ක ල්මුනේ සයින්දමරදු ප්‍රදේශයේ ත්‍රස්ත ක්‍රියාකරකම් සදහා තව්හිඩ් ජමාත් සංවිධානයට අවශ්‍යවූ අධි බැලැති මරාගෙන මැරෙන බෝම්බ කට්ටල ඇතුළු පුපුරන ද...
කල්මුනේ සයින්දමරදු ප්‍රදේශයේ ත්‍රස්ත ක්‍රියාකරකම් සදහා තව්හිඩ් ජමාත් සංවිධානයට අවශ්‍යවූ අධි බැලැති මරාගෙන මැරෙන බෝම්බ කට්ටල ඇතුළු පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය කලබට සැකකරන ඩොල්ෆින් වර්ගයේ වෑන් රථය සහ එහි රියදුරා කැකිරාව පොලිස්ථානයේ වැඩ බලන ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක් විසින් දහවල් කැකිරාව පොලිස්වසමේ මරදන්කඩවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කල්මුණේ කොට්ඨාශභාර පොලිස් අධිකාරි හේරත්ට ලැබුණු තොරතුරකට අනුව අනුරාධපුර කොට්ඨාශභාර පොලිස් අධිකාරි තිලින හේවාපතිරණ මහතාට ඒ පිළිබදව දන්වා තිබෙනවා.
වහාම ක්‍රියාත්මකවූ පොලිස් අධිකාරිවරයා විසින් කැකිරාව කොට්ඨාශභාර සහකාර පොලිස් අධිකාරි උඩුකුඹුරට ඒ පිළිබදව දැනුම්දි තිබෙනවා.
අනතුරුව අදාල තොරතුර කැකිරාව පොලිස්ථානයට ඒ පිළිබදව දන්වා තිබෙන අතර කැකිරාව පොලිස්ථානයේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක කේ.කේ.අබේරත්න ඇතුළු නිලධාරින් කණ්ඩායමක් මරදන්කඩවල ඉහල පුළියන්කුළම ප්‍රදේශයට ගොස් සගවා තිබු ලියාපදිංචි අංක 250-5680 දරණ ඩොල්ෆින් වෑන් රථය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම අවස්ථාව වනවිට එම රථය පැදවූ බව කියන 46 හැවරදි අබුසාලි නසාර් නැමත්තාත් නිවසේ සිට ඇති අතර ඔහුවද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවටගත් වෑන් රථය දැඩි පරික්ෂාවට ලක්කලත් එහි පුපුරණ ද්‍රව්‍ය හෝ වෙනත් කිසිදු ද්‍රව්‍යක් තිබී හමුවී නැති අතර ඔහුගේ නිවසත් දැඩි සෝදිසියට ලක්කලත් එහිදීත් ත්‍රස්තවාදී ක්‍රියාවන් සදහා භාවිතා කල කිසිදු උපකරණයක් හෝ පුපුරණ ද්‍රව්‍ය නොතිබු බව පොලිසිය පවසනවා.
මෙම වෑන් රථය පසුගිය සමයේ තව්හිඩ් ජමාත් අත්තවාදී ත්‍රස්ත සංවිධානයේ අන්තවාදී අදහස් ඇති ආගම ප්‍රචාරය කිරිම සදහා යොදා ගෙන ඇති බවත් සැකකරු කුලී පදනමමත රථය එම ත්‍රස්ත සංවිධානයේ ක්‍රියාවන් වලට රථය යොදවා තිබෙන බවත් පොලිසිය පවසනවා.
මහේෂ් විජේසූරිය

COMMENTS