දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නාමල් රාජපක්‍ෂට තරුණ සේවා සභාපතිගෙන් ජංගි-කොණ්ඩම් ප‍්‍රහාරයක් !
Homeප්‍රවෘත්ති

නාමල් රාජපක්‍ෂට තරුණ සේවා සභාපතිගෙන් ජංගි-කොණ්ඩම් ප‍්‍රහාරයක් !

PropellerAds

වී රවිලදී පැවති ‘යොවුන්පුරය’ වැඩසටහන අවසානයේ පරිසරයට විශාල හානියක් සිදු කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා විසින් පෙන්ව...

රාජිත සේනාරත්නට ඇප
සහල් කවරයේ මී කුණක්.. පොලොන්නරුවේ ප‍්‍රසිද්ද මෝලක නිෂ්පාදනයක්
කොරෝනා ආසාදිතයින් ගණන 1859 ක් දක්වා ඉහළට
වීරවිලදී පැවති ‘යොවුන්පුරය’ වැඩසටහන අවසානයේ පරිසරයට විශාල හානියක් සිදු කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා විසින් පෙන්වා දීම සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල කරමින් ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ විසින් සිය ෆේස්බුක් ගිණුමේ ප‍්‍රතිචාර සටහනක් පල කර ඇත.

ඊට පිලිතුරු ලෙස කොළඹ නාගරික මන්ත‍්‍රී මිලින්ද රාජපක්‍ෂ මහතා සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇත්තේ මෙවන් සටහනකි.

එරන්ද වැලිංගෙ මිත්‍රයා, (සභාපතිතුමා)
මේ සටහන ලියන්නේ අනුකම්පාවෙනි.

එරන්ද වැලිංගේ කාගේ කවර පුතෙක්දැයි මට අදාළ නැත. මම එරන්ද වැලිංගේ, එරන්ද වැලිංගේ හැටියට පමණක්ම දකිමි. වැලිංගේ අද නායකත්වය දෙන ජාතික තරුණ සේවා සභාවට මමද වසර තුනකට වැඩි කාලයක් තිස්සේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක වරයා ලෙස නායකත්වය දුන් නිසාත්, වැලිංගේ ගේ දේශපාලන කඳවුරට ප්‍රතිවිරුද්ධ කඳවුරේ තරුණ සංවිධානය නියෝජනය කරන නිසාත්, නාමල් රාජපක්ෂගේ පෞද්ගලික සහ වෘත්තීය මිතුරෙක් නිසාත්, සිරස දවස වැඩසටහනේ වැලිංගේ සහ මා අලුත් දේශපාලන සංස්කෘතියක් හදන හැටි ගැන අපක්ෂපාතීව පොර ටෝක් දී සති දෙකක්වත් ඉක්ම නොගිය නිසාත් වැලිංගේ තරුණයාට, මිත්‍රයාට, සභාපතිතුමාට පිළිතුරක් ලිවීම මගේ යුතුකමකි.

එජාප රජයේ පූර්ණ ආශිර්වාදයෙන් ජාතික තරුණ සේවා සභාවේ සහ තවත් අයගේ සංවිධාන ශක්තියෙන් වීරවිල ප්‍රදේශයේ මීට සති දෙකකට පමණ පෙර පැවැත්වූ යොවුන්පුරය නමැති නේවාසික තරුණ කඳවුර අවසානයේ ඊට සහභාගී වූවන් සහ සංවිධායකයන් විසින් එහි පරිසරයට ඉතිරිකර දමා ගිය ප්ලාස්ටික්, පොලිතින් ඇතුළු කුණු කසල ගොඩ පෙන්වීමේ කිසිදු වරදක් මම නොදකිමි. පරිසරය ගැන විශාල කතාබහක් තියෙන අවධියක, මැයිරැළිය හා ජනබලය කොළඹට පසු නාමල් මන්ත්‍රීවරයා සමග තරුණ අපි ප්ලාස්ටික් සහ කුණුකසල මනා ලෙස බැහැර කරමින් ආදර්ශයක් දී තිබූ නිසාත්, වීරවිල අයිති හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස නාමල් රාජපක්ෂ එසේ නොකලා නම් තමයි පුදුම විය යුත්තේ.

ඔබ සංවිධානය කළ වැඩසටහන අවසානයේ ඉතිරිවන දෑ ඉවත් කොට එම පරිසරය තිබූ ලෙසින්ම තබා යෑම ඔබේ වගකීමයි. එජාපයේ නායකයන්ගෙන් එහෙමත් නැත්නම් ආණ්ඩුවේ නායකයන්ගෙන් නාමල් ඇසුවේ සරල ප්‍රශ්නයකි. එනම් “ඔබලා රටේ තරුණ පරම්පරාවට දෙන ආදර්ශය මෙයද?” යන්න පමණී. රටේ වගකිවයුතුම රාජ්‍ය නිළධාරියකු ලෙස, තරුණ කටයුතු පිළිබද අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස නිහතමානීව තම වගකීම පිළිගන්නවා වෙනුවට සහ ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙනවා වෙනුවට වැලිංගේ මහතා ජංගියක් සහ කොන්ඩමයක් අල්ලාගත්තේ ඇයි දැයි මට නොතේරේ.

නාමල් මන්ත්‍රීතුමා දුටුවේ පරිසර දුෂණයයි. රාජකාරියේ මගහැර ගිය කොටසයි. විනය පිලිබද ගැටලුවයි. වැලිංගේ සභාපතිතුමා දුටුවේ ජංගිය සහ කොන්ඩමයයි. නාමල්ගේ දේශපාලන පරිණතභාවය සහ වැලිංගේ ගේ පරිපාලන පරිණතභාවය ගැන එතනින් එහාට කතා කරන්න දෙයක් නැත.

පසුගිය සතියේ ඔබත් මමත් කතා කලේ පරණ දේශපාලනය වෙනුවට අලුත් දේශපාලන සංස්කෘතියක් හදන හැටියි. නමුත් ඔබ තවමත් මහින්ද රාජපක්ෂ කෙරෙහි ඇති ක්‍රෝධය සහ වෛරයෙන් ඔහුවත් මෙයට ඈඳමින් බාල ad hominem චරිත ඝාතනයක් කිරීමෙන් පෙන්නුම් කරන්නේ ඔබත් අයත් වන්නේ ඒ පරණ මඩ දේශපාලන සංස්කෘතියටම බවයි. ඔබ නාමල්ට පිළිතුරු දිය යුතුව තිබුණේ කුණුහරප ලියා ඔහුට කෑ කෝ ගසා බැන වැදීමෙන් නොවෙයි. ඔබට තිබුනා වහාම නිළධාරින් යවලා ඒ භූමිය ලස්සනට සුද්ද කරලා සාගල ඇමතිතුමා අතින් කුඹුක් ගස් ටිකකුත් හිටවලා ඔබේ වගකීමේ සහ සංවිධාන ශක්තිය පෙන්වන්න. නමුත් ඔබ තෝරාගත්තේ අර ඉතුරුවෙලා තිබ්බ කුණුගොඩ වගේම ගදගහන මගක්, මිත්‍රයා.

නාමල් රාජපක්ෂට මා ගරු කරන්නේ ප්‍රධාන කාරණා තුනක් නිසා. පළමුවැන්න තමා ඔහු කවදාවත් තව කෙනෙක්ගේ චරිතයට නින්දා අපහාස නොකරන නිසා. එහෙම අපහාස කරපු තැනක් තියෙනවනම් ඒකත් අරගෙන එන්න අලුත් විවාදයකට. ඒ විතරක් නෙමෙයි අනුන්ට මඩගහන පෝස්ට් එකක්වත් නාමල් ශෙයා කරන්නෙත් නෑ. ඔයාගෙ පෝස්ට් එක අසංවර වෙන්නෙ ඒ නිසා.

දෙවැන්න තමා සමකාලීන දේශපාලන සගයන්ට, පක්ෂ විපක්ෂ බේදයකින් තොරව නාමල් මන්ත්‍රීවරයා ගරු කරන විදිය. සංවාදයේ යෙදෙන විදිය. මේ කුණු ප්‍රශ්නය මතුකරන්න කලින් නාමල් ට්වීටර් අකවුන්ට් එකෙන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ඉන්න බොහොමයක් මන්ත්‍රීවරු සහ ඇමතිවරු එක්ක සංවාදයේ යෙදිල තියෙනවා. පසුගියදා නාමල් මන්ත්‍රීතුමාගේ උපන්දිනයට සුභ පතල ඔහු මගේ පොතට ලියපු පසුවදන මම ෆේස්බුක් එකේ දැම්ම. නිවාඩු වෙලාවක කියවන්න. ඔයාගෙ පෝස්ට් එක කුණු වෙන්නෙ ඒ නිසා.

තුන්වැන්න තමා ඔහු තම තාත්තා කියන සාධකය කළමනාකරණය කරන විදිය. වැලිඅංග, ඔබ මහින්ද රාජපක්ෂට ක්‍රෝධ කරන්නෙත් මම මහින්ද රාජපක්ෂට ආදරේ කරන්නෙත් ඔහු අපේ පරම්පරාවටත් උපදින්න ඉන්න තව දාහක් දරු පරම්පරා වලටත් නිදහස සහ සෞභාග්‍යය උදාකර දුන් නිසයි. නාමල් කියන්නෙ ඒ මහින්දගෙ පුතා. මහින්ද කියන තාත්තා නාමල්ට විතරක් නෙමෙයි රටටම ‘අප්පච්චි’ කෙනෙක් වුනා. ඒත් මට පෙන්නන්න නාමල් කරපු එක කතාවක්, එක එෆ්බී පෝස්ට් එකක්, එක ට්වීට් එකක්, මහින්ද ජනාධිපතිතුමා එහෙමත් නැත්නම් තමුන්ගෙ තාත්තාගෙ බලය හෝ ජනප්‍රියත්වය මතින් දේශපාලනය කරන. ඔයාගෙ පෝස්ට් එක අවිනීත මඩ ගොඩක් වෙන්නෙ ඒ නිසා.

වැලිඅංග සභාපතිතුමනි, මම එහෙම කියන්නෙ ඔයා ‘උත්තරේ’ ලියල තිබ්බෙ සභාපති විදියට. මම ඒකට උත්තරයක් නොකියා ‘පෝස්ට්’ එකක් කියල කියන්නෙ මේ අසංවර, කුණු, අවිනීත මඩ ගතිය නිසා.

මම මේ පොස්ට් එකට ‘එරන්ද ප්‍රශ්නය’ කියන්නෙ, ඔයා උත්තරේ යැයි කියපු ලියවිල්ල ඔබත් මමත් අයිති නූතන දේශපාලන සංවාදය ගැන කාළකන්ණි ‘ප්‍රශ්නයක්’ පමණක්ම ඇතිකරන නිසා.

ඔබ එජාපයෙන් පාර්ලිමේන්තු යාවි. හැබැයි 21 වැනි සියවසේ තාරුණ්‍යය ඉල්ලන දේශපාලනය මතින් නොව ඉතුරුවෙලා තියන තෙවරප්පෙරුම චන්ද වලින්.

මිත්‍රයා, ඔයා පරක්කු නෑ. නාමල් ප්‍රශ්නෙත් එක්කම විසදුමක් දීල තිබ්බ. ඔයා නිළධාරින් එක්ක ඇවිත් කුණු සුද්ද කරන්න. අපි නාමල් එක්ක ඇවිත් පැළ හිටවන්නම්. කැමති නම් ඔයාගෙ තාත්තටත් එන්න කියන්න. මගෙ තාත්තා නැතිවෙලා අවුරුදු 20ක්. ඒ හින්දා රටේම ‘තාත්ත’ වෙච්ච නාමල්ගෙ තාත්තට ආරාධනා කරල බලන්නම්. වැලිඅංග, ඔයත් අලුත් දේශපාලනයට ගොඩවෙන්න. අපි මග බලන් ඉන්නවා.

– Milinda Rajapaksha FB


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29339,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නාමල් රාජපක්‍ෂට තරුණ සේවා සභාපතිගෙන් ජංගි-කොණ්ඩම් ප‍්‍රහාරයක් !
නාමල් රාජපක්‍ෂට තරුණ සේවා සභාපතිගෙන් ජංගි-කොණ්ඩම් ප‍්‍රහාරයක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEioP65QwXt63sXOVwXpwBQjWEo1I7VrUZKElzltyzctDYC2JjeCsyc2MMtIS1HY_ZVCPnRa0Ffyr1BcSE1GIh1Rhqm7QZDxcjd_Pa58qS7u9esiZ3F1PkAEl-jjYMW0eGAkS0IXKUFi525G/s320/465465.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEioP65QwXt63sXOVwXpwBQjWEo1I7VrUZKElzltyzctDYC2JjeCsyc2MMtIS1HY_ZVCPnRa0Ffyr1BcSE1GIh1Rhqm7QZDxcjd_Pa58qS7u9esiZ3F1PkAEl-jjYMW0eGAkS0IXKUFi525G/s72-c/465465.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_971.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_971.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy