දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මන්නාරම සමූහ මිනීවළ ගැන සැකය අවසන් - පෘතුගීසි හෝ රජ සමයේ සමූලඝාතනයක් බවට විද්‍යාත්මක නිගමනයක්
Homeගොසිප්

මන්නාරම සමූහ මිනීවළ ගැන සැකය අවසන් - පෘතුගීසි හෝ රජ සමයේ සමූලඝාතනයක් බවට විද්‍යාත්මක නිගමනයක්

PropellerAds

ප සුගිය 2018 මාර්තු මාසයේදී මන්නාරම සතොස ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා පොළව කැනීමේදී අස්ථි කොටස් කිහිපයක් සොයා ගැනීමත් සමග  එම ස්ථ...

චන්ද්‍රිකාගේ බලකොටුවේ බලය මහින්දට.
කොළඹ ප්‍රථම පුරපතිනිය රෝසි.
ආන්දෝලනාත්මක තීන්දුවකට ජනාධිපති සැරසෙයි.
සුගිය 2018 මාර්තු මාසයේදී මන්නාරම සතොස ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා පොළව කැනීමේදී අස්ථි කොටස් කිහිපයක් සොයා ගැනීමත් සමග  එම ස්ථානයේ වැඩිදුර කැනීම් කිරීමේදී  විශාල ප්‍රමාණයක් ඇටසැකිලි හමුවිය. මේ හේතුවෙන් ප්‍රචාරයක් දියත්වූයේ යුද අපරාධ නිසා මියගිය අය වළ දැමූ තැනක් බවට එය සැකකරමිනි. එම ස්ථානයෙන් ඇටසැකිළි 325ක් සොයා ගෙන තිබූණි. මන්නාරම සමූහ මිනී වල පිළිබඳ ජාත්‍යන්තර අවධානයක් පවා යොමු වූ අතර
යුද සමයේ අතුරුදන්වූවන්ගේ පවුල්වල අය මේ ගැන සාධාරණ පරීක්ෂණ ඉල්ලා උද්ඝෝෂණවලද නිරත විය.
නීතිය හමුවටද ඔවුහු ගියහ. මේ අනුව මෙම සමූහ මිනීවල ගැන විද්‍යාත්මක විශ්ලේෂණයක් සිදු කිරීමට අධිකරණයේ අවධානය යොමු වූ අතර ඒ සඳහා ලෝකය පිළිගත් අමෙරිකාවේ ෆ්ලොරිඩාහි පිහිටුවා තිබෙන බීටා ඇනලටික් පර්යේෂණ විද්‍යාගාරය වෙත සාම්පල යවා පරීක්ෂාවක් සිදු කෙරිණි.

අද අධිකරණය හමුවේ එහි ප්‍රතිඵල එළිදැක්වූයේ එම ආයතනය නිකුත් කළ පිටු 13 ක විද්‍යාත්මක පැහැදිලි කිරීම් වාර්තාවක්ද සමගිනි.

එහි සටහන් වන ආකාරයට සමූහ මිනී වළෙන් හමු වූ මිනිස් අස්ථි කොටස් මීට වසර 350 – 600 අතර කාලයේ මිය ගිය පුද්ගලයින් පිරිසකගේ බව කාබන් කාලනීර්ණ වාර්තාව අනුව තහවුරු කර තිබේ.
 මිනී වළෙන් ලබා ගත් අස්ථි කොටස් 5ක් සහ එක් දතක් කාබන් 14 කාලනීර්ණය සඳහා අමෙරිකාවේ බීටා ඇනලිටික් පර්යේෂණ විද්‍යාගාරය වෙත යොමු කරන ලද්දේද එම ආයතනයෙන් පැමිණි නියෝජිත කණ්ඩායමක හා මෙරට සියලු පාර්ශ්ව නියෝජනය කරන නියෝජිත පිරිසකගේ පූර්ණ ආරක්ෂාව හා අධික්ෂණය යටතේය.

මෙම ප්‍රතිඵලය අනුව යුද අපරාධ ලෙස මියගිය අයගේ බවට පැවති සැකය පහව ගොස් තිබේ.
මන්නාරම මහේස්ත්‍රාත් ටී. සරවනරාජා මහතාට භාර දුන් එම වාර්තාවේ එක් එක් අංග වෙන වෙනම කාලනිර්ණයට භාජනය කර තිබුණි. ඇතැම්වා ක්‍රිස්තු වර්ෂ 1477, ඇතම්වා ක්‍රි.ව 1405 ආදී ලෙස කාල නිර්ණය කර තිබූ අතර සමස්තය සැලකීමේදී මිනිස් අස්ථි කොටස් සහ දත ක්‍රි.වර්ෂ 1400 ත් 1650 ත් අතර කාලයට අයත් බවට නිගමනය කර තිබුණි.

ඒ අනුව  ශ්‍රී ලංකාවේ  රාජ පෙළපතේ  අවසන් සමයේ සිට පෘතුගීසි පාලන සමය දක්වා වන කාල සීමාවක්  තුළ මියගිය අය බවට බීටා ඇනලිටික්ස් ආයතනය විසින් ලබා දී තිබේ.

මේ අතර අද ලැබුණ ඒ නිගමනය සමග 1545 ලංකාවේ මන්නාරමේ සිදුවූ ක්‍රිස්තියානි ආගම් ලබ්ධිකයින්ගේ සමූල ඝාතනයක්

ගැන ඉතිහාස වාර්තා පිළිබඳවද අවධානය යොමුවී තිබේ. මෙහිදී 600 දෙනෙකු මියගිය බවට ඉතිහාස වාර්තා තිබේ.

පසුගිය කාලයේ කැනීම් වලදී මන්නාරම සමූහ මිනීවළ තුළින් මිනිස් සිරුරු 325 ක අස්ථි කොටස් මතුකර තිබුණි.
ඉන් සිරුරු 318 කට අයත් අස්ථි කොටස් මේ වනවිට ගොඩගෙන ඇති අතර ළමුන් විසි නව දෙනෙකුට අයත් අස්ථි කොටස් ද ඒ අතරවිය.

මන්නාරම මහේස්ත්‍රාවරයාගේ නියෝග යටතේ අධිකරණ වෛද්‍ය විද්‍යව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක්, පුරාවිද්‍යාව පිළිබද විශේෂඥ කැළණිය විශ්ව විද්‍යාල ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා, අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ නියෝජිතයින්, රාජයේ රස පරීක්ෂක නිළධාරීන්, මන්නාරම දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින්, රජයේ නීතීඥවරුන් ඇතුළු කණ්ඩායමක් ඉදිරිපිටදී  බීටා ඇනලිටික්ස් ආයතනය අදාළ කාබන් පරීක්ෂාවට යොමු කළ  අස්ථි කොටස් වල  සාම්පල ලබා ගෙන තිබු බව වාර්තා විය.

මන්නාරම දිසා මහේස්ත්‍රාත් ටී සරවනරාජා විමර්ශන කණ්ඩායමට අනුමැතිය ලබා දුන්නේ ජනවාරි 18 දාය. බීටා ඇනලිටික්ස් ආයතනය මේ සඳහා තෝරා ගනු ලැබුවේ, බොම්බ් ප්ලස් කාබන් 14 තාක්ෂණ ක්‍රමවේදය (Bomb Pulse Carbon 14 technique) භාවිතා කර පරීක්ෂණ පවත්වන ජාත්‍යන්තරව පිළිගත් ආයතනයක් වීම හේතුවෙනි. රේඩියෝ කාබන් දින පරීක්ෂා පර්යේෂණය මගින් අස්ථි සහ දත් සාම්පල වල අඩංගු කාබන් 14 අගය ඇස්තමේන්තු ගත කළ හැකි අතර, එමගින් ශාක හෝ සත්වයන් ජීවත්ව සිටි කාල පරිච්ඡේදය අනුමාන කළ හැකිය. පුරාවිද්‍යා සහ අධිකරණ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍ර වල කරනු ලබන පරීක්ෂණ සඳහා මෙම තාක්ෂණයනය බෙහෙවින් භාවිතා කරනු ලැබේ.

මෙතෙක් ශ්‍රී ලංකාවෙන් සොයා ගන්නා ලද විශාලතම සමුහ මිනීවල ලෙස සැලකෙන, මන්නාරම සමූහ මිනී වළෙන් ලබාගත් අස්ථි කොටස් මේ ආකාරයට පැරණි ඒවා බවට වාර්තා කළ  බීටා ඇනලිටික් සමාගම විසින්ම ශ්‍රී ලංකාවේ දෙවැනියට විශාලතම සමූහ මිනී වල වූ ඇටසැකිලි 154 ක් හමුවූ මාතලේ සමූහ මිනීවලේ සාම්පල පරීක්ෂා කර මින් ඉහත දන්වා තිබුනේ ඒවා 1950ට පෙර යුගයට අයත් බවකි. කෙසේ වෙතත් ඒ සමූහ මිනීවල 1989 ජවිපෙ භීෂණ සමයේ එකක් බවට ඒකාලයේ කටකතා පැතිර තිබූ නමුත් එම නිගමනය සමග ඒ අදහසද වෙනස් විය.
මන්නාරම සමූහ මිනී වල සම්බන්ධ මෙම නිගමනය සමග එහි ඉදිරි කැනීම් කටයුතු නවතා දමනු ඇතැයිද වාර්තා පළවේ.







Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මන්නාරම සමූහ මිනීවළ ගැන සැකය අවසන් - පෘතුගීසි හෝ රජ සමයේ සමූලඝාතනයක් බවට විද්‍යාත්මක නිගමනයක්
මන්නාරම සමූහ මිනීවළ ගැන සැකය අවසන් - පෘතුගීසි හෝ රජ සමයේ සමූලඝාතනයක් බවට විද්‍යාත්මක නිගමනයක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgjQEiofXipMIruDJ0OEgQTIjbJ01yUskuJoA301go1KKBUcE1MSeHEp-Mq7vwWgIVxO6MZ-R_Y2CKy3q4QBHhlYXUOUE5qjEDB-fjDU_9EVHUzR_rk-5kyX9rx7RuuPIeYVioKWgMPnR4/s1600/collage.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgjQEiofXipMIruDJ0OEgQTIjbJ01yUskuJoA301go1KKBUcE1MSeHEp-Mq7vwWgIVxO6MZ-R_Y2CKy3q4QBHhlYXUOUE5qjEDB-fjDU_9EVHUzR_rk-5kyX9rx7RuuPIeYVioKWgMPnR4/s72-c/collage.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_697.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_697.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy