දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මට පිළිකාවක් - තාත්තා බැලුවෙවත් නෑ - ජයන්ත රත්නායක
Homeගොසිප්

මට පිළිකාවක් - තාත්තා බැලුවෙවත් නෑ - ජයන්ත රත්නායක

PropellerAds

ප්‍ර වීණ ගායක වික්ටර් රත්නායකගේ වැඩිමල් පුත් ජයන්ත රත්නායක පිළිකා රෝගී තත්වයක් හේතුවෙන් පීඩා විඳින බව කණගාටුවෙන් යුතුව වාර්තා කරන්නට සිදුව...

ශ්‍රීලනිපය- ඒකාබද්ධය එකතුවුණොත් හදන UNP - TNA ආණ්‌ඩුවේ ඇත්ත කතාව.
දෙසැ. 8-9 ආණ්ඩුවට තීරණාත්මකයි.
නෛතික බාධාවක් නැති තැන්වලට නාමයෝජනා කැඳවයි.
ප්‍රවීණ ගායක වික්ටර් රත්නායකගේ වැඩිමල් පුත් ජයන්ත රත්නායක පිළිකා රෝගී තත්වයක් හේතුවෙන් පීඩා විඳින බව කණගාටුවෙන් යුතුව වාර්තා කරන්නට සිදුව තිබෙයි. මේ හේතුවෙන් පසුගියදා කලා ශිල්පීන් එක්ව ඔහුට ආධාර පිණිස ප්‍රසංගයක්ද සංවිධානය කර තිබුණි. මෙම ප්‍රසංගයට ජයන්තගේ පියා වන වික්ටර් ආවේ නැත. තම පියා ඇමතුමක් හෝ ලබාදී තම සුවදුක් නොවිමසූ බවත් ප්‍රසංගයට පිරිස ආවේ තමා නිසා මිස පියා නිසා නොවන බවත් ජයන්ත සතිඅන්ත පුවත්පතකට පවසා තිබේ.

මේ ගැන කළ විමසීමේදී ජයන්ත මෙසේ කියා තිබේ.

'පිළිකා රෝගී තත්ත්වයට අදාළ මුල්ම ශල්‍යකර්මය කළේ පසුගිය ජුලි මාසයේ. දැන් මම දිගටම බෙහෙත් ගත්නවා. සති දෙකකට සැරයක් දින දෙකක් මම රෝහල් ගතවෙලා ප්‍රතිකාර ලබාගන්නත් ඕන, මම ශාරීරිකව වැටිලා නැහැ. මම බෙහෙත් ටික වෙලාවට අරගෙන සෞඛ්‍ය සම්පන්නව ඉන්නවා. 

ඔබ වෙනුවෙන් පසුගියදා ප්‍රසංගයක් පැවැත්වුණා. එය ඔබට කොයිතරම් ශක්තියක් වෙන්න ඇතිද? 

මම මංගල සාදවල, ප්‍රියසම්භාෂණවල සංගීතය සපයනවනේ. ඒ අතරතුර මගේ අසනීපය ගැන කතා කරද්දි මහේන්ද්‍ර පැස්කුවල්, ගයානාත් දහනායක, නිරංජලා මංජලී එකතුවෙලා මං වෙනුවෙන් ප්‍රසංගයක් කරන්න කතා කර ගෙන තිබුණා. මංජලී, ලොක්කා එක්ක එකතුවෙලා ලෙලුම්ටත් කතා කරලා තමයි මේ ප්‍රසංගය සංවිධානය කරලා තිබුණේ. මගේ හිත ශක්තිමත් කරන්න තමයි ඔවුන් මේ වගේ දෙයක් කළේ. ලෙලුම් මල්ලි තමයි මේක සුළුවෙන් කරන්න ඕන නෑ ලොකුවට කරමු කියලා දන්න දන්න අයට දුරකථන ඇමතුම් දීලා මේ ප්‍රසංගය ගැන කියලා තිබුණේ. පසුගිය 7 වැනිදා අදාළ ශිල්පීන් සතයක්වත් අය කරන්නේ නැතිව ප්‍රසංගයට ආවා. ප්‍රසංගය පැවැත්වුණේ මගේ පාසල වුණ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ. ප්‍රසංගය පවත්වන ශාලාව නොමිලේ ලැබුණ. ලෙලුගේ දුරකථන ඇමතුමට, මං වෙනුවෙන් මට තියන ළෙංගතුකම වෙනුවෙන් බොහෝ දෙනෙක් ප්‍රසංගයට ආවා. මේ තරම් ආදරයක් මට තියෙනවද කියලා මට හිතාගන්න බැරිවුණ.

ඔබ වෙනුවෙන් ඒ තරම් විශාල පිරිසක් එතරම් ඔබ මිනිස්සු හම්බ කරලා නියෙනවා නේද? 

මම අවුරුදු හතේ, අටේ ඉඳන් ක්ෂේත්‍රයේ අයව හඳුනන්නේ. පොඩි කාලේ ඉඳන් මාව දන්න ප්‍රවීණ, නවක හැමෝම මගේ ඇවතුම් පැවතුම් දන්නවා. එදා සුනිල් ආරීයරත්න මහත්මයා ඇවිත් මං ගැන කතාවක් කළා. ඒ කරපු කතාවෙන් මට හිතාගන්න බැරිවුණා මම එච්චර වටිනවද කියලා. මම වැඩ කරන විදිහ හැමෝම දන්නවා. ලතා වල්පොළ, සුනිල් පෙරේරා, රෝහණ වීරසිංහ ඇතුළු විශාල පිරිසක් මං වෙනුවෙන් ආවම මට හිතාගන්න බැරි වුණා. මම කැළලක් ඇති කර ගත්ත කෙනෙක් නෙමෙයි. මම ක්ෂෙත්‍රයේ කා එක්කවත් තරහා වෙලා. නැහැ, මම මහ ලොකු මිනිහෙක් නෙවෙයි. මම කාගෙවත් පුතා නිසා නෙවෙයි ඒ අය ප්‍රසංගයට ආවේ. එහෙනම් මේ පුතාගේ තාත්තා එතැන ඉන්න ඕනේන්නේ. ඇත්තටම මනුස්සකමට බොහෝ දෙනෙක් මං වෙනුවෙන් ආවා. ඇත්තටම ඒකන් මට ලොකු හයියක් චිත්ත ශක්තියක් දැනුණ. 

ඔබට අවශ්‍ය වෙලාවේ කලා ක්ෂේත්‍රයේ බොහෝ අය ඔබ ළඟ ඉන්නවා එහෙනම් ?

ඔව්. මට සති දෙකකට වරක් රෝහල්ගත වෙන්න වෙද්දිත් මගේ වාදක මණ්ඩල හිතවතුන් මාත් එක්ක නැවතිලා ඉන්නවා. සංගීත ක්ෂෙත්‍රයේ අය වගේම රංගන ක්ෂේත්‍රයේ අයත් මට ළෙන්ගතුයි. මම වරදක් නොකර හොඳින් ජීවත්වුණු නිසා තමයි හැමෝම මාත් එක්ක ඉන්නේ. හොඳ ජීවිතයක් ගත කළ එකේ ප්‍රතිඵලය මං අද විදිනවා. මගේ චිත්ත ශක්තිය සියයට දෙසීයකින් වැඩිවුණා. 

ඔබට අවශ්‍යම වෙලාවේ ඔබව අතහැරපු අයත් ඉන්නවා නේද? 

මම කෙනෙක්ට උදව්වක් කරලා තියෙනවා නම් මම කිසිම දෙයක් ආට බලාපොරොත්තු වෙලා නැහැ. නමුත් මට හිතුවාටත් වඩා උදවු කළ අය හිටියා. කොච්චර මනුස්සකම පිරී මිනිස්සුද ක්ෂේත්‍රයේ ඉන්නේ කියලා මට තේරුණ. මට ඒ අයගේ ආදරය දැනෙද්දි ඇස්වලට කඳුළු එනවා හුස්මත් හිරවෙනවා වගේ. මගේ පියාගෙන් දුරකථන ඇමතුමක්වත් ආවේ නැති වෙලාවක ක්ෂෙත්‍රයේ අයගේ ආදරය මට වැඩිපුර දැනෙනවා. 

ඔබේ පවුලේ අය ඔබ ගැන ගොඩක් හොයලා බලනවා නේද?

මගේ බිරියයි දුවයි ඉතාම හොදින් මාව බලාගන්නවා. පුතා නම් පිටරට ඉගෙන ගන්නවා. මගේ බිරියගේ පාර්ශ්වයේ අය ඒ වගේම මගේ මල්ලි ලෙලුගේ පවුලේ අය සහ මගේ නංගිගේ පවුලේ අය මට ගොඩක් උදවු ලබාදෙනවා. අසනීප තත්ත්වය නිසා ඔබේ සංගීත කටයුතු නතර කරලා නෑ නේද? නැහැ. මම භාරගත්ත මංගල සාද. උත්සවවලට යනවා. මට රෝහල්ගත වෙන සිදුවෙන දවසක මට වාදනය කරන්න තිබීබොත් මම එදාට වෙන කෙනෙක් යොමු කරනවා. මම දුර්වල වෙලා නැහැ. මට ගායන කටයුතු කරන්න පුළුවන්. 

ඔබට ආදරය කරන පිරිසට කියන්නත් යමක් ඇති

මම අසනීප වුණ වෙලාවේ මට තේරුණ දේ තමයි අපි යනකොට බලය, ධනය කිසි දෙයක් අරගෙන යන්නේ නෑ, මනුස්සකම සහ හොද දේවල් විතරයි අරගෙන යන්නේ කියලා. ඒ නිසා හැමෝටම කියන්නේ හොඳ දේවල් කරන්න. කවදාවත් වරදින්නේ නෑ කියන දේ තමයි.

සාකච්ඡා සටහන - තිළිණි විජේසිංහ
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මට පිළිකාවක් - තාත්තා බැලුවෙවත් නෑ - ජයන්ත රත්නායක
මට පිළිකාවක් - තාත්තා බැලුවෙවත් නෑ - ජයන්ත රත්නායක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg8458CDyb_Bmgfp_wUEsXgzG1cGJfiC_Fzeewzzl3eYVCTc9RamQebC3DArPZ1Vy4k0NdC3lWQltahbr_cKR8isUAA69c1zljQqMTyuvW75ixFrVIZUFT0KU2DmcXVi8J_jP4kaFBN-6o/s320/gossiplanka_2019-04-16-2531.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg8458CDyb_Bmgfp_wUEsXgzG1cGJfiC_Fzeewzzl3eYVCTc9RamQebC3DArPZ1Vy4k0NdC3lWQltahbr_cKR8isUAA69c1zljQqMTyuvW75ixFrVIZUFT0KU2DmcXVi8J_jP4kaFBN-6o/s72-c/gossiplanka_2019-04-16-2531.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_941.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_941.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy