වත්තල මහබාගේ මංසන්දියේදී සැකකටයුතු මෝටර් රථයක් හදිසි පරික්ෂාවට ලක් කර තිබෙනවා. වැලිසර, නවලෝක පිට්ටනිය ආසන්නයේ නවතා ඇති සැකකටයුතු මෝටර් රථ...
වත්තල මහබාගේ මංසන්දියේදී සැකකටයුතු මෝටර් රථයක් හදිසි පරික්ෂාවට ලක් කර තිබෙනවා. වැලිසර, නවලෝක පිට්ටනිය ආසන්නයේ නවතා ඇති සැකකටයුතු මෝටර් රථයක් පිළිබඳ මේ වන විට ආරක්ෂක අංශ සෝදිසි මෙහෙයුම් සිදු කරමින් පවතියි.
මේ හේතුවෙන් මීගමුව-කොළඹ ප්‍රධාන මාර්ගය මහභාගය හන්දියෙන් වසා දමා ඇතැයි වාර්තා වෙයි.
කොළඹ කොටුව හා ඒ අවට ආරක්ෂාව තර කර ඇත.
එමෙන්ම කඳාන ප්‍රදේශයේ සැකකටයුතු වෑන් රථයක් හා නිවාස දෙකක් ත්‍රිවිධ හමුදාවේ නිලධාරින් විසින් සෝදිසියකට ලක් කරමින් සිටින බව වාර්තා වෙයි.
තවද එඩේරමුල්ල පල්ලිය ආසන්නයේ සිටි සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වෙයි.
මොවුන් එම පල්ලියට යම් ප්‍රහාරයක් එල්ල කිරීමට ඊයේ(21) දිනයේ දී පැමිණ ඇත්තැයි ද ආරක්ෂක අංශ සැකපල කරයි.
COMMENTS