කාර්යබහුල වේලාවන් හි අධිවේගි මාර්ග ගාස්තු ඉහළ දැමීම සම්බන්ධව නිසි අධ්‍යයනයක් සිදුකර නොමැති බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු...
කාර්යබහුල වේලාවන් හි අධිවේගි මාර්ග ගාස්තු ඉහළ දැමීම සම්බන්ධව නිසි අධ්‍යයනයක් සිදුකර නොමැති බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පවසයි.
සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
ඉදිරියෙදී හම්බන්තොට සෘජු විදේශ ආයෝජන 2 ක් ආරම්භ කිරීමට නියමිතව ඇති බවත් එය සඳහා ඩොලර් බිලියන 5ක මුදලක ආයෝජනයක් බවත් නියෝජ්‍ය අමාත්‍ය පෙන්වා දෙයි.
මොටර් රථ ඉහළ ගොස් ඇති බව පැවසුවද විදුලි මොටර් රථ මිල ගණන් පහල දමා ඇති නිසාවෙන් මොටර් රථ සිහිනය බොඳ වී නොමැති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS