දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"බඩවල් කෝටි දෙකකට නෙමෙයි මොළවල් කෝටි දෙකකට කතා කරන ක්‍රමවේදයක් හදන්න ඕනේ" - පාඨලී
Homeප්‍රවෘත්ති

"බඩවල් කෝටි දෙකකට නෙමෙයි මොළවල් කෝටි දෙකකට කතා කරන ක්‍රමවේදයක් හදන්න ඕනේ" - පාඨලී

PropellerAds

බඩවල් කෝටි දෙකකට නෙමෙයි, මොළවල් කෝටි දෙකකට කතා කරන ක්‍රමවේදයක් අනාගතයේ අපි මෙරට ගොඩනැගිය යුතු බව  මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය  පාඨල...

ඇමති සනත් නිශාන්ත ‘ලංකාභිමානී, ජාතිකාභිමානී, දේශපාලන විද්‍යා දර්ශන ශිරෝමනී ගෞරව’ සම්මානයෙන් පුදයි..
මානව හිමිකම් කොමසාරිස්වරිය කොහොම තර්ජනය කළත් ඇයට තීරණ ගැනීමේ බලයක් නැහැ - සරත් වීරසේකර (VIDEO)
රංගන ශිල්පිනී මියුරි සමරසිංහ අභාවප්‍රාප්ත වෙයි

බඩවල් කෝටි දෙකකට නෙමෙයි, මොළවල් කෝටි දෙකකට කතා කරන ක්‍රමවේදයක් අනාගතයේ අපි මෙරට ගොඩනැගිය යුතු බව  මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය  පාඨලී චම්පික රණවක මහතා මහතා පවසයි.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ,දියුණුව, නවීකරණය, සංවර්ධනය සහ නවෝත්පාදනය තුළින් අනාගතය වෙනුවෙන් රට ගොඩනගන්නට ‘රටට හෙටක්, තිරසර මගක් - හම්බන්තොට අපේ හෙට දවස’ මැයෙන් තංගල්ල සිලෝන් සී හෝටලයේ සංවිධානය කර තිබූ උත්සව අවස්ථාවකට සහභාගී වෙමිනි.

එහිදී  තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, 

"අපට සිටිනවා හොඳ උගත් ශ‍්‍රම බලකායක්, සෞඛ්‍ය සම්පන්න ජනතාවක්, මේ රටේ අද මනුෂ්‍යයෙක් අවුරුදු 80ක් ජීවත් වෙනවා. ඇමරිකා එක්සත් ජනපදයෙත් මිනිස්සු ජීවත්වන්නේ අවුරුදු 80 යි. ළදරු මරණ අනුපාතය ගත්තත්, මාතෘමරණ අනුපාතය ගත්තත් ඒ අන්තර් ජාතික මට්ටමේ අපි ඉන්නවා. අධ්‍යාපනය මට්ටමින් අපි ඉතාම හොඳ තත්ත්වයක ඉන්නවා. අපේ පාසල් පද්ධතිය තුළ දුර්වලතා මොනවා තිබුණත්  හොඳ බුද්ධිමත් පිරිසක් අපට ඉන්නවා. එහෙම නම් අපි බලන්න  ඕනේ මෙන්න මේ උගත්, නීරෝගී ජනතාව මේ රටේ ආයෝජනය කර ගන්න. අර හෝමාගම තාක්ෂණ නගරය ගොඩනැගීමේ අරමුණ වෙලා තිබෙන්නෙත් ඒකයි. නවෝත්පාදනය ගෙන එන්න. මේ හම්බන්තොට අනාගතයේ ගොඩනගනවා නම් ජල ප‍්‍රශ්නයත් අපි විසඳගෙන මේ දරුවන්ගේ බුද්ධිය අපි කොහොමද පාවිච්චි කරන්නේ, ඒ දරුවන්ගේ නවෝත්පාදන  දැනුම  කොහොමද පාවිච්චි කරන්නේ කියන එක මතයි අපට ඉදිරි ගමනක් තිබෙන්නේ. අපේ පාසල්වලින් ඉතාම හොඳ විශිෂ්ඨ ගණයේ පිරිස් බිහි වෙනවා. ඒ අය උපාධි අරගෙන රට යනවා. ඒ අය මේ රටේ අනාගත දියුණුවට අභියෝගාත්මකව යොදා ගැනීම ගැනයි අපි බලන්න  ඕනේ. අන්න ඒකට හරියන නගරයක් අපි නිර්මාණය කළ යුතුයි."

"මොකද අපේ ළමයෙක්ගෙන් ඇහුවොත් රට යන්න තමයි බලන්නේ. මේ රටේ ඉන්න කල්පනාවක් නැහැ. මොකද විදේශ රටකට ගියහම ඒ රටේ පිළිවෙල, පිරිසිදුකම ඒ අයට පේනවා. ඒකට කැමැත්තක් ඇතිවෙනවා. වැඩක් කරගන්න ගියහම ඒ කි‍්‍රයාවලිය ඒ අයට පෙනවා. අන්න ඒ නිසා ඒ අය රට යන ප‍්‍රවණතාවයේ ඉන්නවා. දැන් අද කොළඹ ඇරුණහම වැඩිම සිංහල ජනතාවක් ජීවත් වන්නේ ගාල්ලෙවත්, මාතරවත් මහනුවරවත් නෙමෙයි මෙල්බර්න් නගරේ.  යාපනය ඇරුණහම වැඩිම දෙමළ ජනතාවක් ජීවත්වන්නේ ති‍්‍රකුණාමලය, මඩකලපුවේ නෙමෙයි කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ. මොකද යම් යම් හේතු නිසා අපේ මිනිසුන් යනවා එය ප‍්‍රවණතාවයක් වී තිබෙනවා. ලක්ෂ 30 ක් අපේ ජනතාව අද විදේශ රටවල සේවය කරනවා හෝ ජීවත් වෙනවා. මේ පිරිසෙන් විශාල පිරිසක් මේ අපේ ගම්වල මධ්‍ය විද්‍යාල ආදියෙන් බිහිවෙලා හොඳ දැනුම් මට්ටමක් සහිතව ගිය අය. ඒ නිසා බඩවල් කෝටි දෙකකට නෙමෙයි මොළවල් කෝටි දෙකකට කතා කරන ක‍්‍රමවේදයක් අපේ රටේ අනාගතයේ ගොඩනැගීමට කටයුතු කළ යුතුයි." යැයි ඔහු වැඩිදුරටත්  පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "බඩවල් කෝටි දෙකකට නෙමෙයි මොළවල් කෝටි දෙකකට කතා කරන ක්‍රමවේදයක් හදන්න ඕනේ" - පාඨලී
"බඩවල් කෝටි දෙකකට නෙමෙයි මොළවල් කෝටි දෙකකට කතා කරන ක්‍රමවේදයක් හදන්න ඕනේ" - පාඨලී
http://am.lk/media/k2/items/cache/5411ab7a12c6246401c6839a8ceb99cb_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_431.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_431.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy