ගෝඨාභය රාජපක්ෂ මහතා පරදේසක්කාරයෙක් බව විමල් වීරවංශ මන්ත්‍රීවරයාට නොතේරෙන බව ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පැවසීය. මහජන රැ...
ගෝඨාභය රාජපක්ෂ මහතා පරදේසක්කාරයෙක් බව විමල් වීරවංශ මන්ත්‍රීවරයාට නොතේරෙන බව ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පැවසීය.
මහජන රැස්වීම වලදී පරදේසක්කාර ආණ්ඩුව පන්නා දැමිය යුතු බවට විමල් විරවංශ මහතා කියාගෙන ගියද රටේ ඉඩම් සින්නක්කරව පරදේසක්කාරයින්ට දුන්නේ පරදේසක්කාරයෙක් ලෙස ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට කැසකවන ගෝඨාභය රාජපක්ෂ බව විමල් වීරවංශ මන්ත්‍රීවරයාට නොතේරෙන බවයි චමීර පෙරේරා මහතා සඳහන් කළේය.
ඒ අනුව මුලින්ම කළ යුත්තේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් පසුවන පරදේසක්කාර ගෝඨාභය රාජපක්ෂව එලවා දැමීම බව හෙතෙම අවධාරණය කළේය.
චමීර පෙරේරා මහතා මෙම අදහස් පළ කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.
COMMENTS