ගුවන් ගමන් වාර බලාපොරොත්තුවෙන් සිටින මගීන් නිශ්චිත වේලාවට පැය 4කට පෙර ගුවන් තොටුපල වෙත වාර්තා කරන ලෙස දැනුම් දී ඇත. විදේශ ගත වීම සදහා කටු...
විදේශ ගත වීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන් ගුවන් යානය පිටත්වීමට නියමිත වේලාවට පැය 04 කට පෙර ගුවන් තොටුපළ වෙත පැමිණ සිටිය යුතු බවත්, එසේ පැමිණීමේ දී අනවශ්‍ය පුද්ගලයන් රැගෙන පැමිණීමෙන් වළකින ලෙසත් ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කර ඇත.
එසේම මේ වනවිට අද (21) දින උදෑසන 10.00 සිට ගුවන් මගීන්ගේ අමුත්තන් සඳහා වෙන්කර තිබූ පිටත්වීමේ සහ පැමිණීමේ පර්යන්ත වල පිහිටි ලොබි ශාලා වසා දමා ඇති බවද එම නිලධාරීවරයා වැඩිදුරටත් පවසා ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කර සිටියි.
ගුවන් මගීන් හැර වෙනත් කිසිදු පුද්ගලයෙකු ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි තුළට ඇතුළු කර නොගන්නා බවද හෙතෙම තවදුරටත් පවසා ඇත.
COMMENTS