දකුණු අප‍්‍රිකාව සමග පැවති පලමු ටෙස්ට් තරගයෙන් ජය ගත් ශ‍්‍රී ලංකා කණ්ඩායම ක‍්‍රීඩා ගාරයේදී පාරිපාලනයට දැඩිව විවේතනය කිරීම සම්බන්ධයෙන් හිට...
කුමාර සංගක්කාර සදහන් කරන්නේ ක‍්‍රීඩාගාරයේදී ක‍්‍රිඩකයන් ඉතා සමීපව එකට කණ්ඩායමක් ලෙස කතාබහ කරන දේවල් පටිගත කර මාධ්‍යට දීම සුදුසු නොවන බවයි. තමනටද කණ්ඩායමේ සිටියදී පීඩනයක් තිබුණද අද සිටින ලාබාල කණ්ඩායමට එව පීඩනය වැඩියෙන් දැනෙනු ඇති බවත් ඔහු සදහන් කරයි.
හිටපු නායක මහේල ජයවර්ධන ක‍්‍රිකට් රසිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ ජාතික කණ්ඩායමේ මෙම ක‍්‍රියාව දෙස උපේක්‍ෂාවෙන් බලන ලෙසයි. එම වීඩියෝව අනුව සෑම ක‍්‍රිජකයෙක්ම වගකීමෙන් කතා කල බවත් වීඩියෝය ප‍්‍රසිද්ධ වීම කණගාටුවක් බවත් ජයවර්ධන පවසයි. මෙවන් දේ එලියට නොඑන්නට ඔවුන් ඉදිරියේදී වගබලාගත යුතු යයිද ඔහු වැඩි දුරටත් කියයි.
කෙසේ වෙතත් මහේල-සංගා හිටපු නායක දෙපලම ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ මෙම ක‍්‍රියාව අනියමින් අනුමත කරමින් මෙන් ප‍්‍රවේශමෙන් අදහස් දැක්වීමට වග බලා ගත්තේය.
-lankacnews
COMMENTS