පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ අනුදැනුම පරිදි මහරගම ඇරව්වල මැණික් ව්‍යාපාරිකයා සතුව තිබූ රුපියල් කෝටි 500ක් පමණ වටිනා නිල් දියමන්තිය ඇතුළු මැණි...
නිෂ්පාදිත ඒවා වන අතර ගිනි අවි දෙකින් එකක් මයික්‍රෝ වර්ගයේ ගිනි අවියක් බවද පොලිසිය කියයි.
එහි තිබී මිලිමීටර් නවයේ ජීව උණ්ඩ නවයක් මැගසින් දෙකක්ද පොලිසියට හමුවී ඇත. මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මීට දින කිහිපයකට පෙර වෙඩිකන්දේ කසුන් නමැත්තා අත්අඩංගුවට ගෙන තිබිණි.
පසුව පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ නිවෙසක උඩුමහලේ අල්මාරියක සඟවා තිබියදී අදාළ දියමන්තියද සොයා ගත් බව පොලිසිය පැවැසීය. අත්අඩංගුවට ගත් එම පුද්ගලයා දින 7ක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමේදී මෙම ගිනි අවි සම්බන්ධයෙන් තොරතුරු හෙළිවී තිබේ. බස්නාහිර උතුර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.
-එම්.සී. පෙරේරා-
COMMENTS