"කිසිදු භේදයකින් තොරව අපි සියළු දෙනාම එකමුතු වෙලා මේ රටේ බෞද්ධාගම ආරක්ෂා කිරීමට, ප්‍රචලිත කරන්න ඇපකැප වියයුතුයි. අපි එක යුද්ධයක් ජයග්...
"කිසිදු භේදයකින් තොරව අපි සියළු දෙනාම එකමුතු වෙලා මේ රටේ බෞද්ධාගම ආරක්ෂා කිරීමට, ප්‍රචලිත කරන්න ඇපකැප වියයුතුයි. අපි එක යුද්ධයක් ජයග්‍රහණය කළා. ඒ වගේම මේ අවස්ථාවේ රටේ උද්ගතවෙලා තිබෙන කුඩු, මත්ද්‍රව්‍ය වැනි අනවශ්‍ය සමාජීය ගැටළු වලට එකමුතු වෙලා පිළිතුරක් සෙවිය යුතුයි. අපට පේනවා ඉතා සීග්‍රයෙන් මේ මත්ද්‍රව්‍ය උවදුර අපේ ලංකාවේ ව්‍යාප්ත වෙලා අපේ අනාගත පරපුර නැත්තටම නැතිවේගන යනවා.. දේශපාලඥයො වශයෙන් අපට මේ පිළිබදව කතා කරලා තීන්දු තීරණ ගන්න පුළුවන්. නමුත් ස්වාමීන් වහන්සේලාට තමයි හැකියාව තිබෙන්නේ ජනතාව යහමගට අරන් මේ අනවශ්‍ය ප්‍රශ්න වලින් සමාජය මුදවා ගන්න. අද බොහෝ පිරිස් බෞද්ධාගම ප්‍රචලිත කරන්න හදන්නේ රූපවාහිනි මාධ්‍ය තුළින්. ඔවුන් සැබෑ බෞද්ධ ජීවිතයක් ගතකරන්නේ නැහැ. ජන ජීවිතය තුළ සැබෑ බෞද්ධ නැඹුරුවක් තමයි අපි ඇතිකළ යුත්තේ" යැයි විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
ඒ මහතා මෙම අදහස් පළකලේ, පසුගිය දින මණ්ඩාවිල, ශ්‍රී අභයසුමනාරාම විහාරස්ථානයේ බෝධීන්වහන්සේ වටා ඉදිකළ රන්වැට විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම අවස්ථාවට බුද්ධශාසන සහ වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා, ප්‍රදේශයේ දේශපාලනාධිකාරිය ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා මෙසේ අදහස් දැක්විය.
"මෙවැනි ශාසනික මෙහෙවරක් වෙනුවෙන් මා සම්බන්ධ කරගැනීම පිළිබදව ස්තුතිවන්ත වෙනවා. මෙම ස්ථානයට අවශ්‍ය තෙකලා විදුලි සබදතාවය හැකි ඉක්මණින් ලබාදෙන්න මම පියවර ගන්නවා. අද මුළුමහත් ලෝකයම වානිජකරණයට ලක්වෙලා තිබෙන්නේ. එවන් පසුබිමක මෙවන් ශාසනික මෙහෙවරකට පෙළඹීම අතිවිශිෂ්ටයි. ඒ වගේම විශාල පුණ්‍ය කටයුත්තක්. අද බොහෝ දෙනා ආගම පැත්තකට දාලා, කෘතීමව ජීවත්වීමක් කරන්නේ. දේශපාලඥයො වශයෙන් මේ රටේ බෞද්ධාගම ආරක්ෂා කරන්න වගේම ප්‍රචලිත කරන්න අපි කැපවෙලා සිටිනවා. 1815 සුද්දන් විසින් අපේ රට යටත් කරගත්දා පටන් අද වනතුරු කාලය පිළිබදව සිතා බැලුවම, 1948 අපිට නිදහස ලැබුණත්, මේ වනතුරු සැබෑ නිදහසක් ලැබිලා තිබෙනවාද නැද්ද කියලා ප්‍රශ්නයක් ඇතිවෙලා තිබෙනවා. නොයෙක් අවස්ථාවල අපේ රටේ වැදගත් සිද්ධස්ථාන අපෙන් ගිලිහිලා ගිහින් තිබෙනවා. මේ තමයි හොදම අවස්ථාව රටත්, බෞද්ධාගමත් ආරක්ෂා කරගන්න. සුරක්ෂිත කරන්න. මේ සිංහල බෞද්ධ රටේ කතෝලික, හින්දු, ඉස්ලාම් යන සියලු දෙනාටම එකට ජීව්ත්විය හැකි පරිසරයක් ඇතිකළ යුතුයි. අපි මේ අළුත් ව්‍යවසථාවක් ගැන කතා කරන අවස්ථාවක, කවුරු මොනවා කිව්වත්, බෞද්ධාගම ආරක්ෂා කරගෙන, රටේ ඒකීයභාවය සුරක්ෂිත කිරීමට අපි ඇපකැප වියයුතුයුයි"
COMMENTS