සොෆ්ට්ලොජික් සමාගම් සමූහයට අයත් කොළඹ සිටි සෙන්ටර් හි පිහිටි Food Studio අවන්හල මඟින් ලබා දුන් ආහාරයක "maggot" නමැති දළඹු විශේෂය...
සොෆ්ට්ලොජික් සමාගම් සමූහයට අයත් කොළඹ සිටි සෙන්ටර් හි පිහිටි Food Studio අවන්හල මඟින් ලබා දුන් ආහාරයක "maggot" නමැති දළඹු විශේෂය සිටින වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.
එම දර්ශන වල අඩංගු ආහාර සිය අවන්හල මඟින් පසුගිය 10 වනදා අලෙවි කළ බවට Food Studio අවන්හල නිවේදනයක් මඟින් පිලි ගනු ලැබිය.
එහි දැක්වුණේ එම අවන්හලේ බදු පදනමින් සිටි ‘China Street Food’ ආයතනය සිද්ධිය සැලවීමත් සමඟ වහාම Food Studio පරිශ්‍රයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවයි.
ආහාර පානවල සෞඛ්‍ය ආරක්‍ෂිත බව නිරන්තරයෙන්ම ඉහළ මට්ටමේ පවත්වා ගැනීමට කටයුතු කරන Food Studio මෙවැනි සිදුවීම් යළි සිදු නොවීමට ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද එම නිවේදනයේ සඳහන් වේ.
එම වීඩියෝව පහතින්,
COMMENTS