අනාගතයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඔසවා තබන්නට මේ වන විට විදෙස් පුහුණුකරුවන් සිව්දෙනකු ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය විසින් සොයාගෙන ඇති අතර එහිදී ප‍්‍රධාන පුහුණුකරු වශයෙන් මිකී ආතර්, පිතිකරණ පුහුණුකරු වශයෙන් ග‍්‍රාන්ට් ෆ්ලවර්, පන්දු රැුකීමේ පුහුණුකරු වශයෙන් ක්‍රෙග් මැක්ඩොමට් සහ වේග පන්දු පුහුණුකරු වශයෙන් ඬේවිඞ් ෂකර් තෝරාගෙන තිබේ.

අසේල විතාන
divaina
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හතුරුසිංහ ගෙදර ඉදන් මසකට ලක්‍ෂ 70ක් පඩි ගනී.. හතුරුගේ වාසනාව.. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අවාසනාව…
හතුරුසිංහ ගෙදර ඉදන් මසකට ලක්‍ෂ 70ක් පඩි ගනී.. හතුරුගේ වාසනාව.. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අවාසනාව…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiNfQ86UT0Xd_spVMr9Ii4MB_fuDi6hxO05qWehwxk_q48w1CjLZQqWnBPRc1PqhrnvzMDYdumkyyrmO5AX87iId4oGJlCgGML2T1ig3GVKmyZecngTtZThyphenhyphenuok6Ns7cFgrzsqW1TryK9ad/s320/hathuru58.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiNfQ86UT0Xd_spVMr9Ii4MB_fuDi6hxO05qWehwxk_q48w1CjLZQqWnBPRc1PqhrnvzMDYdumkyyrmO5AX87iId4oGJlCgGML2T1ig3GVKmyZecngTtZThyphenhyphenuok6Ns7cFgrzsqW1TryK9ad/s72-c/hathuru58.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/12/70.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/12/70.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy