හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් විසින් රජයෙන් කරන ලද ඉල්ලීමක් අනුව ඔහු රැදී සිටි මහගමසේකර මාවතේ පිහිටි විපක්ෂ...
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් විසින් රජයෙන් කරන ලද ඉල්ලීමක් අනුව ඔහු රැදී සිටි මහගමසේකර මාවතේ පිහිටි විපක්ෂ නායක නිල නිවස, ජල හා විදුලි බිල්පත් ආණ්ඩුවෙන් ගෙවීම් පහසුකම් සහිතව ලබාදී ඇති අතර වාහන 02ක් සේවකයින් 05 දෙනෙකු ඒවා නඩත්තුවට යන මුදල් ප්‍රතිපාදන ලබා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
ඒ බව සඳහන් කර සිටියේ අමාත්‍ය ගයන්ත කරුණාතිලක විසිනි.
සම්බන්ධන් මහතා මුණගැසීමට විදේශීය නියෝජිතයින් පැමිණීම, ජ්‍යෂ්ඨ දේශපාලන පක්ෂ නායකයකු වීම යනාදී කරුණු සැලකිල්ලට ගනිමින් ඔහු ඉල්ලා සිටි සහන ලබා දීමට රජය කටයුතු කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.
ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී සම්බන්ධන් මහතාට ලබාදී ඇති වරප්‍රසාද සම්බන්ධයෙන් කිසිදු විරෝධතාවයක් නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ප්‍රකාශ කර සිටියේය.
COMMENTS