දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
19 සම්මත කරගත්තේ ජනාධිපතිවත් රවට්ටලා !
Homeප්‍රවෘත්ති

19 සම්මත කරගත්තේ ජනාධිපතිවත් රවට්ටලා !

PropellerAds

19 වැනි සංශෝධනය හදිසියේ හැදුවේ මගෙන් හා පවුලේ අයගෙන් විතරක් පළිගැනීම ඉස්සරහට දාගෙන. අවසානයේදී ජනාධිපතිවරයාවත් රවට්ටලා 19 වැනි සංශෝධනය සම්මත...

මහින්දගේ නෙළුම් පොකුණ කතාවෙන් පොහොට්ටු පසුපෙල හාන්සියි..
චීන හමුදා කදවුරක් ලංකාවට - පෙන්ටගනයෙන් වාර්තාවක්!
ලංකාව ආසියාවේ දුප්පත්ම රට වීම ස්ථිරයි.. ආණ්ඩුව අන්තිම අසාර්ථකයි – අනුර යාපා
19 වැනි සංශෝධනය හදිසියේ හැදුවේ මගෙන් හා පවුලේ අයගෙන් විතරක් පළිගැනීම ඉස්සරහට දාගෙන. අවසානයේදී ජනාධිපතිවරයාවත් රවට්ටලා 19 වැනි සංශෝධනය සම්මත කර ගත්තා, යැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පැවැසීය.

විපක්ෂ නායකවරයා එසේ පැවැසුවේ බණ්ඩාරගම හය වැනි ප්‍රාදේශීය සභාවේ වර්ෂ පූර්ණය නිමිත්තෙන් අලුබෝමුල්ල එස්. මහින්ද මහා විද්‍යාලයේ පැවැති සිසු උදාන අධ්‍යාපන හා වෙළෙඳ ප්‍රදර්ශනාගාර සැණකෙළියේදී පාසල් දරු දැරියන් 500 දෙනකුට පාසල් පොත් හා උපකරණ බෙදාදීමේ උත්සවයේදීය.

එහිදී විපක්ෂ නායකවරයා මෙසේද පැවැසීය.

5 ශිෂ්‍යත්වය නැති කරන්න දැන් කතිකාවක් ඇතිවෙලා. මගේ නම් මේ පිළිබඳ අදහස් දෙකක් තියෙනවා. පහේ ශිෂ්‍යත්වය නැති කරනවා නම් ගමේ දක්ෂ දරුවන්ට රාජකීය, ආනන්ද, නාලන්ද, විශාකා හා අනුලා වැනි රටේ ප්‍රධාන විද්‍යාලවලට එන්න වැඩපිළිවෙළක් තියෙන්න ඕන.

මේ විභාගය නැති කළොත් දරුවන්ට රටේ හොඳම පාසල්වලට යන්න අවස්ථාව නැති වෙන නිසා වෙනත් ක්‍රමයක් හදනකම් පහේ ශිෂ්‍යත්ව විභාගය අවලංගු කරන්න එපා කියන එක තමයි මගේ විශ්වාසය. මම හිතනවා ජනාධිපතිවරයාත් එය අනුමත කරාවි කියලා. දැන් ගමේ පාසල හොඳම පාසල කියනවා. හොඳම පාසලේ ගොඩනැඟිලි නැහැ. ගුරුවරු නැහැ. හරියාකාරව ක්‍රීඩා පිට්ටනියක් අඩුම තරමේ සෙල්ලම් කරන්න වොලිබෝලයක්වත් නැහැ. ශිෂ්‍යත්ව විභාගය නැති වුණොත් අපේ ගමේ දක්ෂ දරුවන්ට ගමේ පාසලටම යන්න වෙනවා.

ගමේ දරුවෝ ගමේ පාසලට දාලා රාජකීය විද්‍යාලය වැනි හොඳ පාසල් කාටද දෙන්න හදන්නේ. එක පන්තියකටද? මේක පිළිබඳ අපිට ප්‍රශ්නයක් තියෙනවා.

දැන් තියෙන්නේ පික් පොකට් න්‍යායේ ආණ්ඩුවක්. බස් එකේ පොකට් ගහපු එකා ඉස්සරහට අත දික්කරගෙන හොරා හොරා කියාගෙන දුවනවා. ඒ වගේ අනුන්ට අත දික්කරගෙන තමනුත් ඒ වරදම කර කර ඉදිරියට යන ආණ්ඩුවක් මේක.

අවුරුදු තුනක් ප්‍රාදේශීය සභාව පැවැත්වූවේ නැහැ. ජනතාවට තමන්ට කැමැති පාලකයෙක් පත්කර ගැනීමට ඇති සර්වජන ඡන්ද බලය උදුරා ගත්තා.

දැන් පළාත් සභා අවුරුදු කීයකට පස්සට දාවිද දන්නේ නැහැ. ඡන්දය ඉල්ලා අපි අධිකරණයට ගියා. අධිකරණය අපිට බලය දුන්නේ නැහැ.

අධිකරණය වුණත් ක්‍රියාත්මක වෙන්නේ පාර්ලිමේන්තුව හදන නීති අනුවයි. පාර්ලිමේන්තුව වැරැදි නීතියක් හැදුවොත් ඒ නීතියට අධිකරණයත් යටත්. 19 වැනි සංශෝධනය හදිසියේ හැදුවේ මගේ සහ මගේ පවුලේ අයගෙන් විතරක් පළිගැනීම ඉස්සරහට දාගෙන. අවසානයේදී ජනාධිපතිවරයාවත් රවට්ටලා. එතුමාගේ කාලය සහ බලය ඉවත් කරලා. අවුරුදු හයක් වූ ධුර කාලය පහට අඩු කරලා. පාර්ලිමේන්තුව විසුරුවන්න අවුරුදු 4 1/2ක් බලාගෙන ඉන්න ඕනෑ. මේ තත්ත්වය යටතේ ජනතාව බලාපොරොත්තු වන සර්වජන ඡන්ද බලය උදුරාගෙන ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරලා. මෙවර අය-වැයෙන් තුනෙන් එකක් පරාජය කළා. තමන්ගේ මන්ත්‍රිවරුන් ගෙන්වා ගන්න බැරි ආණ්ඩුවක් මේක. විපක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරු සංවිධානාත්මකව මේක කරලා. මම දන්නේ නැහැ කොයි විදියට වුණාද කියලා. ආණ්ඩුවට පළමු ප්‍රහාරය එල්ල වුණා. මේක විපක්ෂයේ ලොකු ජයග්‍රහණයක්. ප්‍රාදේශීය සභාව තමයි ජනතාවට කිට්ටුම ආයතනය. අපේ යුගයේ අපි ප්‍රාදේශීය සභාවට විශාල ප්‍රතිපාදන ලබාදී එය ශක්තිමත් කළා. ඒ නිසා ගමේ පාරවල් විශාල ප්‍රමාණයක් කාපට් කරන්න කොන්ක්‍රීට් කරන්න හැකිවුණා. ප්‍රාදේශීය සභාව අනුවයි පළාත් සභාව තීරණය වෙන්නේ. ඒ අනුවයි පාර්ලිමේන්තුව තීරණය වෙන්නේ යනුවෙන්ද පැවැසීය.

උත්සවය අවසානයේ විදුලි අර්බුදය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ පැනයට පිළිතුරු ලබාදුන් එතුමා රටේ මිනිසුන්ට විදුලිය දෙන්න බැරි ආණ්ඩුවක් මේක යනුවෙන් පැවැසූ අතර ජනාධිපතිතුමා සමඟ පැවැත්වෙන සාකච්ඡා සම්බන්ධයෙන් නැඟූ පැනයට පිළිතුරු ලබාදෙමින් පැවැසුවේ සාකච්ඡා පවත්වන බවත් දැන් එතුමා අපේ යාළුවෙක් බවත්ය.

පළාත් සභා මන්ත්‍රි ලලිත් එල්ලාවල සහ ප්‍රාදේශීය සභාවේ සභාපති දේවේන්ද්‍ර පෙරේරා යන මහත්වරුද කතා කළහ.

මෙම අවස්ථාවට මහ සංඝරත්නය, හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන, බස්නාහිර පළාත් මන්ත්‍රිවරුන් වන ලලිත් එල්ලාවල, නිමල් චන්ද්‍රරත්න, බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති දේවේන්ද්‍ර පෙරේරා පළාත් පාලන නියෝජිතයන් ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගි වූහ.

කොළඹ - එම්.සී. පෙරේරා, පොතුපිටිය - සුමිත් රණවක


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 19 සම්මත කරගත්තේ ජනාධිපතිවත් රවට්ටලා !
19 සම්මත කරගත්තේ ජනාධිපතිවත් රවට්ටලා !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiifNvGC11EDY3olQ0mef_cdG17DADEc6Bd0qU4E-h7TBQXf_V9Ywab3ee3FzpZdiAbXaf56aWX5q39HSLS9per5KWTAVWq3MZCH0pc5gOO1xaWqID3V19rgaiTVKSGhjDvqy4_t-5OCT48/s320/_104040705_gettyimages-1052469356.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiifNvGC11EDY3olQ0mef_cdG17DADEc6Bd0qU4E-h7TBQXf_V9Ywab3ee3FzpZdiAbXaf56aWX5q39HSLS9per5KWTAVWq3MZCH0pc5gOO1xaWqID3V19rgaiTVKSGhjDvqy4_t-5OCT48/s72-c/_104040705_gettyimages-1052469356.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/19_17.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/19_17.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy