දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක් !
Homeප්‍රවෘත්ති

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක් !

PropellerAds

ආ බාධ සහිත පුද්ගලයන්ට රජයේ ගොඩනැගිලිවලට ප්‍රවේශ වීමේදී ඒ සඳහා අවශ්‍ය පහසුකම් නොසැපයීම මඟින් රජය ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කොට ඇතැයි ශ්‍...

කාන්තාවකට හිරිහැර කළැයි හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට
ලබන වසරේ සිට රියදුරු බලපත්‍රයට හිමිවෙන විශේෂ වරප්‍රසාදය මෙන්න
ආණ්ඩුවේ වෙන්දේසි ලැයිස්තුව ගැන හෙළිදරව්වක් 
බාධ සහිත පුද්ගලයන්ට රජයේ ගොඩනැගිලිවලට ප්‍රවේශ වීමේදී ඒ සඳහා අවශ්‍ය පහසුකම් නොසැපයීම මඟින් රජය ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කොට ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (18දා) තීන්දු කළේය. අමාත්‍යාංශ සහ පළාත් පාලන ආයතන යටතේ මින් ඉදිරියට ඉදිවන සෑම ගොඩනැගිල්ලක්ම ආබාධ සහිත පුද්ගලයන්ට ප්‍රවේශ වීමේ පහසුකම් සහිතව ඉදිකළ යුතු බවට නියම කළේය.

ආබාධ සහිත පුද්ගලයෙකු වන ආචාර්ය අජිත් සී. පෙරේරා මහතා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව එලෙස නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය ආබාධ සහිත පුද්ගලයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම හේතූවෙන් අජිත් සී. පෙරේරා මහතාට රුපියල් 50,000ක මුදලක් නඩු ගාස්තු වශයෙන් ගෙවීමට රජයට නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරුන් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

අබාධ සහිත පුද්ගලයන්ට රජයේ ගොඩනැගිලිවලට ප්‍රවේශ මාර්ග නොමැති හෙයින් මෙම රෙගුලාසි සහ රීතිවලට අනුකූල නොවන ගොඩනැගිලි සැලසුම් අනුමත නොකළ යුතු බවට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම රෙගුලාසි කඩ කරන්නන්ට එරෙහිව නඩු පවරන ලෙස අමාත්‍යාංශවල ලේකම්වරුන්ට නියම කළේය.

ආචාර්ය අජිත් සී.පෙරේරා මහතා ගොනු කර තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් සමාජ සේවා අමාත්‍යවරයා ලෙස කටුයතු කළ අමාත්‍ය දයා ගමගේ, පළාත් පාලන අමාත්‍යවරයා ලෙස කටුයතු කළ ෆයසර් මුස්තාපා, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, මහ නගර සභා සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, නගර සංවර්ධන අධිකාරිය සහ නීතිපතිවරයා නම් කොට ඇත.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29287,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක් !
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi08Ewsvcde9PrchySHT45N8xI649GP_1l1d09gndCywqmp0kuLU5VfIiowy9WzZEk4SNQRJTeRdl-2XhfboBs1yx4po4sti_layw73hni_PcUcpu6JA2D2kWlxbnmRgZqDumEO4awRdHzk/s320/ff094ab9e7aaababcc4b062342ba6372_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi08Ewsvcde9PrchySHT45N8xI649GP_1l1d09gndCywqmp0kuLU5VfIiowy9WzZEk4SNQRJTeRdl-2XhfboBs1yx4po4sti_layw73hni_PcUcpu6JA2D2kWlxbnmRgZqDumEO4awRdHzk/s72-c/ff094ab9e7aaababcc4b062342ba6372_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_660.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_660.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy