දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ආරක්ෂක තත්වය : ත්‍රස්ත කල්ලියේ 154ක් දැලේ - 'සහරාන්' මිය ගිහින් !

පූ ජනීය ස්ථාන ඇතුළු හෝටල් කිහිපයක මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා හරිමින් දෙස් විදෙස් අහිංසක මිනිස් ජීවිත 200කට වැඩි ප්‍රමාණයක් බිලිගත් තවුහිත්...

පූජනීය ස්ථාන ඇතුළු හෝටල් කිහිපයක මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා හරිමින් දෙස් විදෙස් අහිංසක මිනිස් ජීවිත 200කට වැඩි ප්‍රමාණයක් බිලිගත් තවුහිත් ජමාත් සංවිධානයේ සාමාජිකයන් 154ක් අත්අඩංගුවට ගනිමින් ඔවුන්ගේ සංවිධානයේ සියලු තොරතුරු ‍හෙළිකරගනිමින් ත්‍රිවිධ හමුදාවත්, පොලිසියත් විශේෂ කාර්ය බළකායත් ඒකාබද්ධව සිදුකරන ලද මෙහෙයුම්වලින් මේ වන විට එම සංවිධානයේ අභිරහස් කටයුතු සියයට හැටකින් පමණ හෙළිකර ගැනීමට හැකිවී තිබේ.

මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කළ ‘තව්හිද් ජමාත්’ සංවිධානයේ නායකයා ලෙස සැලකූ ‘මොහොමඞ් සහරාන්’ නමැති පුද්ගලයා ෂැංග්‍රීලා හෝටලයට එල්ල කළ බෝම්බ ප්‍රහාර දෙකෙන් එක් බෝම්බ ප්‍රහාරයකින් මියගොස් තිබෙන බව ආරක්‍ෂක අංශ ඊයේ තහවුරු කළේය.

පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ බෝම්බකරුවන් 08 දෙනාද ආරක්‍ෂක අංශ විසින් මේවනවිට හඳුනා ගෙන තිබේ.

සයින්දමරුදු ගැටුම :

සැක කටයුතු පිරිසක් කල්මුනේ, සයින්දමරදු ප්‍රදේශයේ සිටින බවට ප්‍රදේශවාසී මුස්ලිම් තරුණයින් ගෙන් ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වූ පොලිස් විශේෂ කාර්ය බළකා හා යුද හමුදා නිලධාරීන් එම නිවස පරීක්‍ෂා කිරීමට යනවාත් සමග එම නිවස දෙසින් වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත.

ඒ සමග ආරක්‍ෂක අංශද ප්‍රතිප්‍රහාර එල්ල කර තිබේ. ඒ සමගම පිපිරීම් තුනක් සිදුවී තිබෙන අතර මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් එය සිදුකරගෙන ඇතැයි හෙළිවී තිබේ.

ඉන් අනතුරුව ආරක්‍ෂක අංශ නිවස පරීක්‍ෂා කිරීමේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ බවට සැකකෙරෙන පිරිමි පුද්ගලයන්ගේ මළ සිරුරු 3 ක් කාන්තාවන් 3 කගේ මෘත ශරීර සහ කුඩා දරුවන් 6 දෙනෙකුගේ මෘත ශරීර නිවස ආසන්නයේ තිබියදී ද නිවසින් පිටත මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ බවට සැකකරන පුද්ගලයන් තිදෙනකුගේ මෘත දේහ 3 ක්ද ඇතුළු මෘත දේහ 15 ක් හමුවී ඇත.

එම නිවසේ තුවාල ලබා සිටි කුඩා දැරියක සහ ඇගේ මව බවට කියන කාන්තාවක ආරක්‍ෂක අංශ විසින් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු ලෙසින් සැලකෙන සහ්රාන් හෂීම්ගේ පියා සහ සහෝදරයන් දෙදෙනා, සිකුරාදා දියත් කළ මෙම මෙහෙයුම අතරවාරයේ මියගොස් ඇති බව පොලිසිය පැවසීය.

 ත්‍රස්ත නායකයාගේ රියදුරා වමාරයි !

මේ අතර ‘තව්හිද් ජමාත්’ සංවිධානයේ ප්‍රධානියා ලෙස සැලකෙන ‘මොහොමඞ් සහරාන්’ නමැත්තාගේ රියැදුරා ලෙස කටයුතු කළ මොහොමඞ් ෂරීන් ආදම්ලෙබ්බේ හෙවත් ‘ගෆුර්’ (53) නමැති පුද්ගලයා සමග සැකකරුවන් 7 දෙනකු මඩකලපුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන් සමග තව්හිද් ජමාත් ලාංඡුන සහිත ටී ෂර්ට්, තොප්පි, මුහුණු ආවරණ, මරාගෙන මැරෙන අවස්ථාවල අඳින ඇඳුම් කට්ටල, පිස්තෝලයක් සහ ලැප්ටොප් පරිගණකයක් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සහරාන් හෂීම්ගේ රියැදුරා වැඩිදුර විමර්ශන සඳහා පෙරේදා (27 දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට බාරදී ඇති අතර මේවනවිට ඔහුගෙන් ත්‍රස්තවාදීන්ගේ අභිරහස් කටයුතුවලට අදාල රහස්‍ය තොරතුරු රැසක් හෙළිකර ගැනීමට හැකිවී ඇත.

වනාතවිල්ලූවෙන් පුපුරන ද්‍රව්‍ය තොගයක් :

පුත්තලම වනාතවිල්ලූව කරඩිපුවල් සමගිපුර ප්‍රදේශයේදී ඉකුත් ජනවාරි 16 වැනිදා පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගත් පොලිසිය, පොල්වත්තේ වළ දමා තිබූ විවිධ වර්ගයේ පතරොම් සහ ගිනි අවිද මෙහි තිබී සොයාගෙන ඇත.

නිල්පාට බැරල්වල දමා වළ දමා තිබූ ඒවා අතර ටී 56 ගිනි අවියක්, මිලි මීටර් නවයේ පිස්තෝලයක්, රිවෝල්වරයක්, මෙරට නිෂ්පාදිත රිවෝල්වර පහක් ජීව උණ්ඩ රැුසක් මෙහිදී සොයාගෙන තිබේ.

අම්පාර නින්දවූර් ප්‍රදේශයේද මරාගෙන මැරෙන බෝම්බකරුවන් කණ්ඩායමක් සිටින බවට ලද තොරතුරක් අනුව පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය පෙරේදා (27 දා) නිවසක් සෝදිසි කිරීමේදී මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල සඳහා සවිකරන කුඩා යකඩ බෝල සවි කළ තහඩුවක්, එම බෝලවලට සවිකරන සුවිච්, ලියාපදිංචි නොකළ වෑන් රථයක්, උල් පිහියක් ඇතුළු භාණ්ඩ රැසක් සොයාගෙන ඇත.

සමන්තුරේ 'සැක කටයුතු ද්‍රව්‍ය රැසක්'

අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ ප්‍රදේශයේ නිවසක තිබී මරාගෙන මැරෙන ප්‍රහාකරකයන් ගේ බවට සැක කෙරෙන සැක කටයුතු ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයාගත් බව පොලිසිය පවසයි.

මරාගෙන මැරෙන බෝම්බකරුවන් ඇඟලන ඇඳුම්වලට සමාන ඇඳුම් කට්ටලයක්, කුඩා යකඩ බෝල ලක්ෂයක් සහ ජෙලග්නයිට් කූරු 150 ක් පමණ ද එම ස්ථානයේ තිබුණු බව පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේය.

ඉහත කී ඇඳුම් කට්ටල සහ තිරය, පාස්කු දින ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් යයි සැක කෙරෙන පිරිස විසින් නිකුත් කරන ලද වීඩියෝ දර්ශනයක දැක්වෙන පුද්ගලයන් ඇඳ සිටි ඇඳුමට හා එහි වූ පසුබිම් තිරයට සමාන බව ද පොලිස් අධිකාරීවරයා පැවසීය.

රාජ්‍ය බුද්ධි සේවයට ලැබුණු තොරතුරක් මත අම්පාර පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් විසින් අදාළ නිවස පරීක්ෂා කළ අවස්ථාවේදී ඉහත කී ද්‍රව්‍ය හමු වී තිබේ.

අවශ්‍යව සිටි තවත් දෙදෙනෙක් අල්ලා ගනී :

මේ අතර ඉන්දියානු රෝ ඔත්තු සේවය සහ මෙරට රාජ්‍ය බුද්ධි සේවය විසින් අනතුරු අගවන ලද අන්තවාදීන් කිහිප දෙනෙකු දැනට අත්අඩංගුවටගත් සැකකරුවන් අතර සිටිති.

ඔත්තු සේවා විසින් කළ අනතුරු ඇගයීමේ සඳහන් අන්තවාදීන්ගෙන් මරාගෙන මැරුණු අන්තවාදීන් අතර සිටියේ එක් අයෙක් පමණක් බවත් ඔහු සහරාන් පමණක් බවත් ආරක්ෂක අංශ ප්‍රධානියකු පැවැසීය.

එම අනතුරු ඇගයීමේ නම් සඳහන් මෙහොමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල්හක් , මෙහොමඩ් ඉවුහයිම් ශාහිඩ් අබ්දුල්හක් යන මාවනැල්ලේ සහෝදරයන් දෙදෙනා ඊයේ (28) අලුයම ගම්පොල නුවරඑළිය පාරේ පිහිටි පාවහන් වෙළද සලක් පිහිටි ගොඩනැගිල්ලක සැඟවී සිටියදී ගම්පොල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබේ.

ඉකුත් 26 වැනිදා සාදික් නමැත්තා සිය බිරිය සහ සිවු හැවිරිදි දරුවා මාවනැල්ලෙන් අතහැර සිය සහෝදරයා සමඟ ගම්පොලට ගොස් සැඟවී සිට ඇතැයි පරීක්ෂණවලින් අනාවරණය විය. ෆාතිමා කාදියා නමැති ඇයව එදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත්තේය.

මේ සහෝදරයන් දෙදෙනාද සූදානමින් සිට ඇත්තේ මරාගෙන මැරෙන ප්‍රහාරයකට සූදානම්වය. ඔහුගේ මිතුරෙක් වන නාවලපිටියේ පදිංචිකරුවෙක් වන ඉෆාන් නමැති අයෙක්ද මරාගෙන මැරෙන ප්‍රහාරයකට සූදානමින් සිට ඇතැයිද හෙළිවී ඇත. ඔහුවද නාවලපිටියේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

දඹුල්ල පොලිසිය පසුගිය 21 වැනිදා රාත්‍රියේදී ලැගුම්හලකට පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් දෙදෙනාද මරාගෙන මැරෙන ප්‍රහාරයකට සූදානමින් සිටි දෙදෙනෙක් බවද අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ප්‍රහාරයන්ට සහාය දුන් පුද්ගලයන් සොයා මෙහෙයුම් :

ඊට අමතරව බුද්ධි අංශ අනතුරු ඇගයීමේ නම් සදහන් මොහොමඩ් මිල්හාන්, මොහොමඩ් මොහිදින් හෙවත් ආමි මොහිදීන් යන අන්තවාදීන්ද මේ වන විට සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේය.

එම අන්තවාදීන්ගේ ජාලය මේ වන විට බිද දමා අවසන් බවත් ඔවුන්ට නැවත ප්‍රහාරයකට ඉඩ නැති බවත් උසස් පොලිස් නිලධාරියා විශ්වාසයෙන් සදහන් කළේය.

මෙම අන්තවාදීන් සමඟ සම්බන්ධකම් පැවැත්වූ අය මෙන්ම ප්‍රහාරයන්ට සහාය දුන් පුද්ගලයන් හඳුනා ගනිමින් මේ වන විට ඔවුන්වද කොටුකර ගනිමින් සිටින බව එම නිලධාරියා පැවැසීය.

දෙමටගොඩ නිවසින් මැණික් මතුවේ !

මෙම ප්‍රහාරවල ප්‍රධාන සැකකරුවන් කිහිප දෙනකු සිටි බව කියන දෙමටගොඩ බෝම්බ පුපුරුවා ගත් නිවසේ ඊයේ ආරක්‍ෂක අංශ සිදුකළ පරීක්‍ෂාවේදී කෝටි 3 ක් වටිනා නිල් මැණික් තුනක්, කෝටි එකහමාරක් වටිනා මෙරට මුදල්, ලක්‍ෂ පහක විදේශ මුදල් හා ලක්‍ෂ පහළොවක පමණ ස්වර්ණාභරණ සොයාගෙන ඇත.

ඇතිව තිබෙන තත්ත්වය හමුවේ සමන්තුරේ, චවලකඬේ සහ කල්මුණේ ප්‍රදේශවලට පසුගිය සිකුරාදා (26 දා) සිට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය ඊයේ (28 දා) පෙරවරු 10.00 ට ඉවත් කර නැවත සවස 5.00 සිට නැවත දැනුම් දෙනතුරු පැනවීමට කටයුතු කර තිබේ.

'මුස්ලිම් ප්‍රජාවෙන් ලැබුන සහය විශාල ශක්තියක්' - අගමැති

මේ අතර පවතින තත්වය පිළිබඳව නිවේදනයක් නිකුත්කරන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරන්නේ ප්‍රදේශවාසී මුස්ලිම් ජනතාව ලබා දුන් තොරතුරු ආරක්ෂක අංශවල මෙහෙයුම් සඳහා ප්‍රබල රුකුලක් වූ බවය.

"පසුගිය සිකුරාදාත්, සෙනසුරාදාත් සමන්තුරේ, නින්දවූර්, අඩ්ඩාලච්චේනෙයි, සයින්දමරුදු ප්‍රදේශවල නිවාස කිහිපයකින් ජිහාඩ් ත්‍රස්තවාදීන් සහ ඔවුන්ගේ ආයුධ අත්පත් කර ගැනීමට හැකියාව ලැබුණා. මෙය කරන්නට හැකි වුණේ ඒ ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව ලබාදුන් ඔත්තු සහ කරුණු දැක්වීම් නිසයි," යනුවෙන් අගමැතිවරයා නිකුත්කළ නිවේදනයක දැක්වේ.

සියලු ත්‍රස්ත ක්‍රියාවන්ට එරෙහිව නීතිය ක්‍රියාවට නගන බව පවසන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරන්නේ, පාස්කු ඉරිදා දෙමටගොඩ දී සැකරුවන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ මියගිය පොලිස් නිලධාරීන් තිදෙනා හැරුණු විට සෝදිසි මෙහෙයුම්වලදී ආරක්ෂක අංශයේ එක් ජීවිතයක් හෝ අහිමි වී නැති බවයි.

අන්තවාදීන්ට නැවත හිස ඔසවන්නට නොහැකිවන ලෙස ඔවුන්ගේ කොදු නාරටිය බිද දමන තුරු මේ මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක වන බව අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියි.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28983,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආරක්ෂක තත්වය : ත්‍රස්ත කල්ලියේ 154ක් දැලේ - 'සහරාන්' මිය ගිහින් !
ආරක්ෂක තත්වය : ත්‍රස්ත කල්ලියේ 154ක් දැලේ - 'සහරාන්' මිය ගිහින් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEglE_GZ-0i2mMH7pFdzc1DF7ZplmAC2Jd7fDhOlj3BcRn_5j48n78YDkjehr07OpH4NInJH2NyF0ht8KWDQx04sdL9xH5T1mPP2hUJxyseL0yjyIbBcSWVvTY6T_5oOMjMG3JC29Nhe8fG6/s320/eb28c6e4dba72f49a63c9358010e351a_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEglE_GZ-0i2mMH7pFdzc1DF7ZplmAC2Jd7fDhOlj3BcRn_5j48n78YDkjehr07OpH4NInJH2NyF0ht8KWDQx04sdL9xH5T1mPP2hUJxyseL0yjyIbBcSWVvTY6T_5oOMjMG3JC29Nhe8fG6/s72-c/eb28c6e4dba72f49a63c9358010e351a_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/154_29.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/154_29.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy