පා ස්කු ඉරිදා (21) ප්‍රහාරයෙන් බරපතල කඩාවැටීමකට ලක්ව තිබෙන රට යළි ස්ථාවර කර ගැනීම සඳහා ඉතා කෙටි කාලයකට සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන ලෙස ශ...
පාස්කු ඉරිදා (21) ප්‍රහාරයෙන් බරපතල කඩාවැටීමකට ලක්ව තිබෙන රට යළි ස්ථාවර කර ගැනීම සඳහා ඉතා කෙටි කාලයකට සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන ලෙස ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් ජනාධිපතිවරයාට යෝජනා කර ඇතැයි වාර්තා වේ. අනතුරුව එම බාරකාර ආණ්ඩුව යටතේ මහ මැතිවරණයක් පැවැත්වීම සුදුසු බවට යෝජනා කර ඇති එම කණ්ඩායම, ඒ සඳහා පොහොට්ටු පක්ෂයේ ප්‍රධානීන්ගේ ද අනුමැතිය ලැබෙනු ඇතැයි ජනාධිපතිවරයාට පවසා ඇතැයි ද ඔහු සඳහන් කළේය.
එවැනි සර්ව පාක්ෂික ආණ්ඩුවකට එජාප ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ ද සහය පලවී ඇති බවත් එම තත්වය තුල පාර්ලිමේන්තුවේ බහුතරය සම්බන්ධයෙන් ගැටළුවක් මතු නොවන බවට එම ශ්‍රීලනිප කණ්ඩායම ජනාධිපතිවරයාට පැහැදිලි කර ඇතත්, එවැනි ආණ්ඩුවක අගමැති විය යුත්තේ කව්දැයි යන කාරණය සම්බන්ධයෙන් කිසිවක් සඳහන් කර නැතැයි ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.
අමුණුගම එළිපිට කියයි :
මේ අතර ඊයේ (08) පාර්ලිමේන්තුව ඇමතු ශ්‍රීලනිප මන්ත්‍රී, හිටපු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා, ''මේ ආණ්ඩුව නෙරපා හැර සරත් ෆොන්සේකා, පාඨලි චම්පික රණවක වැනි තාක්ෂණික දැනුම ඇති අය ඇමැතිධුර දරන සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ පැවැති විවාදයේදී අදහස් දැක්වූ අමුණුගම මහතා, ආත්ම ගෞරවයක් ඇත්නම්
අගමැතිවරයා ඇතුළු ඇමැති මණ්ඩලය වහා ඉල්ලා අස්විය යුතු බවද කීවේය.
ඉල්ලා අස්වන්නේ නැති නම් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුව නෙරපා හැර සියලූ පක්ෂ නියෝජනය වන ඇමැති මණ්ඩලයක් සහිත ආණ්ඩුවක් සැදිය යුතු බව කී අමුණුගම මහතා, එසේ කළ නොහැකි නම් ඡන්දයකට යන ලෙසද පැවැසුවේය.
ඡන්දයකට යාමටද ජනාධිපතිවරයාට නොහැකි නම් වහා ජනාධිපතිවරණයක් පවත්වා තීන්දුවක් ගැනීමේ අයිතිය ජනතාවට ලබා දෙන ලෙසද හෙතෙම ප්‍රකාශ කළේය.
අමුණුගම හිටපු අමාත්‍යවරයාගේ කතාවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙන උණුසුම් ප්‍රතිචාරයක් ලැබිණ.
-srilankamirror

COMMENTS