දෙරණ රූපවාහිනිය විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ ‘දියවන්නාවට අවුරුදු’ වැඩසටහන පසුගියදා කොළඹ ‘වෝටර්ස් එජ්’ හෝටල...
දෙරණ රූපවාහිනිය විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ ‘දියවන්නාවට අවුරුදු’ වැඩසටහන පසුගියදා කොළඹ ‘වෝටර්ස් එජ්’ හෝටලයේදී පැවැත්වින.
එහි පැවති අවුරුදු තරගවලදී පැවැති මන්ත‍්‍රීවරුන් විසින් සිදු කරන ලද වංචනික හා දුෂිත කටයුතු හේතුවෙන් තරග ගණනායක් පාලනය කරගත නොහැකි තත්වයට පත් වූ අතර ඇතැම් තරග අත්හිටුවන්නටද සංවිධායකයන් කටයුතු කලහ.
පලමුව පැවති ගීත ගායනයේදී මන්ත‍්‍රීවරුන් විශාල පිරිසක් ඊට ඉදිරිපත් වීම නිසා සංගීත කණ්ඩායමත් සංවිධායක පිරිසත් දැඩි ලෙස අපහසුතාවට පත් වූහ. සංගීත පුටු තරගය වංචා ඉහ වහා ගිය තරගයක් වූ අතර බෝතලයට අතින් වතුර පිරවීමේ තරගය වංචා වැඩිවීම හේතුවෙන් නවතා දමන ලදී.
ලිස්සන ගහ අවසානයටම ගිය මන්ත‍්‍රී මහින්දානන්ද සෙසු මන්ත‍්‍රීවරුන් විසින් බිමට ඇද දැමූ අතර විකට ඇදුම් තරගය දේශපාලන මඩ ප‍්‍රහාරවලින් බහුල විය.

COMMENTS