දැ නට පවතින සාම්ප්‍රදායික විදුලි පහන් වෙනුවට කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල කාර්යක්ෂම එල්.ඊ.ඩී. (LED) වීදි ලාම්පු සවි කිරීම, පොදු Wi-Fi සහ වීඩියෝ...
දැනට පවතින සාම්ප්‍රදායික විදුලි පහන් වෙනුවට කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල කාර්යක්ෂම එල්.ඊ.ඩී. (LED) වීදි ලාම්පු සවි කිරීම, පොදු Wi-Fi සහ වීඩියෝ ආරක්ෂණ නිරීක්ෂණ ජාලයක් සැකසීමේ කොන්ත්‍රත්තුව කොරියානු ටෙලිකොම් සමාගම හෙවත් කේ.ටී. කෝපරේෂන් (KT Corporation) වෙත ලබාදීමෙන් රජයට රුපියල් මිලියන 16,500කට ආසන්න අලාභයක් සිදුව ඇතැති බවට තොරතුරු වාර්තා වේ.
අභ්‍යන්තර කටයුතු හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුව පසුගිය සතියේ මෙම කොන්ත්‍රාත්තුව කොරියානු ටෙලිකොම් සමාගම වෙත ලබාදීමට කැබිනට් අනුමැතිය ද හිමිවිය.
මේ කොන්ත්‍රාත්කරුවා තෝරා ගැනීමේදී ‘ස්විස් චැලේන්ජ් ක්‍රමවේදය’ නිසි ලෙස අනුගමනය කර නොමැති බව වාර්තා වේ.
කාර්යක්ෂම එල්.ඊ.ඩී. විදුලි පහන් සවිකිරීම වෙනුවෙන් වන ව්‍යාපෘතිය සම්බන්ධව අමාත්‍යාංශය ‘ස්විස් චැලේන්ජ් ක්‍රමවේදය’ නිසි ලෙස ක්‍රියාවේ යෙදවූවා නම් ඒ සඳහා ඉදිරිපත් වීමට ජාත්‍යන්තර සමාගම් කිහිපයක් සූදානම්ව සිටි බවත්, එහෙත් එවැන්නක් සිදු නොවූ නිසා අදාළ අවස්ථාව එම සමාගම් වෙත අහිමිව ඇති බවද මේ අතර වාර්තා වේ.
එහි දී එම සමාගම් මෙම ව්‍යාපෘතියට අදාළව තමන් සූදානම් කරගෙන සිටි යෝජනා සැලකිල්ලට ගන්නා ලෙස දක්වමින් එම යෝජනා ආණ්ඩුවේ ප්‍රබලයන් කිහිප දෙනෙකු වෙත ලබා දී ඇති බව ද මේ අතර වාර්තා වේ.
‘ජර්මනියේ සීමන්ස්’ ආයතනය ද මේ සඳහා යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන්ද එතරම් සැලැකිල්ලක් දක්වා නොමැති බව පැවසේ.
වසර 2017 දී අදාළ සමාගමටම මෙම කොන්ත්‍රාත්තුව ලබාදීමට එවකට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාව සිටි ෆයිසර් මුස්තාපා මහතා උත්සාහයක යෙදුනු බව පැවසෙන අතර ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව ලබා දුන් නිර්දේශ අමාත්‍යවරයා විසින් නොසලකා හැරීම නිසා මේ සඳහා කැබිනට් අනුමැතිය නොලැබිණි.
කෙසේවුවද, වත්මන් අමාත්‍යවරයා පැමිණ මාස 6ක් ඉක්ම යන්නට ද පෙර අදාළ කොන්ත්‍රාත්තුව කොරියානු සමාගම වෙත ලබාදීම සම්බන්ධයෙන් සැකයක් මතුව ඇතැයි ද මේ අතර වාර්තා වේ.
කොරියානු ටෙලිකොම් පැටිකිරිය හරි නෑ
මේ අතර, ව්‍යාපෘතිවල තීන්දු තීරණ ගන්නා ප්‍රධාන නිලධාරීන්ට අල්ලස් ලබාදීම සඳහා අදාළ කොරියානු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා විසින් අරමුදලක් පවත්වාගෙන ගිය බවට චෝදනා ද එල්ලව ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.
කොරියානු ටෙල්කොම් සමාගමේ විශේෂඥ දැනුම ඇත්තේ සංනිවේදන තාක්ෂණය සඳහා වන අතර අදාළ එල්.ඊ.ඩී. (LED) වීදි ලාම්පු නිෂ්පාදනය ඇතුළු තාක්ෂණික කටයුතු සිදු කිරීම ඔවුන් වෙනත් සමාගමක් වෙත උප කොන්ත්‍රාත්තුවක් දෙනු ඇති බවද පැවසේ.

COMMENTS