පාස්කු ඉරිදා දිනයේ කොළඹ තවත් සුප‍්‍රකට හෝටලයකට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහයක් බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි...
නමුත් එම උත්සාහය වැරදී ගිය බවත් පසුව එම බෝම්බකරු දෙහිවලදී බෝම්බය පුපුරුවාගත් බවත් අගමැතිවරයා සදහන් කලේය.
ඔහු මේ බව කියා සිටියේ අරලිගහ මන්දිරයේදී විදෙස් මාධ්‍යවේදීන් අමතමිනි.
එම හෝලය කුමක්දැයි මාධ්‍යවේදීන් විමසුවද අගමැතිවරයා එය හෙලි කිරීමට කටයුතු නොකලේය.
පුපුරන ද‍්‍රව්‍ය සහිතව තවත් කිහිප දෙනෙකුම නිදැල්ලේ සිටින බවට තොරතුරු ඇති බවද අගමැතිවරයා එහිදී කීවේය.
COMMENTS