ලංකාව තුළ අයි එස් අයි එස් ත්‍රස්තවාදීන් සිටින බව සහ ඔවුන්ගේ ක්‍රියාවන් දැන ගෙන ඊට එරෙහිව අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය ක්රියාත්මක ...
අනුරාධපුර පිහිටි සිය පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ බව ප්‍රකාශ කළා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මෙසේ පැවසුවා.
පාස්කු ඉරිදා තව්හිත් ජමාද් සංවිධානයේ මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන්විසින් සිදු කළ ප්‍රහාරය මෙරට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් රජය අබමල් රේණුවක තරම්වත් විශ්වාසයක් නොතැබීම නිසා සිදුවුවක්.අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසනව ජාත්‍යන්තර අයි එස්. අයි.එස්සංවිධානයට සම්බන්ධවී සිටින සංවිධාන සහ පුද්ගලයින්ට එරෙහිව ලංකාව තුළදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාවක් නෑ කියල.එතුමාගේ මෙම ප්‍රකාශය ඉතාම වගකීම් විරහිත අගමැතිවරයෙකුගේ ප්‍රකාශයක් කියල කියන්න ඕන.
ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවේ අගමැතිවරයා බවට පත්වීම ගැන අපි පුදුම වෙනවා පමණක් නොවෙයි කණගාටු වෙනව. මුළු ලෝකයම ත්‍රස්තාවදය මුලිනුපුටා දැමීමට කටයුතු කරද්දී අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ රජය ගත වූ වසර හතරක කාලය තුලම ත්‍රස්තවාදය වෙනුවෙන් පෙනී සිටීමට ක්‍රියා කළා.එය ඉතාම කණගාටුදායක තත්ත්වයක්.අපි මේ පිළිබඳව දිගින් දිගටම පෙන්වා දුන්න. විශේෂයෙන්ම ත්‍රස්තවාදීන් ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක හමුදාවටත් ත්‍රස්තවාදයට විරුද්ධව ක්‍රියා කරන්න එපා කියල අපි රජයෙන් ඉල්ලීමක් කළා.
පර්සි කුරුනේරු
COMMENTS