දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
GMOA ප්‍රධානියෙකුට වකුගඩු ජාවාරමේ යෙදුනු බවට චෝදනා එල්ල වෙයි
Homeප්‍රවෘත්ති

GMOA ප්‍රධානියෙකුට වකුගඩු ජාවාරමේ යෙදුනු බවට චෝදනා එල්ල වෙයි

PropellerAds

වකුගඩු ජාවාරමට සම්බන්ධ වෛද්‍යවරු රටට හෙළි නොකලොත් ජනතාව සමග පාරට බැසීමට සුදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය (GMOF) පවසයි. ශ්‍රී ලංකා...

අදටත් රට පාලනය කරන්නේ පොහොට්ටුවේ ජනාධිපති කෙනෙක් - මහ ලේකම්
සූම් එකෙන් සහභාගී විය හැකි සමුලුවකට ඇමරිකා යන්න ඇමති සුසිල් වැලේ වැල් නැති අමාත්‍යාංශයෙන් ලක්ෂ 45ක් වෙන් කරන්!
පුත්තලමේ ප්‍රබල දේශපාලඥයා නිසා විල්පත්තු ජාතික වනෝද්‍යානය අනතුරේ!
GMOA ප්‍රධානියෙකුට වකුගඩු ජාවාරමේ යෙදුනු බවට චෝදනා එල්ල වෙයි

වකුගඩු ජාවාරමට සම්බන්ධ වෛද්‍යවරු රටට හෙළි නොකලොත් ජනතාව සමග පාරට බැසීමට සුදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය (GMOF) පවසයි.

ශ්‍රී ලංකා පුවත්පත ආයතනයේදී පැවති මාධ්‍ය සාකාච්චාවේදී එම සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මේ බව ප්‍රකාශ කලෙය.

එහිදී වැඩිදුරත් අදහස් දැක්වූ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කියා සිටියේ වකුගඩු ජාවාරම සම්බන්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) ප්‍රධානියාට සහ විධායක කමිටුවේ නිලධාරීන් කිහිපදෙනකුටද චෝදනා එල්ල වී ඇති බවයි.

ඉන්දියානු රජය විසින් සිදුකල දැනුම් දීමකට අනුව ශ්‍රී ලංකාවේද මෙම ජාවාරම සම්බන්ධව පරීක්ෂණයක් සිදුකර තිබෙන බවත් කෙසේවෙතත් එම පරීක්ෂණය විදිමත්ව සිදු වු බවට ගැටළු පවතින බවත් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා අවධාරණය කළේ.

එම පරීක්ෂණ කටයුතු සදහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධානියා සහ විධායක කමිටුවේ නිළධාරින් අනිසි බලපෑම් සිදු කල බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය (GMOF) චෝදනා කරයි.

වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් සෙවීමට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පත් කළ විමර්ශන කමිටුවේ වාර්තාව මෙතෙක් එළිදක්වා නොමැති බවත් ඩීල් නවත්වා එය වහාම රටේ ජනතාවට දැන ගැනීමට එලියට දමන ලෙසත් නැතහොත් සෞඛ්‍ය ඇමැතිවරයාට එරෙහිව රටේ ජනතාව දැනුවත් කර පාරට බැස්සවීමට කටයුතු කරන බව පෙන්වාදුන් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කියාසිටියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) ඉහල පෙලේ කමිටු සමාජිකයන්ගේ බලපෑම් ඊට එල්ල වී ඇති බවය.

නිත්‍යානුකුලව වකුගඩු බද්ධ කිරීම් මගින් රටට විශාල විදේශීය විනිමයක් ලැබුන අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට (GMOA) සම්බන්ධ වෛද්‍යවරු පිරිසක් විසින් එය ජාවාරමක් ලෙස පවත්වාගෙන ගොස් තිබුනා. ඒ අනුව විදේශිකයන් සදහා මෙරටදී වකුගඩු බද්ධ කිරීම තහනම් කිරිමට රජය පියවර ගැනීම තුලින් නිත්‍යානුකුලව රටට ගල ඒමට තිබු විශාල විදේශීය විනිමයක් අහිමිව ඇති බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පෙන්වා දෙයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ වගකිවයුතු බලධාරීන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) බලපෑම් වලට යටත් නොවී මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය (GMOF) ඉල්ලීමක්ද සිදු කරයි.

ඉදිරියේ සති කිහිපය ඇතුලත රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ සභාපතිවරයා විදේශ අධ්‍යාපනයට ගොස් ජනතා මුදල් වංචා කිරීම සහ ඒ පිළිබද අල්ලස් හා දූෂණ වංචා කොමිශන් සභාව ඒ පිලිබඳ ලැබුණු පැමිණිල්ලට කුමක් සිදු වී ඇත්ද යන්න විශේෂ හෙළිදරව්වක්ද බලාපොරොත්තු වන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ (GMOF) සභාපති රුක්ෂාන් බෙල්ලන මහතා වැඩිදුරටත් සදහන් කලේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: GMOA ප්‍රධානියෙකුට වකුගඩු ජාවාරමේ යෙදුනු බවට චෝදනා එල්ල වෙයි
GMOA ප්‍රධානියෙකුට වකුගඩු ජාවාරමේ යෙදුනු බවට චෝදනා එල්ල වෙයි
http://am.lk/media/k2/items/cache/64bf86b1d921b6eb1ca118634d68e537_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/gmoa.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/gmoa.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy