දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රත්ගම ඝාතනය : තවත් තිදෙනෙකු බන්ධනාගාරගත කෙරේ
Homeප්‍රවෘත්ති

රත්ගම ඝාතනය : තවත් තිදෙනෙකු බන්ධනාගාරගත කෙරේ

PropellerAds

රත්ගම බුස්ස රත්නඋදාගමදි පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝතනය කිරිමේ සිද්ධියට සම්බන්ධ  බව කියන දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ හිටප...

ඇමති රොෂාන් රණසිංහට රටවල් පහක සින්නකර ඉඩම්!
විදුලි ඒකකයක් රු. 56ට හදලා තවත් නම් රු. 8ට විකුණන්න බෑ… බිල වැඩි නොකළොත් දවසින් භාගයක් රට ම කළුවරේ – බලශක්ති ඇමැති
ඊයේ ඩයනාගේ පාස්පෝට් එක ගැන මුජිබර් දාපු ලියුම ගැන අද මුජිබර් කතානායකගෙන් ප්‍රශ්න කරයි! කතානායක ඩයනා ගැන හොයන්න එකඟ වෙයි! (VIDEO)
රත්ගම ඝාතනය : තවත් තිදෙනෙකු බන්ධනාගාරගත කෙරේ

රත්ගම බුස්ස රත්නඋදාගමදි පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝතනය කිරිමේ සිද්ධියට සම්බන්ධ  බව කියන දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරින් තිදෙනෙකු මෙම මස 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන  ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා  ඊයේ (05) නියෝග කළේය.‍

 පොලිස් නිලධාරින් තිදෙනා  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරණු ලැබ තිබුණි.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉලේපෙරුම ආරච්චිගේ සමන් රෝහණ , උපපොලිස් පරික්ෂක තිලකරත්න සහ කොස්තාපල් උපුල් රංජිත් යන තිදෙනා වෙති.

මෙම පුද්ගලයින් දෙදෙනා පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට මෙයට පෙර  අත්අඩංගුවට ගන්නා ලද දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත සිල්වා , උපපොලිස් පරික්ෂක විරාජ් මධුසංක , කොස්තාපල් සංජය චානක සහ වලස්මුල්ල කණුමුල්දෙණිය රක්ෂිතයේ බීට්ටු නිලධාරි තුෂාර නලින්ද යන සිවුදෙනාද 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

ඒ අනුව මේ වනවිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති සැකකරුවන් සංඛ්‍යාව හතකි.

එම හත් දෙනාගෙන් හයදෙනෙක්ම පොලිස් නිලධාරින් වන අතර එක් අයෙක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බීට්ටු නිලධාරියෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට පුද්ගලයින් හතළිහකට ආසන්න පිරිසකගේ ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29316,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රත්ගම ඝාතනය : තවත් තිදෙනෙකු බන්ධනාගාරගත කෙරේ
රත්ගම ඝාතනය : තවත් තිදෙනෙකු බන්ධනාගාරගත කෙරේ
http://am.lk/media/k2/items/cache/e0f2ec6f60d6304aa81fcd87442f8e29_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_816.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_816.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy