දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මරණ මංචකයේ සිටි ප්‍රතිවදියාගේ අවසන් පැතුම ට්‍රම්ප් ඉටු කරයි
Homeගොසිප්

මරණ මංචකයේ සිටි ප්‍රතිවදියාගේ අවසන් පැතුම ට්‍රම්ප් ඉටු කරයි

PropellerAds

ඇමෙරිකාවේ කොනෙක්ටිකට් ජනපදයේ මරණ මංචකයේ සිටින පුද්ගලයකුගේ අන්තිම කැමැත්ත ඉටුකිරීම සඳහා ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම පුද්ගලයාට ඇමතුමක්...

මෛත්‍රිගෙ කමිසෙ හැලුණ හොදි බලන්න දිල්රුක්ෂි ඇවිත් (බදාදා කාටූන්)
හිට්ලර් උපන් නිවස විනාශ කරන්න ඕස්ට්‍රියාව තීරණය කරයි
සල්ලි වරප්‍රසාද මදි කියා ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත්තු අස්සන් කිරීමේ අවුලක්

ඇමෙරිකාවේ කොනෙක්ටිකට් ජනපදයේ මරණ මංචකයේ සිටින පුද්ගලයකුගේ අන්තිම කැමැත්ත ඉටුකිරීම සඳහා ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම පුද්ගලයාට ඇමතුමක් දී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
මියයෑමට පෙර ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සහ කතා කිරීම තම අවසන් ප්‍රාර්ථනාව යැයි 44 හැවිරිදි ජේ බැරැට් නමැති එම පුද්ගලයා පවසා ඇත. ජේ බැරැට් ජානමය රෝගී තත්ත්වයකින් පීඩා විදින අයෙකි. ඔහුගේ සිරුරේ ඉන්ද්‍රියන් සියල්ල පාහේ මේ වනවිට අක්‍රිය වී ගොස් ඇති බවත් ඔහු පෙනහළු ආසාදනයකින් ද පෙළෙන බවත් වෛද්‍යවරු කියති. ජේ බැරැට් ට  සොහොයුරියක සිටින අතර ඇය බ්‍රිජෙට් හොස්කීය. ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකාවක වන බ්‍රිජෙට් දිස්ත්‍රික් කවුන්සිල සාමාජිකාවකි.


රිපබ්ලිකන් පාක්ෂික ට්‍රම්ප් ට, මරණ මංචකයේ සිටින බැරැට්ගේ අවසන් ප්‍රාර්ථනාව ගැන දැනගන්න ලැබී ඇත්තේ බ්‍රිජෙට්  හරහාය. ජේ බැරැට්ගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි බව වෛද්‍යවරුන් තීරණය කර ඇති බැවින් ඔහු මේ වනවිට නිවසේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද ට්‍රම්ප්ට දැනගන්න ලැබී ඇත.

ඒ අනුව, ට්‍රම්ප් ඔහුට ඇමැතුම ලබා දුන්නේය.

''ඔබ හොඳ කෙනෙක්. කතාවෙන් ඒ බව පෙනෙනවා. මට ඔබේ ඡායාරූපයක් දකින්න ලැබුණා. අසනීපයක් තිබෙනවා පෙනෙන්නේ නැහැ. හොඳ තරුණ පෙනුමයි. උත්සාහය අත්හරින්න එපා." ආදී වශයෙන් ජනපති ට්‍රම්ප්, ජේ බැරැට්ට පවසා ඇති බවද දෙදෙනා මිනිත්තු කීපයක් ඉතා සතුටින් කතාබහ කළ බවත් ඇමෙරිකන් පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කර තිබේ.

තමාගේ අන්තිම කැමැන්ත ඉටු කර දීම වෙනුවෙන් ජනාධිපති ට්‍රම්ප් ට තමන් ස්තුති කරන බවත්, ට්‍රම්ප් සැබැවින්ම නිහතමානී තැනැන්නකු බවත් ජේ බැරැට් පවසා ඇත.

වොෂින්ටිනයේදීය (ඒ.එෆ්.පී)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මරණ මංචකයේ සිටි ප්‍රතිවදියාගේ අවසන් පැතුම ට්‍රම්ප් ඉටු කරයි
මරණ මංචකයේ සිටි ප්‍රතිවදියාගේ අවසන් පැතුම ට්‍රම්ප් ඉටු කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhi0n-1h3qo4N58LkAVywpXaa9eFqXtX5nL3yIM8r-w-L3euFHF34YSZcC-SUQthYmqvZZFe0MS4GWOF3h41l2ORY1586QS29kUbOOVayLe68fGvQTkxjwV_aCLYgF9P1jKAeS1ra30hJY/s1600/Jay-Barrett-Support-Trump-2-550x330.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhi0n-1h3qo4N58LkAVywpXaa9eFqXtX5nL3yIM8r-w-L3euFHF34YSZcC-SUQthYmqvZZFe0MS4GWOF3h41l2ORY1586QS29kUbOOVayLe68fGvQTkxjwV_aCLYgF9P1jKAeS1ra30hJY/s72-c/Jay-Barrett-Support-Trump-2-550x330.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_107.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_107.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy