දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජයග්‍රහණයේ රහස වුනේ ක්‍රීඩකයන්ට නිදහස ලබා දීම - දිමුත්
Homeගොසිප්

ජයග්‍රහණයේ රහස වුනේ ක්‍රීඩකයන්ට නිදහස ලබා දීම - දිමුත්

PropellerAds

දකුණු අප්‍රිකාව සමගින් නිමා වූ තරග 02කින් යුත් ටෙස්ට් තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම තරග 2-0ක් ලෙස ජය ගත් අතර, එක්දින තරගාවලියට සහභාගි නොවන ටෙ...

ඕස්ට්‍රේලියානු ටෙස්ට් නායකත්වය ලද 7 හැවිරිදි ආර්චී කෝලි සමග කාසියේ වාසිය තෝරයි (video)
පොහොට්ටුවේ සාමාජිකත්වය ගැන මහින්ද ජීඑල් මතය විමසයි (බ්‍රහස් කාටූන්)
සුනාමි බේබි 81ට දැන් අවුරුදු 14යි
දකුණු අප්‍රිකාව සමගින් නිමා වූ තරග 02කින් යුත් ටෙස්ට් තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම තරග 2-0ක් ලෙස ජය ගත් අතර, එක්දින තරගාවලියට සහභාගි නොවන ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ඇතුළු ක්‍රීඩකයන් හත්දෙනකු ඊයේ (25දා) පෙරවරුවේ දිවයිනට පැමිණියේය.

ඔවුන් පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණ සිටි අතර ක්‍රීඩකයන් පැමිණීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ නව ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න, 

“එකමුතුකම නැතුව නොවෙයි. එකමුතුකම තිබුණා. ඔස්ට්‍රේලියානු තරගාවලිය එකම විදියට තමයි ගියේ. මෙහිදී අපි කළේ ක්‍රීඩකයන්ට නිදහස දුන්නා. විනෝද වෙන්න දුන්නා. මාස තුනක තරගාවලියකට ගියාම අපි විසි පස් දෙනා විතරයි ඉන්නේ. පුහුණුවීම් කරනවා.
කාමරයට එනවා. එහෙම ඉන්න එක ක්‍රීඩකයන්ට මානසික පීඩනයක්.

මම හිතුවා ඔවුන්ට නිදහස දෙන්න. ඒක තමයි මේ වෙනස. පසුගිය කාලේ කණ්ඩායම ඇතුළේ නීති රීති පද්ධතියක් දාන්න සිදු වුණා. මම හිතනවා කණ්ඩායමට ගොඩක් නීති රීති අවශ්‍ය නෑ කියලා. නමුත් සමහර නීති තිබිය යුතුයි. අපි වෙන වෙන ප්‍රශ්න නිසා ඕනවට වඩා නීති දාගත්තා කියලා මම හිතනවා. මම ඒ නිදහස අරන් දුන්නා.

මම නායකත්වය බාර ගත්තට පසුව මුලින්ම උප නායක නිරෝෂන් දික්වැල්ල සමඟ කථා කරලා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව තීරණය කළා. ඊට පෙර තරගාවලිවලදී ඇතිවූ තත්ත්වයන්ද අපි සැළකිල්ලට ගත්තා. ඉන්පසුව කණ්ඩායමේ සෙසු සියලුම දෙනා සමඟ කතා කරලා අපිට පහසුවෙන් කළ හැකි ආකාරය තීරණය කළා.

මට ඕන වෙලා තිබුණේ තරග ජයග්‍රහණය කරනවාට වඩා කණ්ඩායමේ එකමුතුව ඇති කරන්නයි. පොඩි පොඩි වෙනස්කම් කළා. කන්න බොන්න එකට ගියා. ඔක්කොම එකට හිටියා.
ඒ සමඟම විශ්වාසය වැඩි වුණා. කණ්ඩායමක් ක්‍රීඩා කරන විට සියලු දෙනාම එක දිශාවකට යන්න ඕනේ. දෙන්නෙක් තුන් දෙනෙක් වෙන පැත්තකට ගියාම වැඩේ හරියට කරන්න බෑ.

එක එක්කෙනාට එක එක ප්‍රශ්න තියෙන්න පුළුවන්. කුසල්ගේ ප්‍රකාශය මොනවා සම්බන්ධයෙන්ද කරන්නේ කියලා කවුරුත් දැනගෙන හිටියේ නෑ. ඔහුගෙන් තමයි අහන්න ඕනේ ක්‍රිකට් ආයතනයට කියන්න හදන්නේ මොනවද කියලා. එහිදී අපි කථා කරන්න හදන්නේ වෙන දෙයක්.

නමුත් ආවේ වෙන දෙයක්. මම ඔහුගේ පෞද්ගලික ප්‍රශ්න ගැන දන්නේ නෑ. ඒක ඇත්තටම ගොඩක් හොඳ දෙයක් නොවෙයි. ඩ්‍රෙසින් රූම් එක පෞද්ගලික තැනක්. කණ්ඩායමේ ඇතුළේ තියෙන්න ඕන දෙයක් එළියට ගිය එක ගැන මම ඇත්තටම කණගාටු වෙනවා. අපි තරගාවලි තුනක පරාජයකින් පසුව තමයි තරගාවලියක් ජය ලැබුවේ.

මම නායකයා ලෙස කටයුතු කළ පළමු තරගාවලිය වීම නිසා මට විශේෂයක් තියෙනවා. මෙම ජයග්‍රහණයට ප්‍රධාන හේතුවක් වුණා නවක ක්‍රීඩකයන් හැකියාවන් පෙන්වීම. ලසිත් ඇඹුල්දෙණිය, ඕෂධ ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත දස්කම් දැක්වුවා.

මේක සමස්ත කණ්ඩායමම ලැබූ ජයග්‍රහණයක්. ක්‍රීඩකයන් කණ්ඩායම් හැඟීමෙන් ක්‍රීඩා කිරීම තමයි මෙහිදී වෙනස වුණේ. ඒක තමයි ජයග්‍රහණයට ලොකුම හේතුව. කුසල් ජනිත්ගේ ඉනිම පළමු තරගය ජය ගන්න වඩාත් බලපෑවා. ඇඹුල්දෙණියගේ පන්දු යැවීමත් එහිදී මතක් කළ යුතුයි.

දෙවැනි තරගයේදී සුරංග, විශ්ව, කසුන් යන වේගපන්දු යවන්නන්ගේ පන්දු යැවීම තුළ අපි තරගයේ රැදී සිටියා. ඉදිරි තරගාවලිවලත් කණ්ඩායම එකතුව තියාගෙන ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා" යැයි වැඩිදුරටත් පවසා සිටියේය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජයග්‍රහණයේ රහස වුනේ ක්‍රීඩකයන්ට නිදහස ලබා දීම - දිමුත්
ජයග්‍රහණයේ රහස වුනේ ක්‍රීඩකයන්ට නිදහස ලබා දීම - දිමුත්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh9CAUe5peb2irh3C0eXp2ZxfcyJnP1MayYwBfR-JutAuQNhnmmsZnGYMWOENFImgMBiofok7JIsqnt-d_R5X6uW3gQxZBqJFDcuVESpDP3kfPtamv0yGvud_XR3aaCd6dqbBPTgcBlkwc/s1600/image_ede96b4805.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh9CAUe5peb2irh3C0eXp2ZxfcyJnP1MayYwBfR-JutAuQNhnmmsZnGYMWOENFImgMBiofok7JIsqnt-d_R5X6uW3gQxZBqJFDcuVESpDP3kfPtamv0yGvud_XR3aaCd6dqbBPTgcBlkwc/s72-c/image_ede96b4805.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_836.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_836.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy