දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තාත්තා අත්අඩංගුවට පත්වුණා කියල දැනගත්තේ ගොසිප් සයිට් වලින් - රයන්ගේ දුව නටාලි
Homeගොසිප්

තාත්තා අත්අඩංගුවට පත්වුණා කියල දැනගත්තේ ගොසිප් සයිට් වලින් - රයන්ගේ දුව නටාලි

PropellerAds

ඩු බායිහිදි අත්අඩංගුවට පත් ටෙලි නළු රයන් වැන්රෝවන්ගේ විවාහය හා පවුල් ජීවිතය පිළිබඳ තොරතුරු මේ දක්වා මාධ්‍ය තුලින් වසන් කර තිබුණි. ඔහු පසුගි...

නීතිපතිගේ ඉල්ලීම ඉවතට - ගැසට්‌ටුවට එරෙහි පෙත්සම අද නැහැ.
ගල්ගමුව දළ පූට්‌ටුවාගේ මළසිරුර පල්ලෙකැලේ අභයභූමියෙන් හමුවේ.
"ගෝඨා අපේ'' - ''අපි වෙනුවෙන් අපි" අරමුදල කාගේද?
ඩුබායිහිදි අත්අඩංගුවට පත් ටෙලි නළු රයන් වැන්රෝවන්ගේ විවාහය හා පවුල් ජීවිතය පිළිබඳ තොරතුරු මේ දක්වා මාධ්‍ය තුලින් වසන් කර තිබුණි. ඔහු පසුගිය කාලයේ ජීවත්වූයේද විවාහක පවුලෙන් වෙන්ව සහෝදරයකු සමග දෙහිවල නිවසේය. රයන් දෙදරු පියෙකි. සිදුවූ අලකලංචියෙන් පසු
ඔහුගේ පවුලේ දියණිය මෙතෙක් කල් පැවති රහසක් හෙළි කරමින් මාධ්‍ය වෙත තොරතුරු ලබාදීමට ඉදිරිපත්ව සිටී. මේ සංවාදය රයන්ගේ දියණිය නටාලි සමගය.

මුලින්ම කියන්න ඔබ කවුද කියලා?

මම රයන් වැන්රෝයන්ගේ එකම දුව නටාලි වැන්රෝයන්.


ඔබේ පවු‍ලේ තව කවුද ඉන්නේ?

අම්මයි, තාත්තයි, මල්ලියි, මමයි. මල්ලි තවම පාසල් යනවා.

නටාලි රැකියාවක් කරනවාද?

ඔව්. මම රැකියාවක් කරනවා.

රයන් වැන්රෝයන් තවම විවාහ වෙලා නැහැ කියලයි බොහෝ දෙනා හිතාගෙන හිටියේ. රයන් පුවත්පතකට වරක් ප්‍රකාශ කළා ඔහු තවමත් තනිකඩයි කියලා. ඇයි ඔහු තමන්ගේ දරු පවුල ගැන තොරතුරු වසං කළේ?

ඒක අපේ පවු‍ලේ හැමෝම එකතු වෙලා ගත් තීරණයක්.
මොකද මමයි, මල්ලියි චුට්ටක්වත් කැමැති නෑ ප්‍රසිද්ධියට. මට වුණත් ඕනෑතරම් රඟපෑමට ආරාධනා ඇවිත් තියෙනවා. ඒත් මම ඒවාට කැමැති නැහැ. ඒ නිසා අපි තාත්තාට කියලයි තියෙන්නේ එයාගේ පාඩුවේ වෘත්තිය කටයුතු කරගෙන යන්න කියලා. හැබැයි මමයි, මල්ලියි රයන් වැන්රෝයන්ගේ දරුවන් කියලා කලා ක්ෂේත්‍රයේ අය නම් දන්නවා.

අද වෙද්දී රටේම කතාබහට ලක්වෙලා තියෙන සිදුවීමකට ඔබේ තාත්තා මැදිවෙලයි ඉන්නේ. කොහොමද ඔබ දැනගත්තේ තාත්තා ඩුබායිහිදී අත්අඩංගුවට පත්වෙලා කියලා?

ඒ ගැන අපි දැනගත්තේ ෆේස්බුක් එක සහ ගොසිප් වෙබ් අඩවිවලින්. මුලින්ම පෙබරවාරි 5 වැනිදා උදේ මට ආරංචි වුණා අමල් අන්කල්ට (අමල් පෙරේරා) මේ වගේ කරදරයක් වෙලා කියලා. ඒ වෙලාවේ මම අමල් අන්කල්ගේ පුතා නදීමාල්ට කෝල් කළා. මොකද නදීමාල් මගේ හොඳම යාළුවෙක්. නදීමාල්ගේ ෆෝන් එක ඕෆ් කරලයි තිබුණේ. ඊට පස්සේ මම නදීමාල්ගේ හොඳම යාළුවට

කෝල් කළාම එයා කිව්වා ‘නංගි, නදීමාල් ඩුබායි ගියා’ කියලා. එතකොට තමයි මම දැනගත්තේ නදීමාලුත් එතැන ඉඳලා කියලා. එදා දවල් දෙකට, තුනට විතර තමයි ගොසිප් සයිට්වලින් අපි දැනගත්තේ තාත්තත් එතන ඉඳලා තියෙනවා කියලා.

තාත්තා මේ වගේ ගමනක් යනවා කියලා පවු‍ලේ අයට කියලා තිබුණේ නැද්ද?

ඩුබායි ෂෝ එකකට යනවා කියලා තාත්තා අපට කියලා තිබුණා. ගිය අවුරුද්දෙත් තුන් හතර වතාවක්ම තාත්තා ෂෝස්වලට ඩුබායි ගියා. ඒ ඇරෙන්න වැඩි විස්තරයක් තාත්තා අපට කියලා තිබුණේ නැහැ. මොකද සාමාන්‍යයෙන් අපි තාත්තා යන එන තැන් හොයන්නේ නැහැ. මම ෂිෆ්ට් එකට තමයි වැඩ කරන්නේ. ඒ නිසා ගොඩක් වෙලාවට මට තාත්තව ගෙදරදී මුණ ගැහෙන්නේවත් නැහැ.

අවසාන වශයෙන් නටාලිට මොනවද කියන්න තියෙන්නේ?

මගේ තාත්තා කවදාවත් කාටවත් වැරැද්දක් කරන කෙනෙක් ‍නෙවෙයි. තමන්ට හම්බ වෙන්නේ කීයද ඒක තාත්තා අනුන්ගේ යහපත වෙනුවෙන් වියදම් කරනවා. තාත්තා ගියේ ෂෝ එකකට. ෂෝ එකකට යද්දී ඒකේ සංවිධායකයන් හරහා තමන්ට අවශ්‍ය මිල මුදල් ගැන කතා කළාට පස්සේ ඉන් එහාට දෙයක් කලාකරුවන් දන්නේ නැහැ. මේ කතා කරන මොහොත වෙනතුරුත් අපි දන්නේ නැහැ තාත්තා මොන විදිහේ තත්ත්වයකින්ද ඉන්නේ කියලා. මොකද අපිට කවුරුවත් නිල වශයෙන් මේ ගැන දැනුවත් කරලා නැහැ. අද අපි හුඟක් අසරණ වෙලයි ඉන්නේ.

කිෂාන් කනංකෙ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තාත්තා අත්අඩංගුවට පත්වුණා කියල දැනගත්තේ ගොසිප් සයිට් වලින් - රයන්ගේ දුව නටාලි
තාත්තා අත්අඩංගුවට පත්වුණා කියල දැනගත්තේ ගොසිප් සයිට් වලින් - රයන්ගේ දුව නටාලි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhhQS860Gir2n3IvUeuNAX1d6OpGjJXUONAt34bMRorjUyyAPqWNt050n-iCufo-66VKgh8Op2rYwaM522dLWrOdZhmfidNcx36R4V6UFNuayHsB1FT2NwOnVkGO9XbjyoDdfbm4EjQ8KE/s1600/ryan-dau.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhhQS860Gir2n3IvUeuNAX1d6OpGjJXUONAt34bMRorjUyyAPqWNt050n-iCufo-66VKgh8Op2rYwaM522dLWrOdZhmfidNcx36R4V6UFNuayHsB1FT2NwOnVkGO9XbjyoDdfbm4EjQ8KE/s72-c/ryan-dau.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_696.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_696.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy