දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මධුෂ්ගේ දියණියගේ උපන්දිනේ විස්තර ඡායාරූප එළියට
Homeගොසිප්

මධුෂ්ගේ දියණියගේ උපන්දිනේ විස්තර ඡායාරූප එළියට

PropellerAds

මාකඳුරේ මධුෂ්ගේ ඩුබායි සාදයේදී අත්අඩංගුවට ගනු ලැබූ 31 දෙනාගෙන් 15 දෙනෙකුම ඉකුත් සති අන්තය වන විට මෙරටට එවන්නට ඩුබායි බලධාරීන් පියවර ගෙන ති...

රාජ්‍ය වැවිලි සමාගම්වල කාර්යසාධනය ඉහළ නැංවීමට පියවර.
බ්‍රිතාන්‍ය රජ ගෙදර මගුලට දෙවන මනාළිය ඉන්දීයාවෙන්.
ලංකාවට අහිමි වූ රුසියා තේ කෙන්නියාව බිලිගනී.
මාකඳුරේ මධුෂ්ගේ ඩුබායි සාදයේදී අත්අඩංගුවට ගනු ලැබූ 31 දෙනාගෙන් 15 දෙනෙකුම ඉකුත් සති අන්තය වන විට මෙරටට එවන්නට ඩුබායි බලධාරීන් පියවර ගෙන තිබිණි. මේ වන විට අනාවරණය වෙමින් ඇති ආකාරයට මාකඳුරේ මධුෂ් සිය දියණියගේ උපන් දින සාදය සංවිධානය කර ඇත්තේ ඔහුගේ අනියම් බිරිය දිලිනි ඉෂාරාගේ 
දැඩි පෙරැත්ත මතය. ඇය මහරගම හොල්ලාගෙන සිටි පාතාල කල්ලි නායකයෙකු වන කළු තුෂාරගේ විවාහක බිරියය. 

කළු තුෂාරට දාව ඇයට වැඩිමහල් පිරිමි දරුවෙක් සිටී. එම දරුවා මෙන්ම මධුෂ්ගේ විවාහක බිරියගේ දරුවාද සිටින්නේ ඩුබායිහිය. දිලිනි ඉෂාරා, මධුෂ්ගේ අනියම් බිරිය බවට පත්වන්නේ 2012 වසරේ නොවැම්බර් 09 වෙනිදා වැලිකඩ බන්ධනාගාර ගැටුමේදී මරුමුවට පත්වූ රැඳවියන් අතර කළු තුෂාරද සිටි බැවිනි. කළු තුෂාරගේ මරණින් පසු අසරණ වන දිලිනි ජීවත් වීමේ අරගලයට මුහුණ දෙන්නේ සිය සැමියාගේ අඩි පාරේ යමිනි. ඇය මත්කුඩු ජාවාරම් කළාය. මහා පරිමාණ බූරු පොළවල්ද සංවිධානය කළාය.

ඇය එසේ මත්කුඩු අලෙවි කරමින් බූරුවා ගසමින් ජීවත්විය යුතු කාන්තාවක්ද නොවූවාය. ඇය ඒතැනට පත්වන්නේ මවුපියන්ගේම වරදිනි. දිලිනිට පාසල් සමයේදීම පෙම්වතෙක් සිටියේය. ඒ ගැන ඉව වැටීමත් සමඟ මවුපියන් ඒ ගැන සොයන්නට භාර කරන්නේ කළු තුෂාරටය. එහි අවසානය සිදුවන්නේ ඇහැට කනට පෙනෙන තරුණියක වන දිලිනිව නිවසින් පන්නා කළු තුෂාර ඇයව අඹුව බවට පත්කර ගැනීමය. ඒ වන විටත් කළු තුෂාරගේ නම ඉදිරියේ පොලිස් පොත්වල මිනිස් ඝාතන 05 ක් ඇතුළු අපරාධ 23ක්ම ලියැවී තිබිණි.

මේ යුවළ වාසය කරන්නට යන්නේ බණ්ඩාරගම පැත්තේ බොල්ගොඩ ජලාශයට කිට්ටුව පාත පිහිටි කුලී නිවසකටය. හිටි හැටියේම ඒ නිවසට එන්නේ දෙව්න්දර තමිල් නැමැති දකුණේ නමගිය අපරාධකරුවෙකි. ඔහු එසේ කළු තුෂාර සොයා එන්නේ මාතර පැත්තේ සිදු වුණු මිනිස් ඝාතනයකින් පසු පොලිසියෙන් බේරෙන්නටය. විශේෂ පොලිස් කණ්ඩායමක් කළු තුෂාර පදිංචිව සිටි බණ්ඩාරගම නිවසට කඩා වදින්නේ ඔය අතරතුරදීය. නිවසේ තිබී සොයාගන්නේ හෙරොයින් කිලෝවකට ආසන්න ප්‍රමාණයකි. එම හොරායින් තොගය දෙවුව්දර තමිල්ගේය.

කළු තුෂාර මිතුරා පාවාදෙන්නට ගියේ නැත. වරද භාරගනිමින් ඔහු පොලිස් අත්අඩංගුවට පත්වූයේ වැඩි කල් නොගොස් එළියට එන්නට හැකි බවට වූ විශ්වාසයක්ද ඇතිවය. එහෙත් සිදුවන්නේ ඔහු බලාපොරොත්තු නොවූ දෙයකි. එකල පාණදුර මහාධිකරණ විනිසුරුවරිය මත්කුඩු ජාවාරම්කරුවන්ට තදින්ම සිටි තැනැත්තියක වූවාය. කළු තුෂාරගේ ඇප අයැදුම ඇය පැත්තකට දැමුවාය. කළු තුෂාර කළුතර බන්ධනාගාරයේ සිට සැලසුම් කරන්නේ විනිසුරුවරිය ඝාතනය කරන්නටය. ඒ බව හෙළි වන්නේ කළු තුෂාර සමඟ එකම සිරමැදිරියක සිටි සැකකරුවෙකුගෙනි.

ඒත් එක්කම කළු තුෂාර කළුතර බන්ධනාගරයෙන් මාරු කර යැවෙන්නේ කුරුවිට බන්ධනාගාරයටය. ඒ නිදහස ලැබීමේ අවසන් අවස්ථාවත් අහිමි වෙමිනි. එහිදී කළු තුෂාර අමුතුම ගේමක් ගැසුවේය. දෙවුන්දර තමිල්ගේ සහයෙන් සල්ලි කොල විසි කරන්නට වුවමනා හැම තැනකටම විසි කළේය. ඒ අනුව පාණදුර මහාධිකරණයෙන් ඇප ලැබුණු බවට ව්‍යාජ ලියැවිලි බන්ධනාගාරයට ගියේය. එසේ බන්ධනාගාරයෙන් පැනගත් ඔහු අනියම් බිරියක් සමඟ ගොස් නතර වන්නේ ඉන්දියාවේය. ඒ සඳහා ඔහුට තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවට යන්නට බෝට්ටුවක් සූදානම්කර දෙන්නේ දෙවුන්දර තමිල්ය.

දැවැන්ත මූල්‍ය වංචාවක් කළ සක්විති රණසිංහ නැමැත්තා රටින් පලා ගොස් ඉන්දියාවේ සැඟවී සිටියේද මේ වකවානුවේදීමය. ඉන්දියානු පොලිසිය සක්විති රණසිංහ යැයි කියා අනුමාන කරමින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කරන්නේ කළු තුෂාරය. එතැන් සිට කළු තුෂාරට සිදු වන්නේ වැලිකඩ බන්ධනාගාරයේ සිරගතවන්නටය. 2012 වසරේ නොවැම්බර් 09 වෙනිදා ඔහු ඝාතනය වෙයි. එකල මාකඳුරේ මධුෂ් සිටින්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේය. ඒ එවකට ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ ඝාතනය කුමන්ත්‍රණ විමර්ශනයකට අදාළවය. මධුෂ් 2014 වසරේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාස භාරයෙන් මුදා හැරෙන්නේ එකී ඝාතන චෝදනාව ඔප්පු කිරීමට තරම් සාක්ෂි රැස් කරගන්නට අපොහොසත් වීම මතය. ඒ අනුව අධිකරණයෙන්ද කොල්ලකෑම් නඩු 09කට එකවර ඔහුට ඇප ලැබිණි. ඇපකරු වන්නේ සොත්ති උපාලිගේ දියණිය සිඟිතිය. 

ඇයද මත්කුඩු ජාවාරමේ නිරතව සිටින්නියකි. ඇපමත නිදහස ලබා මාස දෙක තුනකට වඩා මධුෂ් මෙරට රැඳී සිටියේ නැත. සියල්ලන්ගේම ඇස් වසා මධුෂ් ඩුබායි පනින්නේ අජිත් එංග වර්ණකුලසූරිය නමින් පෙනී සිටිමිනි. එසේ ඩුබායි පැනගත් ඔහු 2015 වසරේ මාර්තු 12 වෙනිදා සිය මිත්තනියට අවසන් ගෞරවය දක්වන්නටද පැමිණ තිබුණේද හොර රහසේය. ඒ පැමිණි යන අතරේ ඔහු දිලිනි ද ඩුබායි වෙත ගෙන්වා ගත්තේය. එදා දියණියගේ උපන්දින සාදයට ශ්‍රී ලංකාවෙන් ගෙන්වා ගැනීමට මධුෂ් සැලසුම් කර ඇත්තේ සියයක පමණ පිරිසකි. ජනප්‍රිය නළු නිළියන් මෙන්ම ගායක ගායිකාවන්ද සාදය වර්ණවත් කිරීමට ගෙන්වා ගැනීම මධුෂ්ගේත් දිලිනිගේත් අරමුණ විය.

රෝස පැහැති කමිසයකින් සැරසී කෝට් බෑයක් ඇඟලාගත් මධුෂ් එදා සිට ඇත්තේ සැහැල්ලුවෙනි. වෙනදාට ඩුබායි හීද සැඟවුණු ජීවිතයක් ගතකරන ඔහු මෙදා සිය දියණිය කරේ තබාගෙන ඩී.ජේ. සංගීතයට නටමින් සාදය පැවැති හෝටලය වටේම දුවපැන නටමින් විනෝද වී ඇත්තේ මත්පැන්ද තොලගාමිනි. දිලිනිද එදා සිය දියණිය සමග ඇගලාගෙන සිටින්නේ රෝස පැහැති ඇදුමකි. උපන්දින කේක් එකේ පටන් සැරසිලි සියල්ලක්ම රෝස පැහැ ගන්වන්නට දිලිනි වගබලාගෙන තිබිණි.

සාදයේ ඇරඹුම සිදු වන්නේ කංජිපානි ඉම්රාන් සිය බිරිය සහ දරුවන් සමග පැමිණි පසු මධුෂ් සහ දිලිනි සිය දියණිය සමඟ එක්ව උපන්දින කේක් කැපීමත් සමඟිනි. එහිදී හැපි බර්ත්ඩේ ගීතය මුමුනන්නේ අමල් පෙරේරාය. ඒත් එක්කම ඩී.ජේ. සංගීතයෙන් පැයක් දෙකක් රසවත් වන්නේ සාදයට පැමිණ සිටියවුන් විනෝද සාගරයක ගිල්ලවමිනි. නදීමාල් ඉලෙක්ට්‍රික් ගිටාරය අතට ගෙන ගීතයක් ගායනා කරන්නට සූදානම් වෙද්දි ඩුබායි පොලිසිය සාදයට කඩා පනී.

“මධුෂා--- මධුෂා--- “ ඔවුන් එසේ පවසමින් සොයන්නේ මධුෂ්වය. ඒ මම යැයි කියා මධුෂ් කිසි විටකත් ඉදිරිපත් වූයේ නැත. ඒත් එක්කම කංජිපානි ඉම්රාම්වද ඔවුන් සොයන්නට ගත්තේය. ඔහු ඒ වන විට සිටින්නේ නිවසට යන්නට සූදානම්ව මෝටර් රථයට ගොඩවීය. පොලිසිය ඔහුවද සාදය පැවැති ශාලාවට රැගෙනවිත් සියලු පිරිමින් බිම ඉන්දුවේය. කොකේන් පාර්සලයක් පෙන්වමින් එය කාගේදැයි අසන්නට විය.

“අයිතිකාරයා ඉදිරිපත් වුණොත් අනෙක් හැමෝටම යන්න දෙනෙවා“ ඩුබායි පොලිසිය අවසාන දැනුම් දීමද කළේය. ඊටද නිසි ප්‍රතිචාරයක් නොවූ තැන ඔවුන් තමන් සතුව තිබුණු ජායාරූපයක් නිරීක්ෂණය කරමින් මධුෂ්ව සහ කංජිපානිව හඳුනාගෙන ඔවුන්ට පහරවල් කිහිපයක් එල්ල කර ඇත. අනතුරුව මධුෂ් ඇතුළු 31 දෙනෙක් අත්අඩංගුවට ගත් ඩුබායි පොලිසිය ලේ මුත්‍රා පරීක්ෂා කරමින් උත්සහ දරන්නේ කෝකේන් භාවිතා කර සිටින්නන් හඳුනා ගන්නටය. අවසානයේදී එරට මහජන නීති නිලධාරියා තීරණය කරන්නේ සියලු දෙනා නිදහස් කර ශ්‍රී ලංකාවට යවන්නටය.

එසේ නිදහස ලබා මෙරටට පැමිණි කංජිපානි ඉම්රාන් පොලිස් ප්‍රශ්න කිරීම් වලදී ඔහු විසින් කළේ යැයි සඳහන් ඝාතන තුනක් මෙන්ම ඝාතන තැත් කිරීම් 10ක් ඇතුළු අපරාධ ගොන්නක්ම පිළිගත්තද 2018 වසරේ අගෝස්තු 26 වෙනිදා සිය බිරිද සිත්ති නිරෝෂාට වෙඩි තබා ඝාතනය කළේ තමන් නොවන ලෙස පොලිසියට පවසන්නේ කදුළු වගුරුවමිනි. කංජිපානි එසේ පොලිස් නිලධාරීන් ඉදිරියේ හෙළා ඇත්තේ කිඹුල් කදුළු බව හෙළි වන්නේ පසුගිය 08 වෙනිදා මෙරටට එවනු ලැබූ කංජිපානිගේ ගෝලයන් දෙදෙනෙකුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේදීය.

ඒ එක් අයෙකු වන්නේ මොහොමඩ් මුෆාර් මොහොමඩ් ජබ්රිය. තිස් හැවිරිදි ඔහු කංජිපානි ඉම්රාන්ගේ පුංචි අම්මාගේ පුතාය. ඔහු සමඟ මෙරටට පැමිණි අනෙක් පුද්ගලයා වන්නේ මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසාර්ය. තිස්හත් හැවිරිදි වියැති ඔහු ඒ වන විටත් පොලිසියට අවශ්‍යව සිටි අයෙකි. කංජිපානි ඉම්රාන්ගේ බිරිය මරා දමන වෙඩික්කරු යතුරු පැදියක නංවාගෙන ඇය පදිංචිව සිටි නිවස අසලට රැගෙන යන්නේ ඔහුය.

ඊට අමතරව 2018 වසරේ සැත්තැම්බර් 12 වෙනිදා මාලිගාවත්තේ ඇපල් වත්තේදී කංජිපානිගේ කීමට මොහොමඩ් අස්මින් නිෂාමිදීන් නැමැත්තාට වෙඩි තබා ඇත්තේද මොහොමඩ් ෆයිසාර්ය. ෆයිසාර් ඩුබායි පනින්නේ 2018 වසරේ සැත්තැම්බර් 18 වෙනිදාය. ඒ තනිවම නොව, කංජිපානි ඉම්රාන්ගේ බිරියට වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු අජිනි සමඟිනි. ඒ දෙන්නාම එදා සිට ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්වන තුරුම සිට ඇත්තේ කංජිපානිගේ නිවසේය. සිය බිරිද ඝාතනය කළේ තමන් නොවේ නම් ඝාතකයන් ඩුබායි ගෙන්වමින් කන්ඩ බොන්න මෙන්ම නවාතැන් පහසුකම් දෙමින් රැක බලාගත්තේ ඇයි දැයි අසන විට කංජිපානි ඉම්රාන් දැන් නිහඬය.

කංජිපානි ඉම්රාන් සිය බිරිය ගෝල බාලයන් යොදා ඝාතනය කර ඇත්තේ වෙන කිසිවක් නිසා නොව කංජිපානි ඉම්රාන්ගේ අපරාධවලට එරෙහි වීම නිසාය. අනාවරණය වෙමින් ඇති ආකාරයට අජිනි මේ වන විට සිටින්නේ ඩුබායි පොලිස් අත්අඩංගුවේය. ළඟදීම මාකදුරේ මධුෂ් සමග මෙරටට එවන කණ්ඩායමේ ඔහුද සිටිනු ඇත. එවිට කංජිපානිගේ බිරියගේ ඝාතනය පමණක් නොව, මාකදුරේ මධුෂ් විසින් මෙරට කරන ලද අබිරහස් අපරාධ ගොනක්ම එළියට එනු ඇත. ඒත් එක්කම ඔහු වටා සිටි දේශපාලනඥයන්ගේ රෙදි පිළිද ගැලවෙනු නියතය.

ගයාන් කුමාර වීරසිංහ



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29316,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මධුෂ්ගේ දියණියගේ උපන්දිනේ විස්තර ඡායාරූප එළියට
මධුෂ්ගේ දියණියගේ උපන්දිනේ විස්තර ඡායාරූප එළියට
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEizCXIAyS1FI4zcIA7Uzd35E_aAjyrrUMs4BOsTQjkl8Wsgs3PDvNCwxsAdkJwYJUwZR3j0-2Gz9i9ufqAni4UW30cxM8CCuaccvyWdZyjCd5-Tg8BP5MnhxK3IwSMXBM0wKR2IVvTcBLs/s320/collage.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEizCXIAyS1FI4zcIA7Uzd35E_aAjyrrUMs4BOsTQjkl8Wsgs3PDvNCwxsAdkJwYJUwZR3j0-2Gz9i9ufqAni4UW30cxM8CCuaccvyWdZyjCd5-Tg8BP5MnhxK3IwSMXBM0wKR2IVvTcBLs/s72-c/collage.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_643.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_643.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy