දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඔබේ මුස්ලිම් සොයුරා ආරක්ෂ කර ගන්න - අමාත්‍ය මංගල සමරවීර
Homeප්‍රවෘත්ති

ඔබේ මුස්ලිම් සොයුරා ආරක්ෂ කර ගන්න - අමාත්‍ය මංගල සමරවීර

PropellerAds

පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවක් කර ගනිමින් ශ්‍රී ලාංකීය ජනතාව යළි යුධ මානසිකත්වයකට පිවිසිය යුතු නැති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණ...

අගමැති මහින්ද ඇමති මහින්දානන්දට දැඩිව බැණ වදී!
විශාල පිරිසකට දිවි අහිමි කළ පස්සර බස් රථ අනතුරේ රියදුරු හදිස්සියේ මියයයි
"මේක කුරුසයේ තබා ඇණ ගසන හා සමාන වැඩක්" - මන්ත්‍රී උද්ධික ආණ්ඩුවට දොස් කියයි
පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවක් කර ගනිමින් ශ්‍රී ලාංකීය ජනතාව යළි යුධ මානසිකත්වයකට පිවිසිය යුතු නැති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කර සිටියි.

රට තුළ ගොඩනැගෙමින් තිබුණ සහෝදරත්වය විනාශ කිරීමට කිසිවෙකුටත් ඉඩ නොදිය යුතු බව පවසන මුදල් අමාත්‍යවරයා, ලෝකය සමග එක්ව මේ ත්‍රස්තවාදය අතුගා දැමීමට අත්වැල් බැඳගත යුතු බවද අවධාරණය කරයි.
සියලු ජාතීන් එක්ව සහෝදරත්වය රැක ගනිමින් මතුව ඇති තත්ත්වයට මුණ දිය යුතු බවත්, එදිනෙදා ජීවිත ඒ ආකාරයෙන් ම ගත කරමින් දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

මුදල් අමාත්‍යාංශයේ (26) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය. එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

ජාත්‍යන්තර ත්‍රස්තවාදී ජාලයක ක්‍රියාකාරකමක්:
‘‘වසර 30ට වැඩි කාලයක් පැවැති යුද්ධයෙන් පසු රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව සහ සංවර්ධනය ක්‍රමානුකූලව ගොඩනගමින් තිබූ අවස්ථාවකයි මේ සිද්ධි මාලාව ඇති වුණේ. ඒ වගේම මෙය රට තුළින් ම ඇති වූ තත්ත්වයක් නොව ජාත්‍යන්තර ත්‍රස්තවාදී ජාලයක ක්‍රියාකාරකමක්.

2000 වසරෙන් පස්සෙ ගෙවී ගිය අවුරුදු 19ක විතර කාලය තුළ ජාත්‍යන්තර ත්‍රස්ත ක්‍රියාකාරකම් පස් ගණයකින් විතර ඉහළ ගිහින් තියෙනවා. ස්පාඤ්ඤය, ඊජිප්තුව, ඉන්දුනීසියාවේ බාලි දූපත්, ටියුනිසීයාව, මාලදිවයින වගේ රටවල් රැසකට මේ වගේ ප්‍රහාර එල්ල වුණා.

අමෙරිකානු ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ප්‍රහාරය එල්ලවෙන තුරු ඉතා දියුණු බද්ධි අංශ පවා ඒ ප්‍රහාරය ගැන දැනගෙන හිටියෙ නෑ.

Global Terrorism Index:
ගෝලීය ත්‍රස්තවාදී දර්ශයකට අනුව (Global Terrorism Index) ලෝකයේ සෑම රටක්ම පාහේ ප්‍රහාරයක් එල්ලවීමේ යම් අවදානම් මට්ටමක තිබෙනවා. සෑම රටක්ම ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ ගොදුරක් බවට පත්වීමේ අවදානමක ඉන්නේ.

ඒ නිසා මේ රට ඇතුළෙ නැවත යුද්ධයක් ඇතිවීමේ අවධානමක් නෙවෙයි ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා රට පුරා මුරපොළවල් දාල රට යුධ මානසිකත්වයකට පත් විය යුතු අවස්ථාවක් නෙවෙයි මේ.

අපි කළ යුත්තේ අපේ එදිනෙදා කටයුතු ඒ ආකාරයෙන් ම සිදු කරන ගමන් දැඩි අවධානයෙන් පසුවීමයි. එහෙම නැතුව රජයට දොස් නගලා හෝ බුද්ධි අංශවලට දොස් නගලා මේ ප්‍රශ්නයට විසදුම් හොයන්න බෑ.

ඒ නිසා රට තුළ ගොඩනැගෙමින් තිබුණ සහෝදරත්වය විනාශ කිරීමට කිසිවෙකුටත් ඉඩ දෙන්න බෑ. අපි ලෝකය සමග එක්ව මේ ත්‍රස්තවාදය අතුගා දැමීමට අත්වැල් බැඳගත යුතුයි.

''ඔබේ මුස්ලිම් සොයුරා ආරක්ෂ කර ගන්න''
අපි ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළා. සංහිඳියාව ඇති කළා. ඒ නිසා ලෝකය හමුවේ ගෞරවයට පාත්‍ර වුණ රටක්. ඒ නිසා තමයි අපි ලෝකය සමග බද්ධ වෙලා තියෙන්නෙ. ඔක්තෝබර් 26 වැනි පත් වුණ දින 51 ආණ්ඩුව තිබුණ නම් අපේ රටේ තත්ත්වය කුමක් ද? ඒ පත් වුණ රජයට ජාත්‍යන්තර වශයෙන් එක රටක් සුබ පැතුව ද?

අපි මේ මොහොතේ කළ යුත්තේ මුස්ලිම් ජනතාව ත්‍රස්තවාදීන්ගේ ගොඩට තල්ලු කරල දැමීම නෙවෙයි. ඔබේ මුස්ලිම් සොයුරා ආරක්ෂ කර ගැනීම කළ යුතුයි. මුස්ලිම්වරුන් වසර 1000ට අධික කාලයක් තිස්සේ රටේ සංස්කෘතියට, ආර්ථිකයට වගේ ම සංවර්ධනයට දායක වූ ජනතාවක්. ඔවුන් ශ්‍රී ලාංකිකයන්.

ධම්ම පදයේ දේශනාවන්ට සමාන දේශනාවන් ශුද්ධ වූ කුරාණයේ සටහන් වෙලා තියෙනවා. ඒකෙ කියනවා එක මිනිසෙක් ඝාතනය කිරීම සමස්ත මිනිස් වර්ගයා ඝාතනය කිරීමට සමානයි කියලා. ඒ වගේ ම එක මිනිසෙක් ජීවත් කරවීම සමස්ත මිනිස් වර්ගයාම ජීවත් කරවීමක් ලෙසයි කුරාණය පෙන්වා වන්නේ.

ඒ වගේ ම කෙනෙක් සිය දිවි නසා ගැනීම බරපතලම වරද ලෙස එහි හඳුන්වල තියෙනවා. ඒ නිසා මේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සිදු කරන්නේ කිසිදු ආගමකට අනුව නෙවෙයි. මුස්ලිම් ජනතාවගෙන් 99%ක් මේ දේවල්වට විරුද්ධයි. ‍

ආර්ථිකයට වෙන හානිය:
මේ සිද්ධිය සමග වෙන්න පුළුවන් අනිත් දේ තමයි අපේ ආර්ථිකයට වෙන හානිය. විශේෂයෙන් ම සංචාරක කර්මාන්තය බිඳ වැටීමෙන් ඒ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. සංචාරකයන්ගේ පැමිණීම 10%කින් පහළ වැටුණොත් අපට ඇ.ඩො මිලියන 500ක පමණ පාඩුවක් සිදු වෙනවා.

අපි හිතනවා මේ සිද්ධිය නිසා සංචාරකයන්ගේ පැමිණීම 30% වගේ ප්‍රමාණයකින් අඩුවෙයි කියල. ඒ අනුව ඇ.ඩො. බිලියන 1.5ක වගේ ප්‍රමාණයක් පාඩුවක් සිදු වෙයි කියලා අපි හිතනවා.

නමුත් අපේ ආර්ථිකය පවතින තත්ත්වයන් එක්ක මේ තත්ත්වයන්ට මුහුණ දීල ඉක්මණින් අපට යථා තත්ත්වයට පත් වෙන්නට පුළුවන්.

ඊජිප්තුව වසර එකහමාරක වගේ කාලයක් තුළ යථාතත්ත්වයට පත් වුණා. ඉන්දුනීසියාව, ටියුනීසියාව වගේ රටවල් යථාතත්ත්වයට පත් වුණා. උද්දමයනය අඩු වෙමින්, බැංකු පොලී අනුපාත අඩු වෙමින්, රුපියල ශක්තිමත් වෙමින්, අපනයන ශක්තිමත් වෙමින් තියෙන මේ මොහොතේ අපට මේ තත්ත්වයන් පහසුවෙන් මුහුණ දෙන්න හැකියි.''

ඇමතිවරයාගේ අදහස් දැක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න වලට මෙසේ ප්‍රතිචාර දැක්විය.
බුද්ධි අංශ සාමාජිකයන් ගැන
(ප්‍ර): බුද්ධි අංශ සාමාජිකයන් සිරගත කිරීම මේ ප්‍රහාරයට හේතුවක් කියලා මතයක් තියෙනවා?

(පි): ඒ කතාවට මම විරුද්ධයි. බුද්ධි අංශයේ හිටපු සාමාජිකයන් අත්අඩංගුවේ ඉන්නව නම් ඔවුන් ඒ ඉන්නේ බුද්ධි අංශයේ රාජකාරි කටයුතු කිරීම නිසා නොවෙයි. සාමාන්‍ය නීතිය යටතේ වරදක් සිදු කරලා හෝ ඊට සැක පිට තමයි ඔවුන් අත්අඩංගුවේ ඉන්නේ. නීතිය කාටත් පොදුයි. බුද්ධි අංශ නිලධාරීන්ද රටේ සාමාන්‍ය නීතියට යටත්. එහෙම නැති වුණොත් වෙන්නේ බුද්ධි අංශ නිලධාරීන්ට ඕනෑම වරදක් කරන්න පුළුවන් කියලා මතයක් ඇති වෙන එකයි.

සමාජ මාධ්‍ය අවහිර කිරීම !
 (ප්‍ර): සමාජ ජාලවලට පනවා ඇති තහනම පිළිබඳ යළි සලකා බලන්නේ නැත් ද?

(පි): මම හිතනව බොහෝ විට ඉදිරි පැය 24 තුළ ඒ තහනම ඉවත් වෙයි කියල. වීපීඑන් (VPN )වලින් හැමෝම මේවට පිවිසෙනවා. ඒක දැන් ප්‍රසිද්ධ රහසක්. මමත් යනවා.

මුස්ලිම් සංවිධානය තාම තහනම් කරල නැ!
(ප්‍ර): මේ සිද්ධියට ඍජුවම සම්බන්ධ බවට චෝදනා තියෙන මුස්ලිම් සංවිධානය තාම තහනම් කරල නැත්තේ ඇයි?

(පි): විවිධ තහනම් පිළිබඳ කතා බහ මේ සිද්ධියත් එක්ක ඇති වුණා. පාසල් තහනමක් ගැන කතා වුණා. බුර්කා තහනමක් ගැන කතා වුණා. මම හිතන්නේ මේ සියල්ල කරන්න බහුතර මුස්ලිම් ප්‍රජාවගේ යෝජනා එන්න ඕනෙ කියලයි. ඔවුන් සාකච්ඡා කරලා ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කරන්න අපි සූදානම්.

ඇමැතිවරුන් සමග සම්බන්ධතා:
(ප්‍ර): මේ පිපිරීම්වලට සම්බන්ධ වූවන් රජයේ ඇමැතිවරුන් සමග සම්බන්ධතා පැවැත්වූ බව කියවෙනවා. ඇයි මෙතෙක් කිසිවෙකුට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ?

(පි): කෙනෙක් එක්ක ඡායාරූපෙක පෙනී හිටිය කියලා ඔහුව අත්අඩංගුවට ගන්න බෑ. චෝදනා තියෙන්න ඕනෙ. අනික මේ ක්‍රියාවලට සම්බන්ධ ඇතැම් අය ප්‍රභූන් විදියට හිටපු අය. අපේ රජයේ ඇමැතිවරු එක්ක විතරක් නෙවෙයි ඔවුන් මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමා එක්කත් ඡායාරූප අරන් තියෙනවා.

එහෙම ඡායාරූපවල ඉන්න තරමට නීතිය ක්‍රියාත්මක කරන්න ගියොත් මේක ෆැසිස්ට් රාජ්‍යයක් වෙනවා. ඒ නිසා ඇතැම් ඇමැතිවරුන් ඉල්ලක කරගෙන ඔවුන් මුස්ලිම් වූ පළියට පහර දෙන්න එපා.

කබීර් හෂීම්ගේ චෝදනාව :
(ප්‍ර): එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් මහතාම තමයි මේ චෝදනා කරන්නේ?

(පි): මම හිතන්නේ නැහැ එතුමා ඒවාගේ ප්‍රකාශයක් කරයි කියලා. නමුත් එතුමා වුණත් මම කියන්නේ මෙහෙම චෝදනාවක් තියනවනන් නීතියට අනුව කටයුතු කළා නං හරි. මේ රටේ නීතිය කාටත් එකයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29288,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඔබේ මුස්ලිම් සොයුරා ආරක්ෂ කර ගන්න - අමාත්‍ය මංගල සමරවීර
ඔබේ මුස්ලිම් සොයුරා ආරක්ෂ කර ගන්න - අමාත්‍ය මංගල සමරවීර
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgP1Q9tglmVZ2nCyi-hZYb4xWwR1kcWWdbOF0KCP7LHE096aGTu1g3XoUonXRj4JtMPZcLalWxHYlOIuB5MF9z36KhCLGix9580idL09rCd57THT3qKs7RTTXlOGQdmreY9tgdH0XCxfZkm/s320/mangala+pinsiri.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgP1Q9tglmVZ2nCyi-hZYb4xWwR1kcWWdbOF0KCP7LHE096aGTu1g3XoUonXRj4JtMPZcLalWxHYlOIuB5MF9z36KhCLGix9580idL09rCd57THT3qKs7RTTXlOGQdmreY9tgdH0XCxfZkm/s72-c/mangala+pinsiri.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_806.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_806.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy