දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ජනාධිපති අපේක්‍ෂකයා පොහොට්ටුවෙන් පමණයි.. වෙන කිසිවෙකුට නෑ..- අලුත් අවුරුද්දේ මුලින්ම පොහොට්ටුවෙන් සැර ප‍්‍රකාශයක්..

වසර අවසානය පෙරාතුරව පැවැත්වෙන ජනාධිපතිවරණයේ නිසැක ජයග්‍රාහකයා බිහිවන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වේදිකාවෙන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ...

වසර අවසානය පෙරාතුරව පැවැත්වෙන ජනාධිපතිවරණයේ නිසැක ජයග්‍රාහකයා බිහිවන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වේදිකාවෙන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු රට හදන, රට දිනවන වේදිකාවක් බව පැවසූ රණතුංග මහතා එම පෙරමුණේ ප්‍රතිපත්තිවලට ගරු කරන ඕනෑ අයකුට එම වේදිකාවට ගොඩවිය හැකි බවත් දේශද්‍රෝහී යහපාලන ආණ්ඩුවට එරෙහි ප්‍රබලතම පෙරමුණ බිහි වන්නේ එම වේදිකාවෙන් බවත් පැවසීය. ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කෙළ් මිනුවන්ගොඩ ආසනයේ ව්‍යාපාරික ප්‍රජාව උඩුගම්පොළ දී මුණගැසුණු අවස්ථාවේදීය.

මන්ත්‍රිවරයා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

මෑත ඉතිහාසයේ උදාවෙච්ච අන්තිම නරකම සිංහල අවුරුද්ද තමයි 2019 දී අපට සමරන්න වෙලා තියෙන්නේ. මේ අවුරුද්ද නරක් වෙලා තියෙන්නේ නැකතේ වරදකින්වත්, ජනතාවගේ වරදකින්වත් නෙමෙයි, ආණ්ඩුවේ වරද නිසයි. මිනිස්සුන්ට බඩට කාලා, ඉණට ඇඳලා ඉන්න නැති අවුරුද්දක් උදා වුණේ මේ ආණ්ඩුවේ අදූරදර්ශී වැඩපිළිවෙළ නිසයි. අපේ ගම්වල දුප්පත් මිනිස්සු කුකුල් මස් ටිකක් උයලා කටට රහට කෑම වේලක් කන්නේ සිංහල අවුරුද්ද වගේ උත්සව දවසකට විතරයි. හැබැයි අද බලන්න කුකුල් මස් කිලෝ එකක් රුපියල් 750ත් පැනලා. අල කිලෝ එකක් රුපියල් 150යි. ඇඳුම් පැළඳුම් ගත්තත් එහෙමයි. මිනිස්සුන්ට මේ උදා වෙලා තියෙන් කන්න නෙමෙයි ලෙවකන්න වෙන අවුරුද්දක් කියලා අපි කියන්නේ ඒකයි.

2015 දී යහපාලන ආණ්ඩුව රටේ බිහිවෙන කොට රට තිබුණු තැනයි අද රට තියෙන තැනයි සන්සන්දනය කරලා බලන්න. මේකට දේශපාලනය ගාව ගන්න එපා. පාට කණ්නාඩි ගලවලා බලන්න 2015 දී කටට රහට කාපු අපි අද ලෙවකන තත්ත්වයට වැටිලා නැද්ද කියලා. අවුරුදු හතරක් වගේ කෙටි කාලයක් ඇතුළත රටට මේ වගේ තත්ත්වයක් උදා කරපු එක විශ්වකර්ම වැඩක්. මේ ආණ්ඩුව පහුගිය අවුරුදු හතරට කරපු එකම වැඩක්වත් තියෙනවද? කුලියාපිටියට වොක්ස්වැගන් ගෙනාවා කියලා ජනතාව රැවට්ටුවා. අන්තිමට වොක්ස්වැගන් කොම්පැණියම කිව්වා තමුන් ලංකාවේ ප්‍රොජෙක්ට් එකක් කරලා නැහැ කියලා. හම්බන්තොටට තෙල් පිරිපහදුවක් ගෙනාවා කිව්වා. අන්තිමට ඒකත් පට්ටපල් බොරුවක් කියලා ඔප්පු වුණා.

බොරුවට පම්පෝරි ගහලා විවෘත කරන්නේ 2015ට ඉස්සර අපි පටන් ගත්තු වැඩ මිසක් මේ ආණ්ඩුවේ වැඩ නෙමෙයි. ආණ්ඩුවේ ඇමැතිලා බෙලිඅත්තට ගිය කෝච්චියේ ආඩම්බරෙන් නැගලා ගියාට ඕවා හැදුවේ අපේ ආණ්ඩුවෙන් කියන එක මිනිස්සුන්ට අමතක නැහැ. මේ අයට විවෘත කරන්න වගේම විකුණන් කන්නත් ඉතුරු වෙලා තියෙන්නේ අපි හදපුවා තමයි. ආර්ථික ඔස්තාර්ලා ඉන්නවා කිව්වට අවුරුදු තුනෙන් රටේ ආර්ථිකය බින්දුවට වැටුණා. මහ බැංකුව මංකොල්ල කාලා රට විනාශ කිරීමේ වගකීම ගන්න අද කවුරුත් නැහැ. අගමැතිවරයා හෝ මුදල් ඇමැතිවරයා වගේ වගක් නැතුව ඉන්නවා. හිටපු මහ බැංකු අධිපතිවරයා සිංගප්පූරුවට වෙලා සැපට ඉන්නවා. අන්තිමට ජනතාවට තමයි හැම එකකම පාඩුව විඳින්න වෙලා තියෙන්නේ.

අද රට වැටිලා තියෙන ප්‍රපාතයෙන් ගොඩගැනීමේ අභියෝගය ජයගන්න පුළුවන් එකම කණ්ඩායම මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් පොහොට්ටුවේ කණ්ඩායම පමණයි. මුළු රටම අප කෙරෙහි විශ්වාසය තබා තියෙනවා. ආණ්ඩුව ඒක දන්න නිසා තමයි කිසිදු මැතිවරණයක් පවත්වන්නේ නැතුව හැංගි මුත්තන් කරන්නේ. ආණ්ඩුවේ අවසානයේ ආරම්භය ඊළග මැතිවරණයෙන් ආරම්භ වෙනවා. අපි අවුරුදු හතරක් තිස්සේ මේ ආණ්ඩුවට එරෙහිව සටන් කළා. ජනාධිපතිවරණයට තව ඉතුරු වෙලා තියෙන්නේ මාස පහක විතර කාලයක්. 

ඒ ටිකත් ඉවසලා ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබන්න අපට හැකියාව තිබෙනවා. අලි, කොටි, සීනු තුන් හවුල එක මිටට අරගෙන පරද්දන්න ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට හැකියාව තිබෙනවා. පොදුජන පෙරමුණ කියන්නේ පක්ෂයක් විතරක් නෙමෙයි රටම එකට එකතු කරන වේදිකාවක්. ඒ වේදිකාවට අපේ ප්‍රතිපත්තිවලට ගරු කරන ඕනෑම කෙනකුට ගොඩනගින්න පුළුවන්. අපේ වේදිකාව කාටත් ගරු කරන, කාගේ අදහසුත් ප්‍රතික්ෂේප නොකරන තැනක්. ඒක රට හදන වේදිකාවක්. ඒක රට දිනවන වේදිකාවක්. ඊළඟ ජනාධිපතිවරණයේ දී ජයග්‍රහණය කරන අපේක්ෂකයා බිහිවෙන්නේ අපේ කඳවුරෙනුයි.

– ප‍්‍රදීප් අනුර කුමාර

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29601,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනාධිපති අපේක්‍ෂකයා පොහොට්ටුවෙන් පමණයි.. වෙන කිසිවෙකුට නෑ..- අලුත් අවුරුද්දේ මුලින්ම පොහොට්ටුවෙන් සැර ප‍්‍රකාශයක්..
ජනාධිපති අපේක්‍ෂකයා පොහොට්ටුවෙන් පමණයි.. වෙන කිසිවෙකුට නෑ..- අලුත් අවුරුද්දේ මුලින්ම පොහොට්ටුවෙන් සැර ප‍්‍රකාශයක්..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjHE72R_yDRp_QKvLvRF2bgE613T1b3i4CLED8ErNCnBQxHma7CrAqqjoMeQ0TwzEsFQWIdfUPJWZzimFoTumOxvZN1XFiqouGy37Mpw6x2_q5Ckneak8DyN8Y7wAXFXMa3cMgzwJAkzyo/s320/SLPP.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjHE72R_yDRp_QKvLvRF2bgE613T1b3i4CLED8ErNCnBQxHma7CrAqqjoMeQ0TwzEsFQWIdfUPJWZzimFoTumOxvZN1XFiqouGy37Mpw6x2_q5Ckneak8DyN8Y7wAXFXMa3cMgzwJAkzyo/s72-c/SLPP.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_460.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_460.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy