පා ස්කු ඉරිදා ශ්‍රී ලංකාව පුරා ස්ථාන කිහිපයකදී එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර සම්බන්ධයෙන් බදාදා (අප්‍රේල් 24) පාර්ලිමේන්තුවේ පැවති හදිසි විවා...
පාස්කු ඉරිදා ශ්‍රී ලංකාව පුරා ස්ථාන කිහිපයකදී එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර සම්බන්ධයෙන් බදාදා (අප්‍රේල් 24) පාර්ලිමේන්තුවේ පැවති හදිසි විවාදය අමතා අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා, විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා සහ ජාතික තවුහීද් ජමාත් සංවිධානය අතර පවතින සම්බන්ධය ගැන බරපතල ප්‍රශ්න පවතින බව කියා සිටියේය.
එම සම්බන්ධතාව මෙන්ම ජාතික තවුහීද් ජමාත් සංවිධානය සහ වෙනත් දේශපාලන නායකයන් හා හිටපු ආරක්ෂක නිලධාරීන් අතර පැවති සම්බන්ධතා ගැන ද විමර්ශන පැවැත්විය යුතු බව ඔහු සඳහන් කළේය.
එවකට ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෑතදී නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා වශයෙන් පත්කරනු ලැබිණ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් නිදහස් කළේ කව්ද ?
පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ එක් ප්‍රහාරකයෙක් පසුගිය දෙසැම්බර් මාසයේ මාවනැල්ල සහ මහනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නිදහස් කරන ලද පුද්ගලයෙකු බව එම ප්‍රදේශය නියෝජනය කරන අමාත්‍ය කබීර් හෂීම් මහතා මාධ්‍ය වෙත පවසා තිබුණි.
එසේ බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ අදාළ පුද්ගලයා නිදහස් කරන මෙන් දේශපාලන බලපෑම් එල්ල වූ බවට වාර්තා පළ වී තිබිණ.
ප්‍රහාරය අවස්ථාවේ අමාත්‍ය කබීර් හෂීම් මහතා ලබා දුන් නායකත්වය පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අගය කළ එම්.ඒ. සුමන්දිරන් මන්ත්‍රීවරයා, ඇතැම් රැඩිකල් මුස්ලිම් කණ්ඩායම් පිළිබඳව මුස්ලිම් ජනතාව මීට වසර කිහිපයකට ඉහතදී ආණ්ඩුවේ රහස් ඔත්තු සේවාවලට දැනුම් දී තිබුණු බවත් පෙන්වා දුන්නේය.
ඔක්තෝබර් 26 වෙනි දින අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පදවියෙන් පහකරනු ලැබීමෙන් අනතුරුව උද්ගත වූ දේශපාලන අර්බුදය හමුවේ අගමැතිවරයා යළිත් බලයේ පිහිටුවන ලද නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් "නීති විරෝධී ලෙසින්" පොලිස් දෙපාර්තමේන්තුව තමන් යටතට පත්කරන ලද බවට චෝදනා කළ සුමන්දිරන් මන්ත්‍රීවරයා, එබැවින් "වලක්වාගත හැකිව තිබුණු" පාස්කු සිකුරාදා ප්‍රහාර සම්බන්ධයෙන් වගකීම භාරගත යුතු පළමු පුද්ගලයා ජනාධිපතිවරයා බව පෙන්වා දුන්නේය.
19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුව, නීතිය හා සාමය අමාත්‍යංශයට යටතට පත්විය යුතු පොලිස් දෙපාර්තමේන්තුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පවරා ගනු ලැබීම "ව්‍යවස්ථා විරෝධී" බව තමන් මීට ඉහතදීත් පෙන්වා දුන් බව ද ජනාධිපති නීතිඥ සුමන්දිරන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පාස්කු ඉරිදා ශ්‍රී ලංකාව පුරා ස්ථාන කිහිපයකදී එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් මියගිය පිරිස 359 ක් බව බලධාරීහු පවසති.
ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට 60 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව ද පොලිසිය පවසයි.
එම ප්‍රහාර වැළැක්වීමට සහ රටේ ආරක්ෂාව සහතික කිරීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් රාජ්‍ය නායකයා සහ ආරක්ෂක කටයුතු භාර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා වගකිව යුතු බවට බරපතල චෝදනා එල්ලවෙමින් පවතී.
ඊයේ (24) පැවති හදිසි විවාදය අමතා අදහස් දැක්වූ එම්.ඒ. සුමන්දිරන් මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් සෘජුවම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට චෝදනා එල්ල කළේය.

COMMENTS