දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පුහුණුව ලැබූ මරාගෙන මැරෙන ත්‍රස්තයන් 75ක් සැඟවිලා !
Homeප්‍රවෘත්ති

පුහුණුව ලැබූ මරාගෙන මැරෙන ත්‍රස්තයන් 75ක් සැඟවිලා !

PropellerAds

මු ස්ලිම් අන්තවාදී සංවිධානයක් වන තවුහිද් ජමාත් සංවිධානයට සම්බන්ධ වී ඇති තවත් මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට පුහුණුව ලැබූ 75කට ...

උල්කාපාත වර්ෂාවක් අද සහ හෙට
උසස් පෙළ සන්නිවේදන විෂය පැරණි නිර්දේශයට ඉගැන්වීමට තීරණයක්
වෛද්‍ය අධ්‍යාපනය සඳහා අවම සුදුසුකම් නියම කෙරේ
මුස්ලිම් අන්තවාදී සංවිධානයක් වන තවුහිද් ජමාත් සංවිධානයට සම්බන්ධ වී ඇති තවත් මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට පුහුණුව ලැබූ 75කට අධික පිරිසක් සිටින බවට තොරතුරු වාර්තා වන බව වාර්තා වේ.

අරුණ පුවත්පත විසින් මේ හෙළිදරව්ව කර ඇති අතර එහි දැක්වෙන පරිදි එම කණ්ඩායමේ කිහිප දෙනකු හඳුනාගෙන ඇති අතර ඔවුන්ගෙන් වැඩි පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාව ලැබී තිබේ.
ඔවුන් අතර ප්‍රධානීන් ලෙස සැලකෙන 5 දෙනකු අත්අඩංගුවට ගැනීමට මේ වනවිටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ අරඹා ඇතැයි පැවසේ.

එහි වැඩිදුරටත් මෙසේද දැක්වේ.

තවුහිද් ජමාත් සංවිධානය පසුගිය 21 වැනි දින (පාස්කු ඉරිදා) එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයට බෝම්බකරුවන් 9 දෙනකු යොදාගත් අතර දේවස්ථාන 3කට හා තරු පන්ති හෝටල් 3කට ද ලැගුම්හලකටද එල්ල කළ ප්‍රහාරයන් හේතුවෙන් පුද්ගලයන් 253 මියගොස් තවත් 500කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායකයා ලෙස සැලකෙන මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් හෙවත් සහරාන් හසීම් ප්‍රහාරයේ වගකීම් කටයුතු සංවිධානය කිරීමට ඉම්සාම් අහමඩ් ඊබ්‍රාහිම් (33) පවරා තිබූ බව හෙළිව තිබේ.

ඔවුන් දෙදෙනාම ෂැංග්‍රිලා හෝටලයෙන් එල්ල කළ බෝම්බ ප්‍රහාරයනේ මියගිය අතර ඉම්සාම් අහමඩ් ඒ අනුව ප්‍රහාරයේ සියලු සැලසුම් සකස් කර පානදුර කෙසෙල්වත්ත පරත්ත පාරේ සෙරිෆ් මාවතේ නිවස හා බටගම ඇවරිවත්ත කඳානේ නිවසද, බෝම්බ පිපිරවූ හෝටල් කාමර සහ වාහන ආදියද ඔහුගේ නමට මිලදී ගෙන තිබේ.

සිද්ධියෙන් ඉම්සාම් අහම්ඩ්ගේ සොහොයුරා වන මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් කිංස්බරි හෝටලයේ ප්‍රහාරයට ගොස් තිබේ. මෙම දෙදෙනාම දෙමටගොඩ මහවෙල මහල් නිවාස සංකීර්ණයේ නිවසක නැවතී සිට ඇත.

එම නිවසේ සිට සිදු කළ මෙම මුස්ලිම් අන්තවාදී කටයුතු පිළිබඳ 2016 වසරේ සිට රාජ්‍ය බුද්ධි සේවය හඳුනාගෙන තිබූ බව වාර්තා වේ.

ඔවුන්ගේ පියා වන කොළඹ 13 පරණ යොන් වීදියේ ඊෂාන් ස්පයිසි එක්ස්පෝට් හි සභාපති මොහොමඩ් ඊබ්‍රාහිම් ඇතුළු 18 දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

අහමඩ් ඊබ්‍රාහිම්ගේ නමට වාහන 13ක්


ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් හෙළිව ඇත්තේ මෙම අන්තවාදී කණ්ඩායම්වලට අවශ්‍ය මුදල් විදෙස් අන්තවාදී ත්‍රස්තවාදී කණ්ඩායමකින් මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් තිදෙනකුගේ ගිණුම්වලට ලැබී ඇති බවයි.

ප්‍රහාරයේ ප්‍රධාන සැලසුම්කරු ලෙස හැඳින්වෙන ඉම්සාම් අහමඩ් ඊබ්‍රාහිම්ගේ නමට යතුරුපැදි 6ක්, වෑන් රථ 3ක්, කාර් රථ 3ක් ද ලොරි රථයක් ඇතුළු වාහන 13ක් තිබී ඇති අතර කොටහේන කොච්චිකඩේ පල්ලිය අසල තිබී පසුගිය 22 වැනි දින ආරක්ෂක අංශ විසින් සොයාගත් බෝම්බ සවිකළ වෑන් රථයද ඔහුට අයත් එකකි. මේ වන විට ඔහුට අයත් ලොරිරථයක් වෑන් රථයක් හා යතුරුපැදි 2ක් සොයාගෙන ඇති අතර තවත් යතුරුපැදි 4ක් වෑන් රථයක් හා කාර් රථ 3ක් තවමත් සොයා ගැනීමට හැකිවී නැත.

සොයා නොගත් යතුරුපැදි 4ක් : කාර් 3ක්

VC 4843 අංක දරන කළු යමහා යතුරුපැදිය, US 3740 කළු හොන්ඩා ස්කූටිය, VG 0526 කළු හොන්ඩා ස්කූටිය, WP BCY 2183 ස්කූටි යන යතුරුපැදි 4 සහ PJ 4080 නිශාන් සුදු වෑන් රථයද මේ වනතෙක් සොයාගෙන නොමැත.

ඊට අමතරව CP CAT 4260 ටොයොටා, WP CAS 7256 ටොයොටා සහ CAV 4022 සුසුකි යන කාර් තුනද මෙතෙක් සොයා ගැනීමට හැකිවී නැත.

මීට අමතරව ප්‍රධාන සැලසුම්කරු ඒ වන විට බැංකුවලින් ලබාගෙන තිබූ සියලු අයිරාද ඊට දින කිහිපයකට පෙර ඔහු විසින් පියවා ඇති බවද වාර්තා වේ.

සහරාන් හසීම්ගෙන් පසුව ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායකත්වයට පත් කර ඇති නවුෆර් මවුලවීද සිද්ධියට පසු දින දඹුල්ල පොලිසිය අත්අඩංගුටව ගත්තේය. ඔහු කුරුණෑගල කටුපොත ප්‍ර‍දේශයේ පදිංචි අයකු වන අතර ඒ සමග අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයා පසුගිය වසරේ දෙසැම්බර් 23 මාවනැල්ල ප්‍ර‍දේශයේ බුදුපිළිමවලට හානි කිරීම සම්බන්ධ අයෙකි.

මේ අතර බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සැලසුම්කරුගේ නමට කුලියට ගත් නිවසක් කඳාන ප්‍රදේශයේද තිබී ඇති අතර කටුවාපිටිය දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ලවීමෙන් පසු එහි සිටි දෙදෙනෙක් පලාගොස් ඇත.

ඔවුන් දෙදෙනා සමග තවත් තිදෙනකුද එම නිවසේ සිට ඇති අතර ඔවුන්ද වෙනත් ප්‍රදේශයකට පලාගොස් ඇති බව වාර්තා වේ. කටුවාපිටිය දේවස්ථානයේ පුපුරුවා හැරි බෝම්බය සකස් කර ඇත්තේ මෙම නිවසේදී බව හෙළිව තිබේ. එම අධිබල බෝම්බ සැකසූ බවට විශ්වාස කරන පුද්ගලයා සම්බන්ධයෙන්ද මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇත.

කෙසේ වෙතත් මුස්ලිම් අන්තවාදී කණ්ඩායමට සම්බන්ධ කුඩා කුඩා කණ්ඩායම් ලෙස කටයුතු කරන කණ්ඩයාම් කිහිපයක් රට පුරා සිටින අතර ඔවුන් සම්බන්ධයෙන්ද පරීක්ෂණ ආරම්භ කර ඇත.

එහි ප්‍රධාන කණ්ඩායමක් ලෙස සැලකෙන මාවනැල්ලේ බුදුපිළිමවලට හානි කිරීමට නායකත්වය දුන් අයිය මලෝද මේ වන තෙක් අත්අඩංගුවට ගැනීම හැකිවී නොමැත. අයිය මලෝ වන ඉම්මයි සාදික් අබ්දුල් හක් හා ඉම්හයි සාදික් යන අය පසුව ප්‍ර‍ද්ශයෙන් පලාගොස් පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ රහසිගත කඳවුරක පුහණුවීම්වල නිරත වී ඇති බවද හෙළිව තිබේ.

මේ අතර සහරාන්ගේ සොහොයුරා වන මොහොමඩ් රිල්වාන් හසීම් මෙම ප්‍රහාරයට පැමිණෙන බවට මීට පෙර බුද්ධි අංශ අනතුරු අඟවා තිබූ අතර එහෙත් ඔහු මේ වනවිට අතුරුදන් වී ඇත.

මෙම කුඩා කණ්ඩායම්වලට බැඳී පුහුණුව ලැබූ වැඩි පිරිසක් මාවනැල්ල, පුත්තලම, පොළොන්නරුව, අඩ්ඩාලච්චේන, කාත්තණ්කුඩිය ආදී ප්‍රදේශවල බව වාර්තා වේ. එසේ බඳවා ගත් අය රහසිගතව පුහුණු පන්ති පවත්වාගෙන ගොස් ඇති අතර එම පන්ති කාත්තණ්කුඩිය, කුරුණෑගල, මාවනැල්ල, පුත්තලම ආදී ප්‍ර‍දේශවල පැවැති බව වාර්තා වේ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පුහුණුව ලැබූ මරාගෙන මැරෙන ත්‍රස්තයන් 75ක් සැඟවිලා !
පුහුණුව ලැබූ මරාගෙන මැරෙන ත්‍රස්තයන් 75ක් සැඟවිලා !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjwqYYdi_CHR0HIJybe2eDYgCvYTGs0PIzhnrZRnEbQhmgWavJj5IDw9yCLRX9S7P_LRbcLWZzVQzK_2K-fUxcjLgSzXdKIVD-MYQ8KmPel8b10g6ViUE9m0E1KYWQH69pN8Md2z8RtuB2u/s320/bd92a14eb99d66fe4162457f99a8ba63_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjwqYYdi_CHR0HIJybe2eDYgCvYTGs0PIzhnrZRnEbQhmgWavJj5IDw9yCLRX9S7P_LRbcLWZzVQzK_2K-fUxcjLgSzXdKIVD-MYQ8KmPel8b10g6ViUE9m0E1KYWQH69pN8Md2z8RtuB2u/s72-c/bd92a14eb99d66fe4162457f99a8ba63_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/75_27.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/75_27.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy