දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනයට අධිකාරියක් - පාසල්වලට “සුජාත දරුවෝ” වැඩසටහන එයි
Homeප්‍රවෘත්ති

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනයට අධිකාරියක් - පාසල්වලට “සුජාත දරුවෝ” වැඩසටහන එයි

PropellerAds

නව පරපුර හා පාසල් දරුවන් මත් උවදුරෙන් ගලවා ගැනිම සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙළේ තවත් සුවිශේෂී වැඩසටහනක් ලෙස “සුජාත දරුවෝ” වැඩසට...

මාර්තු 09 මැතිවරණය නෑ... කල් දමනවා - මැතිවරණ කොමිසම නිල ලෙස නිවේදනය කරයි
ජනාධිපති රනිල්ට වසර තුනක සිර දඬුවමක්!
පොහොට්ටු ලේකම්ට අධිකරණයෙන් වාරණ නියෝගයක්!
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනයට අධිකාරියක් - පාසල්වලට “සුජාත දරුවෝ” වැඩසටහන එයි

නව පරපුර හා පාසල් දරුවන් මත් උවදුරෙන් ගලවා ගැනිම සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙළේ තවත් සුවිශේෂී වැඩසටහනක් ලෙස “සුජාත දරුවෝ” වැඩසටහන මෙම මාර්තු 15 වනදා සිට ආරම්භ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (28) පෙරවරුවේ එක්වෙමිනි. නව ගොඩනැඟිල්ල කොළඹ සුගතදාස එළිමහන් ක්‍රිඩාංගණ පරිශ්‍රයේ Block D හි ස්ථාපිත කර තිබේ.

මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ විෂ මත්ද්‍රව්‍ය විශ්වවිද්‍යාල සහ පාසල් දරුවන් අතරට ඉතා සූක්ෂම ලෙස ගෙනයාමේ ජාවාරමක් රට තුළ ක්‍රියාත්මක වන බවයි. එය මැඩපැවැත්වීම වෙනුවෙන් සිසුන් දැනුවත් කිරීමේ පුළුල් වැඩසටහනක් “සුජාත දරුවෝ” වැඩසටහන මඟින් ක්‍රියාත්මක වෙයි.

අධ්‍යාපන අමාත්‍යාංශය, ක්‍රීඩා අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු අදාළ අමාත්‍යාංශ සහ ජනාධිපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් යුධ, නාවික, ගුවන් ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ දායකත්වයෙන් විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් ද සහභාගී කරවා ගනිමින් ඉතා මිත්‍රශීලි වැඩසටහනක් ලෙස සුජාත දරුවෝ දැයේ දරු පරපුර අතරට ගෙන යන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ලංකාවේ විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිස ලක්ෂ 02කට ආසන්න බව නව සංඛ්‍යාලේඛන පෙන්වා දී තිබෙන බවයි. නීති විරෝධි මත්ද්‍රව්‍යවලට අදාළ නීති ශක්තිමත් කිරීමට සේම එය වැළැක්වීම සහ නිවාරණය වෙනුවෙන් රජය මේ වන විට පුළුල් වැඩපිළිවෙළක් දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවා තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ අධිකාරිය පිහිටුවීමේ කටයුතු ද මේ වන විට සිදුවෙමින් පවතින බව සඳහන් කළේය.

එමෙන්ම මෙරට කීර්ති නාමය ලෝකය හමුවට ගෙන යන අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් සහ තහනම් උත්තේජක භාවිතයෙන් වැළකුණු සෞඛ්‍ය සම්පන්න සහ නිරෝගිමත් යහපත් පුරවැසියෙකු වීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

තහනම් උත්තේජක භාවිතය මැඩපවත්වා පිරිසිදු ක්‍රීඩාවක් හා විනය ගරුක ක්‍රීඩා පරපුරක් මෙරටෙහි බිහි කිරීම වෙනුවෙන් උත්තේජක මර්දන නියෝජ්‍යායතනය ක්‍රියාත්මක වේ.

රුපියල් මිලියන 190 ක වියදමින් ඉදිකර තිබෙන මෙම නව ගොඩනැඟිල්ල මහල් 05 කින් සමන්විත අතර, ජාත්‍යන්තර මට්ටමේ පිළිගත් තහනම් උත්තේජක පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය කලාප මෙම ගොඩනැඟිල්ල තුළ ස්ථාපිත කර තිබේ. එමෙන්ම සම්මන්ත්‍රණ හා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට අංගසම්පූර්ණ ශ්‍රවණාගාරයකින් ද මෙය සමන්විතය.

සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැඟිල්ල විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

අමාත්‍ය හරින් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ සභාපති මහාචාර්ය අර්ජුන් ද සිල්වා යන මහත්වරුන් ද ක්‍රීඩා උපදේශකවරුන්, පුහුණුකරුවන්, ක්‍රිඩක ක්‍රිඩිකාවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනයට අධිකාරියක් - පාසල්වලට “සුජාත දරුවෝ” වැඩසටහන එයි
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනයට අධිකාරියක් - පාසල්වලට “සුජාත දරුවෝ” වැඩසටහන එයි
http://am.lk/media/k2/items/cache/a15a64562f66f5b312a5e749a010b7a5_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_44.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_44.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy