පැය 24 ක් ඉක්මව ගොස් ඇත. මුස්ලිම් අන්තවාදි කණ්ඩායමක් මෙය සිදුකල බවට කියන්නට රජයේ කිසිදු බලධාරීයෙක් ඉදිරියට ආවේ නැත. තහනම් කල යුතුව ඇත්තේ ස...
පැය 24 ක් ඉක්මව ගොස් ඇත. මුස්ලිම් අන්තවාදි කණ්ඩායමක් මෙය සිදුකල බවට කියන්නට රජයේ කිසිදු බලධාරීයෙක් ඉදිරියට ආවේ නැත. තහනම් කල යුතුව ඇත්තේ සමාජ ජාල නොව මෙටර ජාතික ආරක්ෂාව භාර උන්ගේ නිල තලය..ජනාධිපති සුපුරුදු පරිදි අගමැතිට බෝලය පාස් කරමින් ප්‍රකාශක් නිකුත් කරනු ඇත. මෙවර ඊට පෙර සූදානම් වූ අගමැති ඊයේ රාත්‍රියේ ජාතිය අමතමින් ආරක්ෂක අංශ මෙය දැනුවත්ව සිටි බව සනාථ කලේය. පොලීසිය භාර දීමට තරම් දක්ෂ ඇමතිවරයෙකු මේ ගොබ්බ ඇමති මණ්ඩලයේ නොසිටි බැවින් ජනාධිපති පොලීසිය භාර ගත්තේය .
ජනාධිපති කුඩු අල්ලා දිනාගත් ප්‍රසිද්ධිය දැන් කුඩේ කුඩු වී ගියේය . පොලිස්පති නැමති පූජිත අද කුජීත වී ඇත. සමහරවිට සිදු වූ විපත දැක පූජිත ජයසුන්දර භාවනා යෝගීව තපස් රැකීනු ඇතයි මට සිතේ ...තමන්ගේ බලය ලබා ගැනීමට නින්දෙන් නැගිට ගැසට් නිවේදන දැමූ ජනපතිට මුස්ලිම් අන්තවාදී සංවිධාන තහනම් කරමින් ගැසට් එකක් ගැසීමට තවම මතක් වී නැත .
ඇදිරිනීතිය යටතේ ආරක්ෂා වූ ජනතාව හෙට පාරට බසින්නේ ජීවිතය පිලිබද අවිශ්වාසයෙනි. හදහන් රැගෙන හරීන්ගේ පියා සොයා යාමට සිදුවේදැයි නොදනිමි. විදේශිකයන් යලි නොයෙන්නටම අපේ රටින් නික්ම ගොස් හමාරය ...
අවසන් වශයෙන් මේ ප්‍රහාර සිදුකලේ කවුරුන්ද යන බව දැනට හෙලිව ඇති තොරතුරු මත ‘සදන් කිරීමට ඇත්තේ ජාතික තව්හිද් ජමාත්‘ නම් සංවිධානයේ නායකයා වන මොහොමඩ් සහරාන් නමැත්තා සහ ඔහුගේ අනුගාමිකයන් විසින්ය. මෙරට කතෝලික පල්ලි සහ ඉන්දියානු තානාපති කාර්යාලය ඉලක්ක කරමින් ප්‍රහාරයකට සූදානම් වන බව දන්වා තිබිණි. නියෝජ්‍ය පොලිස්පති වරයාගේ ලිපිය සත්‍යය..
මොහොමඩ් කාසිම් සහරාන් නමැති මොහු විසින් මෙහෙයවන ‘ජාතික තව්හිද් ජමාත්‘ කල්ලිය මෙරට ඉස්ලාමික රාජ්‍යයක් ඇති කිරීම සදහා කටයුතු කරන බවත්, ඔවුන් ISIS ත්‍රස්තවාදී සංවිධානයට සහය දක්වන බවත් තොරතුරු ඕනෑතරම් වාර්තා වී තිබිණි . නමුත් හැමදෙයක්ම ජාතීවාදී යන මට්ටමින් බැලීමට ගොස් ශ්‍රී ලංකාව ජීවිත 300 ක් නිකරුනේ පූජා කලේය
සටහන පසිදු සමරවීර
පහතින් වීඩියෝව
COMMENTS