දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගාමිණී සෙනරත් නඩුව : තුන්වන විත්තිකරු නිදොස් කොට නිදහස් කරයි
Homeප්‍රවෘත්ති

ගාමිණී සෙනරත් නඩුව : තුන්වන විත්තිකරු නිදොස් කොට නිදහස් කරයි

PropellerAds

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවේ තුන්වන විත...

දිනය සැලසුම් කරලා කියන්නම්! පාරට බහින්න ලෑස්ති වෙන්න! අනුර කුමාර නිවේදනය කරයි! (VIDEO)
වකුගඩු ජාවාරමේ විමර්ශනවලින් හෙළිදරව්වක් – පොලීසියේ අයත් හවුල්!
විදලි ගාස්තු වැඩි කරන්න අනුමැතිය ලැබේ... ගෘහස්ත කාණ්ඩය 250%කින්... අද සිට ක‍්‍රියාත්මකයි
ගාමිණී සෙනරත් නඩුව : තුන්වන විත්තිකරු නිදොස් කොට නිදහස් කරයි

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවේ තුන්වන විත්තිකරු ලෙස නම් කර සිටි නීල් බණ්ඩාර හපුහින්න මහතා විත්තිවාචකය නොකැඳවාම නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (27) නියම කරනු ලැබිය.

මෙම නියෝගය කරනු ලැබුවේ සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසිනි.

එහිදී මෙම නඩුවේ ඉදිරිපත් වූ සාක්ෂිවලින් විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත්කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති හෙයින් විත්තිවාචකය නොකැඳවාම ඔවුන් නිදහස් කරන මෙන් විත්තියේ නීතිඥවරුන් විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වන වගන්තිය යටතේ ඉල්ලීමක් කර තිබුණ අතර එම ඉල්ලීමට අදාළ තීන්දුව ප්‍රකාශ කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා ප්‍රකාශ කළේ තුන්වන විත්තිකරු වන නිල් බණ්ඩාර හපුහින්න මහතාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී නොමැති හෙයින් ඔහු විත්තිවාචකය නොකැඳවාම නිදොස් කොට නිදහස් කිරීමට පියවර ගන්නා බවයි.

එහෙත් ගාමිණී සෙනරත්, පියදාස කුඩාබාලගේ සහ ලසන්ත බණ්ඩාර යන විත්තිකරුවන් තුන්දෙනාට එරෙහිව ඉදිරිපත් වී ඇති සාක්ෂි වලට අනුව යම් යම් ස්ථාන පිළිබඳ ව පැහැදිලි කරගැනීම සිදු කිරීමට අවශ්‍යව ඇති නිසා ඔවුන්ගේ විත්තිවාචකය කැඳවීමට අධිකරණය තීරණය කරන බව ද සභාපති විනිසුරුවරයා සඳහන් කළේය.

ඒ අනුව එම විත්තිකරුවන්ට සාක්ෂි කූඩුවට නැග සාක්ෂි දීමට හැකියාව පවතින බව සඳහන් කළ සභාපති විනිසුරුවරයා මෙහිදී හරස් ප්‍රශ්න ඇසීමට පැමිණිල්ලේ නීතිඥවරුන්ට අවකාශ සැලසෙන බවද කියා සිටියේය. එසේ නොකරන්නේ නම් විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමටත් ඔවුන්ට අයිතිවාසිකම් ඇති බව සඳහන් කළ සභාපති විනිසුරුවරයා කිසිදු ප්‍රකාශයක් ඉදිරිපත් නොකොට නිහඬව සිටීමටද හැකියාව පවතින බව විවෘත අධිකරණය ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව නඩුවේ වැඩිදුර විභාගය මැයි මස 6 වනදා දක්වා කල් තැබීමට ද අධිකරණය නියම කළේය. විත්තිකාර ගාමිණී සෙනරත් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඉල්ලීමක් කරමින් තම සේවාදායකයාට අප්‍රේල් මස 10  වනදා සිට මැයි මස පස්වනදා දක්වා කාලසීමාව තුළ සිංගප්පූරුවේ සහ ඩුබායි දේශයේ සංචාරය කිරීමට අවශ්‍යව ඇති බව දන්වා සිටියේය.

ඒ සඳහා දැනට අධිකරණය මගින් පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කරන මෙන්ද එම නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ කාල සීමාව සඳහා ගාමිණී සෙනරත් මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කිරීමට නියම කළේය.

2014 වසරේ පෙබරවාරි මස පළ වනදා සිට  2015 වසරේ ජනවාරි මස 20 වනදා දක්වා කාලසීමාව තුළ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් හෙලන්කො හොටෙල් ඇන්ඩ් ස්පා නමැති සමාගමේ යෙදවීම තුළින් රජයේ  මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පොදු දේපොළ පනත යටතේ ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගාමිණී සෙනරත් නඩුව : තුන්වන විත්තිකරු නිදොස් කොට නිදහස් කරයි
ගාමිණී සෙනරත් නඩුව : තුන්වන විත්තිකරු නිදොස් කොට නිදහස් කරයි
http://am.lk/media/k2/items/cache/9465f04ad6221552cf07b7cfe9a35824_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_141.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_141.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy