නුවරඑලිය අර්තාපල් වගාව ලෝව වටා ප්‍රචලිත කිරිමේ අරමුණින් සහ දේශිය අල ගොවියා රැක ගැනිම සදහා නුවරඑලිය ග්‍රැන්ඩ් හෝටලය මගින් අර්තාපල් පුඩිමක් ...
නුවරඑලිය අර්තාපල් වගාව ලෝව වටා ප්‍රචලිත කිරිමේ අරමුණින් සහ දේශිය අල ගොවියා රැක ගැනිම සදහා නුවරඑලිය ග්‍රැන්ඩ් හෝටලය මගින් අර්තාපල් පුඩිමක් අද (16) පිලියෙල කර පිලිගන්වනු ලැබුනි.
නුවඑලිය වසන්ත උදානයට සමගාමිව නුවරඑලිය ග්‍රැන්ඩ් හෝටලයේ පාලන අධිකාරිය සහ එම හෝටලයේ සාමාන්‍යධිකාරි රිෆාන් රෂිෆ් මහතා විසින් මෙම පුඩිම පිලියෙල කිරිමේ වැඩසටහන සංවිධානය කර තිබුණි. අර්තාපල් පුඩිම පිලියෙල කිරිම ක්‍රිඩා අමාත්‍යය හරින් ප්‍රනාන්දු මහතා සහ හිටපු ක්‍රිකට් ක්‍රිඩක කුමාර සංගක්කාර නුවරඑලිය මහනගර සභවේ පුරපති චන්දනලාල් කරුණාරත්න යන මහතුන්ගේ සහභාගිත්වයෙන් සහ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
නුවරඑලිය ග්‍රැන්ඩ් හෝටලයේ ප්‍රධාන සුපවේදි ප්‍රියන්ත විරසිංහ සහ ඉන්දියානු ප්‍රධාන සුපවේදියෙකු වන රනිද්ර් සින් මහතා ඇතුළු ග්‍රැන්ඩ් හෝටලයේ සුපවේදින් 15 ආසන්න පිරිසක් මෙම අර්තාපල් පුඩිම පිලියෙල කිරිමේ අවස්තාවට සහභාගි විය. අර්තාපල් කිලෝ 15 , එලගි තෙල් බෝතල් 2 , සිනි කිලෝ 2.500 , රාසින් කිලෝ 2 , වියළි මිදි කිලෝ 2, කජු කිලෝ 2 , කරදමුංගු , කහ ,යොදා ගනිමින් කිලෝ 25 ක අර්තාපල් පුඩිමක් පිලියෙල කරන ලදි.
මෙම අර්තාපල් පුඩිමට සමගමිව නුවරඑලිය ග්‍රැන්ඩ් හෝටලය මගින් දේශිය අර්තාපල් වලින් පිලියෙල කරන ලද ආහාර ද්‍රව්‍යය ඇතුළු අතුරුපස වර්ග 100 ක ප්‍රදර්ශ කුටියක්ද පැවැත්වු අතර එම ප්‍රදර්ශන කුටිය නැරඹිමට ආරාධිතයන් මෙන්ම දෙස් විදෙස් සංචාරකයන්ද එක් වි සිටියහ. මෙම අවස්තාවට සහභාගි වු අමාත්‍යය හරින් ප්‍රනාන්දු මහතා කියා සිටිය දේශිය අර්තාපල් ගොවියා ප්‍රවර්ධන කිරිමටත්, දේශිය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිමටත්,අර්තාපල්වලින් මෙවැනි ආහාර ද්‍රව්‍යය සහ අතුරුපස පිලියෙල කර ප්‍රවර්ධනය කිරිම පැසසිය යුතු කරුණක් බවයි.
ඉකුත් වසරේද නුවරඑලිය ග්‍රැන්ඩ් හෝටලය මගින් අර්තාපල් වලින් චෝකලට් කෙක් එකක් පිලියෙල කර ගිනස් වාර්තාවක් ද පිහිටවනු ලැබුනි. අර්තාපල්වලින් පිලියෙල කරන ලද ආහාර වර්ග සහ අතුරුපස ඇතුලත් ප්‍රදර්ශන කුටිය මේ මස 22 දින දක්වා නොමිලේ ප්‍රදර්ශනයකිරිමට 22 දින අර්තාපල් වලින් පිලියෙල කරන ලද විශේෂ සුප්ා පානයක් දෙස් විදෙස් සංචාරකයන්ට නොමිලේ ලබා දිමට ග්‍රැන්ඩ් හෝටලයේ පරිපාලය නිලධාරින් කටයුතු කර ඇත.
– හැටන් රංජිත් රාජපක්ෂ

COMMENTS