ජගත් මානව හිමිකම් කවුන්සලයේ 40 වන සැසිවාරයේ දී බ්‍රිතාන්‍ය සහ ජර්මනිය එක්ව ශ‍්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීම...
ජගත් මානව හිමිකම් කවුන්සලයේ 40 වන සැසිවාරයේ දී බ්‍රිතාන්‍ය සහ ජර්මනිය එක්ව ශ‍්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීම පිළිබඳ යෝජනාවක් ලබන 20 වැනිදාට ගෙන ඒමට නියමිත බව පැවසේ.
මෙවර ශ්‍රී ලංකාවට ගෙන එන යෝජනාවලියට ද සම අනුග්‍රහය දැක්වීම පිණිස ශ්‍රී ලංකා රජයේ නිත්‍ය නියෝජිත A. L. A අසීස් මහතා හොර රහසේම එකඟතාව පළකර ඇතැයි චෝදනා කරමින් මෙය ඉතාම පහත් ගණයේ නිවට පාවා දීමක් බව ද ජිනීවා නුවරට ගොස් සිටින මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මීට පෙරදී ද ශ්‍රී ලංකාවට "හයිබ්‍රිඩ්" අධිකරණයක් ඇතුලු තවත් යෝජනා ඉදිරිපත්කරමින් ඇමරිකා එක්සත් ජනපදය විසින් යෝජනාවලියක් ගෙන එනආ අතර ශ්‍රී ලංකා රජය එම යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් විය.
ශ්‍රී ලංකාවට එරෙහි මෙවන් යෝජනාවලියකට විරුද්ධ බවට පෙත්සමක් භාර දීමට මානව හිමිකම් මහා කොමසාරිස්වරියගේ කාර්යාලය වෙත ගිය අවස්ථාවේ මේ කරුණ හෙළිදරව් වූ බව ජයසුමන මහතා වැඩිදුරටත් පවසා සිටියි.
මෙම සැසිවාරයට සහභාගී වීමට ලංකා රජය නියෝජනය කරමින් නියෝජිත පිරිසක් ඊයේ (14) ජිනීවා නුවර බලා පිටත්ව ගොස් ඇත. විදේශ ඇමැති තිලක් මාරපන, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය සරත් අමුණුගම, උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාගවන්, විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ හා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරීන් පුල්ලේ යන මහත්වරු එම දූත පිරිසට ඇතුලත්.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතාද ජනාධිපතිවරයාගේ නියමෙයන් එම දූත පිරිසට පසුව ඇතුලත් කොට තිබෙනවා. සමරසිංහ මහතා පසුගිය ආණ්ඩු සමයේදීද රජය නියෝජනය කරමින් මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාර වලට සහභාගී වී තිබෙනවා.
මානව හිමිකම් සැසිවාරය සඳහා ජිනීවා යන රජයේ දූත පිරිසට අමතරව සිවිල් සංවිධාන හරහා අපේ රට නියෝජනය කිරීමට රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර, මහාචාර්ය චන්න ජයසුමන සහ කර්නල් රත්නප්‍රියබන්දු යන මහත්වරුන් සහභාගී වන බව වාර්තා වේ.
මෙවර යෝජනාව මාර්තු 20 වනදා සමුළුවට ඉදිරිපත් කර 21 වනදා සම්මත කරගැනීමට නියමිතයි.
COMMENTS