දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලංගම හිටපු සභාපතිගේ සැක ගනුදෙනුවක් ඇමැති අත්හිටුවයි
Homeප්‍රවෘත්ති

ලංගම හිටපු සභාපතිගේ සැක ගනුදෙනුවක් ඇමැති අත්හිටුවයි

PropellerAds

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ හිටපු සභාපති රමල් සිරිවර්ධන මහතාගේ මැදිහත්වීමෙන් කිරීමට ගිය අයථා රක්ෂණ ගනුදෙනුවක් නිවැරදි කිරීමට ප්‍රවාහන සහ ...

අගමැතිකමෙන් ඉල්ලා අස්වී ගෙදර ගිය මහින්ද අද පළමුවරට එළියට එයි! මුල්ම දේශපාලන රැස්වීම රෝහිත කළුතරින් පටන් ගනී!
තිකෝ තිළිණි රිමාන්ඩ්! කෝටිපතියන් නිළියක් දාලා බයකරලා සල්ලි අරන්!
සරුංගල් කෝන්තරයට තාත්තයි පුත්තු දෙන්නයි මරා දැමූ මිනුවන්ගොඩ ඛේදවාචකය
ලංගම හිටපු සභාපතිගේ සැක ගනුදෙනුවක් ඇමැති අත්හිටුවයි

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ හිටපු සභාපති රමල් සිරිවර්ධන මහතාගේ මැදිහත්වීමෙන් කිරීමට ගිය අයථා රක්ෂණ ගනුදෙනුවක් නිවැරදි කිරීමට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ උපදෙස් අනුව බව අමාත්‍යංශය පවසයි.

එම ගනුදෙනුව නිවැරදි කිරීමෙන් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට රුපියල් මිලියන 2ක් ඉතිරි වූ බවද ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය අවධාරණය කරයි.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථ ඇණිය, රියදුරන්, කොන්දස්තරවරුන් සහ තුන්වැනි පාර්ශ්වය රක්ෂණය කිරීමට සඳහා සුදුසු රක්ෂණ සමාගම්වලින් මිල ගණන් කැඳවූයේ හිටපු සභාපතිවරයාගේ සමයේයි. ඊට ප්‍රතිචාර දක්වමින් රක්ෂණ සමාගම් තුනක් මිල ගණන් ඉදිරිපත් කෙරිණ. එම මිල ගණන් විමසා බැලූ තාක්ෂණික කමිටුව රක්ෂණය පිරිනැමීම සඳහා නිර්දේශ කර තිබුණේ අඩුම ලංසුව ඉදිරිපත් කළ රක්ෂණ භාරකාර අරමුදලයි. එම ආයතනය ඉදිරිපත් කළ ලංසුවේ වටිනාකම රුපියල් මිලියන 20ක් විය. කෙසේ නමුත් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ හිටපු සභාපති රමල් සිරිවර්ධන මහතා සභාපතිත්වය දැරූ ප්‍රසම්පාදන කමිටුව එකී තාක්ෂණික කමිටුවේ නිර්දේශය තිබියදීත් රක්ෂණ භාරකාර අරමුදල වඩා වැඩි ලංසුවක් ඉදිරිපත් කළ වෙනත් රක්ෂණ සමාගමකට එකී රක්ෂණය ලබා දීමට කටයුතු කරමින් සිට බව අමාත්‍යංශය පවසයි. ඒ පිළිබඳ ලැබුණු පැමිණිල්ලක් අනුව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අමාත්‍යාංශ ලේකම් එල්. පී. ජයම්පති මහතාට දුන් උපදෙස් වි ඇත්තේ එම සැකසහිත අයථා ගනුදෙනුව පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙසයි. ඒ අනුව සියලු පාර්ශ්ව සමඟ කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙසට එම රක්ෂණය නැවතවරක් රක්ෂණ භාරකාර අරමුදලටම ලබා දීමට තීරණය කෙරිණ. එහි විශේෂත්වය වන්නේ රක්ෂණ භාරකාර අරමුදල තමන් මුලින් ඉදිරිපත් කළ ලංසුවට වඩා තවත් මිලියන 2ක් අඩුවෙන් රුපියල් මිලියන 18කට එම රක්ෂණය ලබා ගැනීමට කටයුතු කිරීමයි.

රක්ෂණ භාරකාර අරමුදල රජයට අයත් ආයතනයකි. එම ආයතනය මූලික රක්ෂණයට අමතරව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට තවත් ප්‍රතිලාභ රැසක් අතිරේක මුදලක් අය නොකරම ලබාදීමට තීරණය කර තිබේ. එනම් සියලුම ලංගම බස්රථ රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට රුපියල් මිලියනක් වටිනා ජීවිත රක්ෂණයක් පිරිනැමීම, මගීන්ට අනතුරක් දී අධිකරණය තීරණය කරන වන්දි මුදල සම්පූර්ණයෙන්ම ගෙවීම ඒ අතරවේ. ප්‍රතිලාභ රැසක් සමඟින් අඩු ලංසුවක් ඉදිරිපත් කළ ආයතනයකට රක්ෂණය නොදී වැඩි ලංසුවක් දුන් සමාගමකට රක්ෂණය පිරිනැමීම ගැන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු සභාපති රමල් සිරිවර්ධන මහතා සභාපති ධුරය දැරූ ප්‍රසම්පාදන කමිටුවේ ක්‍රියාව පිළිබඳව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් විශේෂ පරීක්ෂණයක්ද ආරම්භ කර තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලංගම හිටපු සභාපතිගේ සැක ගනුදෙනුවක් ඇමැති අත්හිටුවයි
ලංගම හිටපු සභාපතිගේ සැක ගනුදෙනුවක් ඇමැති අත්හිටුවයි
http://am.lk/media/k2/items/cache/1e63ecd6c3a8fb26ef098f2f6875b891_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_500.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_500.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy