තමන් කළ ප්‍රකාශයක් වැරදියට අර්ථකනය කරමින් තමන් පිළිබදව වැරදි රූපයක් රටට පෙන්වීමට උත්සාහ කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. පාර්ල...
තමන් කළ ප්‍රකාශයක් වැරදියට අර්ථකනය කරමින් තමන් පිළිබදව වැරදි රූපයක් රටට පෙන්වීමට උත්සාහ කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
පාර්ලිමේන්තුවේදි ඊයේ (21) අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිළිබඳව පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
“අපේම සුජාත දරුවෙක් වන 19 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව කරන විවාදයට එක්වීමට ලැබීමට ගැන මම සතුටු වෙනවා. කොමිෂන් සභා පිළිබඳව මා කළ ප්‍රකාශයට අවස්ථා කිහිපයකදී අගමැතිතුමත්, ඔබතුමත් (කතානායක) මට පිළිතුරු ලබා දී තිබුණා. මා කළ අර්ථකතනයන් ගැන දැඩි විවේචනයක් අද පාර්ලිරිමේන්තුවේදී කර තිබුණා.මට පෙනී ගියා අගමැතුතාමාගෙත්, ඇතැම් අයත් කළ ප්‍රකාශ අනුව මම ශ්‍රේෂ්ඨාඡධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුන් ගැන මගේ කිසිම දෝෂාරෝපණයක් විරුද්ධත්වයක් නෑ. ප්‍රශ්ණය කනපිට හරහා මා පිළිබඳව වැරදි රූපයක් රටට පෙන්වන්න කටයුතු කරන බව මට පේනවා. මම මේ සභාවේ සාමාජිකයෙක් නොවෙයි. ජනවාරි 8 මැතිවරණ ප්‍රකාශයට අත්සන් කළ හැමෝම දන්නවා යහපාලන සංකල්පය හා ඊට මුල් වූ කරුණු රාශියක්."
COMMENTS