දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විදුලි සැර වැදී රෝහල් ගතවී ආපසු එද්දී නිවෙස වෙනත් අයකුට පවරලා
Homeගොසිප්

විදුලි සැර වැදී රෝහල් ගතවී ආපසු එද්දී නිවෙස වෙනත් අයකුට පවරලා

PropellerAds

වෙන්නප්පුව මැතිවරණ කොට්ඨාසයේ නිවාසලාභියකුට නිවාස සංවර්ධන අධිකාරිය මඟින් ණය සහන මත ලබාදුන් නිවෙසක් එම නිවාසලාභියා විදුලි සැර වැදී රෝහල්ගතව ස...

අනූෂාගේ විවාහ මංගල්‍යය සිද්ධ වෙන්නේ මෙන්න මේ විදියටයි
කොකේන් වලට කලින් කියැවෙන ඉස්සර පාර්ලිමේන්තුවේ අඩි ගැසූ අය මෙන්න
මාරවිල අනතුරෙන් සැමියා මියගිය බව ෆේස්බුක් ෆොටෝ බලා දැනගත් බිරිඳ සාක්ෂි දෙයි
වෙන්නප්පුව මැතිවරණ කොට්ඨාසයේ නිවාසලාභියකුට නිවාස සංවර්ධන අධිකාරිය මඟින් ණය සහන මත ලබාදුන් නිවෙසක් එම නිවාසලාභියා විදුලි සැර වැදී රෝහල්ගතව සිට ආපසු පැමිණෙන විට එම අධිකාරිය විසින්ම වෙනත් අයකුට ලබාදී ඇත. මේ අන්දමින් තමන්ට සිදුවූ අසාධාරණයට සාධාරණයක් ඉටු කර දෙන
ලෙස දන්වමින් ජනපති කාර්යාලය විසින් 2018.07.24 දින නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයට යැවූ ලිපියට මාස 08ක් ගතවීත් පිළිතුරක් හෝ ලැබී නැතැයි එම නිවාසලාභියා හැඬු­ කඳුළෙන් යුතුව මාධ්‍යයට පැවසීය.

මෙම අසාධාරණයට ලක්ව ඇත්තේ කිරිමැටියාන මෝලවත්ත නිවාස යෝජනා ක්‍රමයේ අංක 23 නිවෙස වෙන්කරදී ඇති ඩබ්ලිව්.ඇම්. අනුර සමන්සිරි නමැති රැකියා විරහිත සිවුදරු පුද්ගලයෙකි.
ඔහු මාධ්‍යට මෙසේ කීය.

"මම එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් දිවි හිමියෙන් කැපවී වැඩ කළ අයෙක්. මෙම නිවෙස මට වෙන් කරදී තිබියදී ඒ ස¼දහා ගෙවිය යුතු
ණය මුදල් මට හැකි පමණින් ගෙවා ගෙන ආවා. මේ අතරතුර වෙන්නප්පුව ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාගේ උත්සවයකට අදාළ බැනරයක් ගැසීමට යෑමේදී ඉණිමග පෙරළී මාව විදුලි ට්‍රාන්ස්පෝමරයක් මත වැටී විදුලි සැර වැදී සිහිසන් නොමැතිව කොළඹ මහ රෝහලේ ප්‍රතිකාර ගත්තා.

මාස 03කට පමණ පසු මම රෝහලේ සිට ගෙදර එන විට අනේ මගේ නිවෙස වෙනත් අයකුට දීලා. මේවා සහගහන අපරාධ. ගහෙන් වැටුණු එකාට ගොනා ඇන්නාට නොදෙවැනි වැඩක්. ජනපති පුරවැසි අත්වැලේ කැඳවුම්කරු හා වෙන්නප්පුව ප්‍රාදේශීය සභා මන්ත්‍රි ගෝඨාභය වික්‍රමසිංහ මහතා මැදිහත්ව ජනපතිතුමාටත් නිරෝෂන් පෙරේරා රාජ්‍ය අමාත්‍යතුමාට කීවත් පලක් වුණේ නැහැ. අප වැනි අසරණයන්ට නිවාස ඉදිකරදෙන නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමාවත් අප දෙස නොබැලීම නිසා අපේ දරු පවුලම අද මහමඟට වැටිලා.

ජනපති කාර්යාලයෙන් යවන ලිපියකටවත් පිළිතුරක් නොමැතිනම් කාට කියන්නද? රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාගේම බැනරයක් ගසන්න ගිහින් විදුලි සැර වැදී රෝහල් ගතවූ මට සාධාරණයක් ඉටු කරදෙන ලෙස ඒ මහතා හමුවී කීවත් සියල්ල අද පුස්සක් වෙලා. විදුලි සැර වැදීමෙන් පසු මට අද හරි හැටි කතා කරගන්නවත් බැහැ. වහලය පමණක් තනාගන්නට බැරිවුණු මගේ නිවෙස දැන් නිවාස සංවර්ධන අධිකාරිය විසින්ම වෙනත් අයකුට අලෙවි කරලා. එම නිවාස හිමියා මට පවසන්නේ ඔහු ගෙවූ මුදල් ආපසු දෙනවා නම් නිවෙස ආපසු දෙන බවයි. අතේ සතේ නැති රැකියාවක් නොමැති අපව තවදුරටත් අසරණ නොකරන ලෙස ජනපති - අගමැති නිවාස ඇමැති ප්‍රමුඛ රජයේ බලධාරීන්ගෙන් මා කාරුණිකව ඉල්ලනවා."

ජනපති වෙත යවන ලිපියකටවත් පිළිතුරක් නොමැති නම් මෙවැනි අසරණයකුට කාගේ පිහිටක් දැයි ප්‍රශ්න කරන කිරිමැටියාන ගම්වැසියෝ නැති බැරි අය ඇති හැකි අය කිරීම ඕනෑම රජයක පරම යුතුකම වන හෙයින් මෙම අසරණ පවුලට යම් සාධාරණයක් ඉටු කරදීම කඩිනම් කළ යුතු බව අවධාරණය කර සිටිති.
ලුණුවිල - රෝස් කොලින්
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විදුලි සැර වැදී රෝහල් ගතවී ආපසු එද්දී නිවෙස වෙනත් අයකුට පවරලා
විදුලි සැර වැදී රෝහල් ගතවී ආපසු එද්දී නිවෙස වෙනත් අයකුට පවරලා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj3kj1MoCPRDCKKJVlbReX5AnL0Txu_RwNl-opdX4tnTi03TZjPG9utBVYuyPkwZzWpG0NWWIqMWvDHM9LlavB20kD4KshI0q21hTwRVzsnR22BnsZrSJZ0PqeTZ1SeQAZNXFqNlpuczKc/s1600/813e879514.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj3kj1MoCPRDCKKJVlbReX5AnL0Txu_RwNl-opdX4tnTi03TZjPG9utBVYuyPkwZzWpG0NWWIqMWvDHM9LlavB20kD4KshI0q21hTwRVzsnR22BnsZrSJZ0PqeTZ1SeQAZNXFqNlpuczKc/s72-c/813e879514.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_310.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_310.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy