21 වනදා මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් කතෝලික පල්ලියදී මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදියා යැයි සැළකෙන තැනැත්තා මාධ්‍ය සාකච්ඡාව...
මෙම මාධ්‍ය සාකච්ඡාව ශ්‍රී ලංකා තව්හිද් ජමාත් සංවිධානය විසින් 2013 මාර්තු 20 වන දින කොළඹ නිපොන් හෝටලයේදී පවත්වා තිබෙන එකක්. එම තැනැත්තා අසලින් මාධ්‍ය අමතමින් සිටින්නේ බුදුන් වහන්සේට අපහාස කරමින් ප්‍රකාශ නිකුත් කළ එම සංවිධානයේ අබ්දුල් රසීක්දීන් නැමැත්තායි.
21 දා ප්‍රහාරයේ ප්‍රධානියා ලෙස සැලකෙන මොහොමඩ් සහරාන් ත්‍රස්තවාදියාද ‘ශ්‍රී ලංකා තව්හිද් ජමාත්‘ සංවිධානයේ කටයුතු කර ඇති අතර, ඔහු ‘ජාතික තව්හිද් ජමාත්‘ නමින් කාත්තන්කුඩිය කෙන්ද්‍ර කරගනිමින් සංවිධානයක් පිහිටුවාගෙන ඇති බව අනාවරණය වේ.
තව්හිද් ජමාත් නමින් පෙනී සිටින සියළුම කල්ලි කණ්ඩායම පොදුවේ ISIS ත්‍රස්ත මතවාදය මෙරට තුල ප්‍රචලිත කරන ත්‍රස්තවාදී අංකුර වන අතර පසුගිය සමයේ ගිංතොට හා ප් දේශ කිහිපයකම ඇතිවූ ගැටුම් පිටුපස ශ්‍රි ලංකා තව්හිද් ජමාත් කල්ලියේ සාමාජිකයක් ක්‍රියාත්මකව සිටි බවට අනාවරණය වී තිබුණා.
COMMENTS