දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ෆොන්සේකා අහිමි වූ මන්ත්‍රී වරප්‍රසාද ඉල්ලයි
Homeප්‍රවෘත්ති

ෆොන්සේකා අහිමි වූ මන්ත්‍රී වරප්‍රසාද ඉල්ලයි

PropellerAds

දේශපාලන පලිගැනීම් හේතුවෙන් අහිමි වූ මන්ත්‍රී වරප්‍රසාද සියල්ල තමන්ට යළි ලබාදෙන ලෙස ඉල්ලාපාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා...

මහින්ද යාපා රටේ ප්‍රධානියා වෙයි !
කාබනික පොහොර කියා චීන කක්කුසි ලංකාවට හලන්න හදනවා.. පර්යේෂනාගාර තුනක ෆේල්
කොරෝනා පරදමින් සුපිරි ප‍්‍රතිදේහයක් මිනිසුන් තුල වේගයෙන් වැඩේ… කොරෝනා උණ සෙම්ප‍්‍රතිශ්‍යාවක් වෙමින්…
ෆොන්සේකා අහිමි වූ මන්ත්‍රී වරප්‍රසාද ඉල්ලයි

දේශපාලන පලිගැනීම් හේතුවෙන් අහිමි වූ මන්ත්‍රී වරප්‍රසාද සියල්ල තමන්ට යළි ලබාදෙන ලෙස ඉල්ලාපාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවට යොමුකළේය.

වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් පාර්ලිමේන්තුවේදී ෆොන්සේකා මහතා කථානායකවරයාගෙන් මේ සම්බන්ධ ඉල්ලීම සිදුකළේය.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු යෝජනාව ඉදිරිපත් කරමින් ෆොන්සේකා මහතා මෙසේ පවසා සිටියේය.

"2010 ජනවාරි මස දේශපාලන පක්ෂ නායකයන්ගේ ඉල්ලීම මත ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස තරගකිරීමෙන් පසුව 2010 පෙබරවාරි 08 දින බොරු චෝදනා මත හිටපු පාලකයාගේ අණින් යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන රඳවාතබාගත්තා. නීත්‍යනුකූල නොවූ යුද අධිකරණ දෙකක් ඉදිරියට මා පමුණුවා මාගේ නිලතල ඉවත් කර විශ්‍රාම වැටුප අහිමිකර වැලිකඩ බන්ධනාගාරයේ සිරගත කළා. 2010 අප්‍රේල් මස පැවැත්වූ මහමැතිවරණයට සිර මැදරියේ සිට තරග කළ අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්ද 98,000 ලබා පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයෙක් ලෙස තේරීපත්වුණා. ඒ අනුව 2010 අප්‍රේල් මාසයේදී මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දුන්නා. ඉන් පසුව නීතිවිරෝධී යුද අධිකරණයකින් සිරදඬුවම් නියමකළ එවකට සිටි පාලකයා 2010 සැප්තැම්බර මස 30 දින වැලිකඩ සිරගත කර මාගේ පාර්ලිමේන්තු අසුන අහිමිකර ලැබියයුතු සියලු පඩිනඩි දීමනා හා වරප්‍රසාද අහිමි කළා."

"2015 ජනවාරි 08 දින පත්වූ ජනාධිපතිවරයා මා හට නගා තිබූ සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර මාගේ නිවැරදිභාවය තහවුරු කර තිබෙනවා. මේ නිසා ශ්‍රී ලංකා ඉතිහාසයේ දරුණුම දේශපාලන පලිගැනීමකට ලක්වූ මාහට මන්ත්‍රී වරප්‍රසාද හා වැටුප් දීමනා, මන්ත්‍රී වාහන බලපත්‍රය හා මන්ත්‍රී විශ්‍රාම වැටුප අහිමි වුණා. මේනිසා ඒ සියල්ල මාහට ලබානොදීමෙන් මගේ මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බැවින් මේ සම්බන්ධව විමසා බලා මාහට අහිමිවුණු සියලු වරපස්‍රාද ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා" යනුවෙනි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ෆොන්සේකා අහිමි වූ මන්ත්‍රී වරප්‍රසාද ඉල්ලයි
ෆොන්සේකා අහිමි වූ මන්ත්‍රී වරප්‍රසාද ඉල්ලයි
http://am.lk/media/k2/items/cache/e47aa11eb6813aa007d1c0afafbc8991_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_921.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_921.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy