තම සන්ධානය විසින් ඉදිරිපත් කර ඇති කොන්දේසි ඉටු නොකරන්නේ නම් මෙවර අයවැය ලේඛනයට විරුද්ධව ඡන්දය පළකරන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්...
තම සන්ධානය විසින් ඉදිරිපත් කර ඇති කොන්දේසි ඉටු නොකරන්නේ නම් මෙවර අයවැය ලේඛනයට විරුද්ධව ඡන්දය පළකරන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී පැවති අයවැය විවාදය අමතමිනි.
කල්මුණේ ප්‍රදේශයේ දෙමළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ස්ථාපිත කිරීම මේ වන තෙක්ම සිදුවී නැති බවත් එම කටයුත්ත කළ යුතු බවත් සඳහන් කරන මන්ත්‍රීවරයා මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරයෙකු මේ සම්බන්ධයෙන් ප්‍රශ්නකාරී ප්‍රකාශයක් කර තිබූ බවද සඳහන් කරයි.
දෙමළ ජනතාවගේ ඉල්ලීම් දිනාගැනීම සඳහා එන සතියේදී ජනාධිපති සහ අගමැති සමග සාකච්ඡා කරන බවත් එම ඉල්ලීම් ඉටු නොකරන්නේ නම් අයවැයට විරුද්ධව ඡන්දය ලබාදෙන බවත් ඔහු සඳහන් කළේය.
COMMENTS