දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බැඳුම්කර, ඇවන්ගාඩ් පන්නයේ තවත් වංචාවක් ගැන දූෂණ විරෝධී හඬ හෙළි කරයි
Homeප්‍රවෘත්ති

බැඳුම්කර, ඇවන්ගාඩ් පන්නයේ තවත් වංචාවක් ගැන දූෂණ විරෝධී හඬ හෙළි කරයි

PropellerAds

මහ බැංකු බැඳුම්කර වංචාවටත් ඇවන්ගාර්ඩ් සිද්ධිය නිසා රජයට සිදුවූ අලාබයටත් නොදෙවෙනි මට්ටමේ මූල්‍ය පාඩුවක් රටට සිදු කරමින් ජනතා සමාගමක් අන්සතු...

කළුවරේ ළමයි ප්‍රසූත කරන්න වෙයිද? බිල ගෙවලා නෑ කියලා කාසල් රෝහලේ ලයිට් කපන්න සියල්ල ලෑස්තියි! එකපාරකුත් කොටසක කැපුවා!
මහ බැංකු අධිපති මීලග ජනාධිපති අපේක්‍ෂක... දැනටම කැම්පේන් අරඹලා (VIDEO)
උතුරේ අල්ලගත්ත ඉඩම් වහාම නිදහස් කරන්න... පළාත් සභා ඡන්දය තියන්න... උතුරු නැගෙනහිරට බලය බෙදන අලුත් ව්‍යවස්ථාවක් ගේන්න - උතුරේ සියලු පක්ෂ කොළඹදී රැස්වෙයි!
බැඳුම්කර, ඇවන්ගාඩ් පන්නයේ තවත් වංචාවක් ගැන දූෂණ විරෝධී හඬ හෙළි කරයි

මහ බැංකු බැඳුම්කර වංචාවටත් ඇවන්ගාර්ඩ් සිද්ධිය නිසා රජයට සිදුවූ අලාබයටත් නොදෙවෙනි මට්ටමේ මූල්‍ය පාඩුවක් රටට සිදු කරමින් ජනතා සමාගමක් අන්සතු කිරීමක් සම්බන්ධයෙන් හෙළි දරව් කරමින් දූෂණ විරෝධී හඬ සංවිධානය විසින් කෝප් සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා වෙත ලිඛිතව දන්වා ඇත.

සී/ස ලංකා ට‍්‍රාන්ස්ෆෝමර් සමාගම මගින් 100%කට කොටස් යොදවා 1998දී සමාගම් ලියාපදිංචි කිරීමේ රෙජිස්ට‍්‍රාර් ජෙනරාල් කාර්යාලයේ අංක NPVS 21196 යටතේ ලියාපදිංචි කරන ලද සී/ස LTL ප්‍රොජෙක්ට් පුද්ගලික සමාගම මෙලෙස නීති විරෝධී ලෙස රටට විශාල මූල්‍ය පාඩුවක් සිදු කරමින් අන්සතු කර ඇති බවත් මේ පිලිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසත් ඉල්ලමීන් මෙම ලිපය යොමු කර ඇති අතර එහි පිටපත් විගණකාධිපතිවරයාට හා ජනාධිපති විමර්ෂණ ඒකකයේ අධ්‍යක්‍ෂක ජනරාල් වරයාටත් යොමු කර ඇති අතර එම ලිපිය මාධ්‍යවෙතද නිකුත් කර තිබේ.

දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම ලිපිය සම්පූර්ණයෙන් පහතින් පල වේ.

ගරු සුනිල් හඳුන්නෙත්ති මැතිතුමා,

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හා රාජ්‍ය  ව්‍යවසාය

පිළිබඳ පාර්ලිමේන්තු කොමිටියේ ගරු සභාපති,

ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව,

ශ්‍රී ජයවර්ධනපුර.

ප්‍රිය මැතිතුමනි,

1969 අංක 17 දරණ පාර්ලිමේන්තු පනතින් ස්ථාපන කරනු ලැබූ‍ ලංකා විදුලිබල මණ්ඩලයට 63%ක කොටස් හිමි සී/ස ලංකා ට‍්‍රාන්ස් ෆෝමර්ස් සමාගම (සී/ස LTL හෝල්ඩින් පුද්ගලික සමාගම) ට 100%කට කොටස් හිමිව තිබූ පරිපාලිතයක් වන සී/ස LTL ප්‍රොජෙට්ස් සමාගම නිසි අවසරයකින් තොරව අන්සතු කිරීම හෝ පැවරීම පිළිබඳව තොරතුරු දැන ගැනීමේ පනත ප‍්‍රකාරව, ලංකා විදුලබල මණ්ඩලයේ සභාපති විසින් තොරතුරු ලබා දීම හිතා මතා පැහැර හැරීම පිළිබඳවයි.

සී/ස ලංකා ට‍්‍රාන්ස්ෆෝමර් සමාගම මගින් 100%කට කොටස් යොදවා 1998දී සමාගම් ලියාපදිංචි කිරීමේ රෙජිස්ට‍්‍රාර් ජෙනරාල් කාර්යාලයේ අංක NPVS 21196 යටතේ ලියාපදිංචි කරන ලද සී/ස LTL ප්‍රොජෙක්ට් පුද්ගලික සමාගමේ ආරම්භක ප‍්‍රාග්ධන ආයෝජනය රු. 300,000කි. 1998 සමාගම ආරම්භයේ පටන් 2004 මාර්තු 31 දක්වා සී/ස LTL ප්‍රොජෙක්ට් පුද්ගලික සමාගම, සී/ස ලංකා ට‍්‍රාන්ස් ෆෝමර්ස් සමාගමේ, එනම් මව් සමාගමේ ඒකාබද්ධ ගිණුම් ප‍්‍රකාශවල පරිපාලිතයක් ලෙස දක්වා ඇති අතර, 2005 දී හෝ ඒ හා ආසන්න කාලයකදී නිසි අවසරයින් තොරව එනම්. මහා භාණ්ඩාගාරයේ හෝ බලශක්ති අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව, අන්සතු කර ගැනීමක් හෝ පවරා ගැනීමක් සිදු කරගෙන ඇති බවට, අනාවරණය වී ඇත්තේ 2005 මාර්තු 31 දිනෙන් අවසන් මුදල් වර්ෂය සඳහා ගිණුම් පිළියෙල කිරීමේදී, සී/ස LTL ප්‍රොජෙක්ට් පුද්ගලික සමාගම තවදුරටත් මව් සමාගමේ පරිපාලිතයක් ලෙස දක්වා නොතිබීම හේතුවෙනි.

මේ පිළිබඳව තොරතුරු, සී/ස ලංකා ට‍්‍රාන්ස් ෆෝමර්ස් සමාගමෙන් ඉවත් කළ සේවකයන් වෙනුවෙන් අනාවරණය කර ගැනීමට කොතෙකුත් උත්සාහ දැරුවද සියල්ල ව්‍යවර්ථ වූ බව ඔබතුමන් වෙත දන්වනුයේ ඉතාමත් කණගාටුවෙනි. කෙසේ වුවද තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීමෙන් අනතුරුව, මහා භාණ්ඩාගාරයෙන් හා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයෙන් අදාළ අනුමැතියන් ලබාගෙන ඇත්ද යන්න විමසනු ලැබූ අතර, ඒ සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරයෙන් හා විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍යාංශය වෙත ඉල්ලුම් කරනු ලදුව, මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය වයාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, No. PE/Admin දරණ 2017.09.11 දිනැති ලිපියෙන් දූෂණ විරෝධී හඬ සංවිධානයේ වසන්ත සමරසිංහ මහතා වෙත යොමු කරනු ලැබූ (ඇමුණුම 1) ලිපියෙන් හා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්ගේ අංක දරණ PE/RTI/Info/2017/017 දරණ 2017.09.28 දිනැති ලිපියෙන්, අංක 492/2, කළුතර පාර, පාන්තිය, මතුගම යන ලිපිනයේ පදිංචියින් සුදර්ශන රුද්‍රිගෝ මහතා වෙත යොමු කරනු ලැබූ ලිපියෙන් ද (අමුණුම 2) සනාථ වනුයේ මහා භාණ්ඩාගාරයෙන් හෝ රේඛීය අමාත්‍යාංශයෙන් අනුමැතිය නොලබා මෙම සී/ස LTL ප්‍රොටෙක්ට්ස් පුද්ගලික සමාගම වංචනික ලෙස අන්සතු කිරීමක් හෝ පවරා ගැනීමක් සිදු කර ඇති බවය.

රජයේ නීතිපතිවරයාගේ (ඇමුණුම 3) අනුව දැනට සී/ස LTL හෝල්ඩින් පුද්ගලික සමාගම යනුවෙන් ලියාපදිංචි කර ඇති සමාගම හා එහි පරිපාලනයෙන් සියල්ල රජය සතු වන බව සඳහන් කර ඇති අතර තොරතුරු දැන ගැනිමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂමද එය අනුමත කර ඇත. (ඇමුණුම 4) තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභා පනත ප‍්‍රකාරව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමාගෙන් මෙම අන්සතු කිරීම පිළිබඳව අනාවරණයක් කර ගැනීමට උත්සාහ දැරුවද ඒවා සියල්ල ව්‍යර්ථ විය. අවසාන වශයෙන් කොමිෂම විසින් සඳහන් සභාපතිවරයා විසින් කැඳවීම් කළද, ඒ සඳහා ප‍්‍රතිචාර නොදක්වා තොරතුරු නොදන්නා නිළධාරින් කොමිෂම වෙත යොමු කර ඇති බව කොමිෂන් සභා වාර්තාවෙ සඳහන් වේ. කෙසේ වුවද සී/ස ලංකා ට‍්‍රාන්ස්ෆෝමර්ස් සමාගම වෙනුවෙන් කොමිෂම ඉදිරියේ පෙනී සිටි නීතිඥ මහතාගේ ප‍්‍රකාශය වූයේ සමාගම් පනත අනුව වසර 10කින් පසුව සියළු ලේඛන විනාශ කර ඇති බවත් තොරතුරු සොයා ගැනීමට නොහැකි බවත්ය. අප දන්නා පරිදි සමාගමක කොටස් ලෙජරය සහ අධ්‍යක්‍ෂ මණ්ඩල තීරණ විනාශ කළ නොහැකි වුවද මෙම අන්සතු කිරීම හේතුවෙන් සමාගමේ ඉහළ සේවකයන් පමණක් ප‍්‍රතිලාභ අත්කර ගෙන ඇති අතර රජයට සිදු වී ඇති අලාභය අප විශ්වාස කරන අන්දමට මහ බැංකු බැඳුම්කර වංචාව මෙන්ම ඇවන්ගාර්ඩ් සිද්ධිය නිසා රජයට සිදුවූ අලාබයට නොදෙවෙනි බැවින් ඔබතුමන්ලාගේ මැදිහත්වීම තුළින් මේ පිළිබඳව සොයා බලා රජය සතු වත්කම් ආරක්ෂා කර ගැනීමටත්, සමාගමේ සේවකයන්ද යම් ප‍්‍රමාණයක අයිතිකරුවන් වන බැවින් ඔවුන්ටද සිදු වී ඇති අසාධාරණය පිළිබඳ සොයා බලා සාධාරණයක් ඉටු කර දෙන ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

ස්තූතියි.

මෙයට,

විශ්වාසී,

වසන්ත සමරසිංහ

Wasantha Samarasinghe

කැඳවුම්කරු

සම්බන්ධීකරණය – 071 3006700

Coordination – +9471 3006700

පිටපත්

  1. විගණකාධිපතිතුමා: ගරු මෙම අති ප‍්‍රබල වංචාව පිළිබඳ සොයා බැලීමට කටයුතු යොදන ලෙස ඉල්ලමි.
  2. විමර්ෂණ : අධ්‍යක්‍ෂක ජනරාල්, ජනාධිපති විමර්ෂණ ඒකකය, ජනාධිපති කොමිෂන් සභාව, ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බැඳුම්කර, ඇවන්ගාඩ් පන්නයේ තවත් වංචාවක් ගැන දූෂණ විරෝධී හඬ හෙළි කරයි
බැඳුම්කර, ඇවන්ගාඩ් පන්නයේ තවත් වංචාවක් ගැන දූෂණ විරෝධී හඬ හෙළි කරයි
http://am.lk/media/k2/items/cache/92d122245968c33a34348984b3b723ea_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_731.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_731.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy