අ ද පාර්ලිමේන්තුව විශේෂ සැසිවාරයක් ආරම්භයේදීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වනු ඇතැයි බලාපොරොත්තු වන බව එක්සත් ජනතා න...
අද පාර්ලිමේන්තුව විශේෂ සැසිවාරයක් ආරම්භයේදීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වනු ඇතැයි බලාපොරොත්තු වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.
මේ තරම් විශාල ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබියදී ආණ්ඩුව වහා ඉල්ලා අස්විය යුතු යයි කී ඒ මහතා වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදායය හිස්මුදුනින්ම පිළිගන්නා වික්‍රමසිංහ මහතා ඒ අනුව යමින් අද දිනයේ සිය ධූරයෙන් ඉල්ලා අස්වීම බලාපොරොත්තුවෙන් තමන්ද පාර්ලිමේන්තුවට යන බව කියා සිටියේය.
රටේ ජනතාවට ආරක්ෂාව සැපයිය නොහැකි ආණ්ඩුව තවදුරටත් බලයේ සිටීම කිසිසේත්ම සුදුසු නැති බව ද මන්ත්‍රීවරයා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් සදහන් කලේය.
කොටි සංවිධානය මෙරට ක්‍රියාත්මකව පැවති සමයේදී පවා සිවිල් ජනතාව ඉලක්ක කරමින් මේසා දරුණු ප්‍රහාරයක් එල්ල කර නැති බවද කී ඔහු දිගින් දිගටම බුද්ධි අංශ අඩපණ කිරීමේ ක්‍රියාවලිය සහ රණවිරුවන් සිරගත කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් ඉතා පහසුවෙන් දේශීය සහ ජාත්‍යන්තර ත්‍රස්ත කණ්ඩායම් මෙරට කෙළිබිමක් කරගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

COMMENTS