පා ස්කු ඉරිදා දිනයේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කරන ලද බෝම්බකරුට අයත් වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවට අබල...
පාස්කු ඉරිදා දිනයේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කරන ලද බෝම්බකරුට අයත් වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවට අබලි තඹ ටොන් 5000 සහනදායි මිලට ලබා දෙන්නැයි නිර්දේශ කළ ජනාධිපති වරයාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කල වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නැයි එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇත.
අදාල තම කර්මාන්ත ශාලාවට අබලි තඹ ටොන් පන්දාහක් පමණ ලබා දෙන්නැයි ඉල්ලමින් ශාන්ත බණ්ඩාර මහතා ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කරද්දී කාර්මික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වෙත ලිපියක්ද යොමුකර ඇති බව එම මන්ත්‍රීවරුන් පෙන්වා දෙයි.
අදාළ කර්මාන්ත ශාලාව විසින් නිෂ්පාදනය කරන තඹවලින් රටට විශාල විනිමය ආදායමක් ලබා දෙන බවද ලිපියේ සඳහන් කර ඇතැයි එජාප මන්ත්‍රීවරුන් කියති.
මෙම කර්මාන්ත ශාලාව වැඩිදියුණු කරගැනීමට ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමක් අනුව අබලි තඹ ටොන් 5000 සහනදායි මිල නිකුත් කරන්නැයි එම ලිපියෙන් ශාන්ත බණ්ඩාර මහතා ඉල්ලා ඇතැයි එජාප මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කළේය.

COMMENTS