ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම සතියක් ඇතුළත අමාත්‍යවරයකු යටතට පත් කර එම ගුවන් සමාගම ප‍්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා ක‍්‍රියාත්මක කිරීමේ වගකීම පැවරී...
ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම සතියක් ඇතුළත අමාත්‍යවරයකු යටතට පත් කර එම ගුවන් සමාගම ප‍්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා ක‍්‍රියාත්මක කිරීමේ වගකීම පැවරීමට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා තීරණය කර ඇත.
මේ අනුව දැනට ජනාධිපතිවරයා යටතේ තිබෙන ශ‍්‍රීලංකන් ගුවන් සමාගම ඉදිරි සතිය ඇතුළත නව අමාත්‍යවරයකු යටතේ ගැසට් කිරීමට නියමිතය.
ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම ප‍්‍රතිව්‍යුහගත කිරීම සඳහා පත් කළ ජනාධිපති කමිටුවේ වාර්තාව මගින් එම සමාගම ඈවර නොකිරීමටත්, එම ආයතනයේ ණය ප‍්‍රතිව්‍යුහගත කරමින් සහ ප‍්‍රාග්ධනය උත්පාදනය කරමින් එම සමාගම තවදුරටත් පවත්වාගෙන යාමටත් තීරණය කර ඇත.
එය සිදු කිරීම සඳහා එම ජනාධිපති කමිටුව විසින් සිය වාර්තාව මගින් නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කර ඇති අතර ඒවා ක‍්‍රියාත්මක කිරීම සඳහා ශ‍්‍රීලංකන් ගුවන් සමාගම මෙසේ සුදුසු අමාත්‍යවරයකු තෝරා ඔහු යටතට පත් කිරීම ඉදිරි සතිය තුළ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් සිදු කිරීමට නියමිතය.
ශ‍්‍රීලංකන් ගුවන් සමාගම ප‍්‍රතිව්‍යුහගත කිරීම සඳහා පත් කළ ජනාධිපති කමිටුවේ වාර්තාව ඉකුත් ජනවාරි 28 වැනිදා එම කමිටු සාමාජිකයන් විසින් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාට භාර දුන් අතර එම කමිටු වාර්තාව සලකා බැලීමෙන් පසුව ජනාධිපතිවරයා මේ තීරණය ගෙන තිබේ. මේ කමිටුවේ සභාපතිවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න මහතා කටයුතු කළේය.
ශ‍්‍රීලංකන් ගුවන් සමාගම ඈවර කිරීම හා නැවත ස්ථාපනය කිරීම, කළමනාකරණ ගිවිසුමක් ඇති කර ගැනීම සහ ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම, ප‍්‍රාග්ධන උත්පාදනය යන විකල්ප තුනක් ප‍්‍රධාන වශයෙන් කමිටුවේ අවධානයට ලක්වූ බවත් ඒ අතරින් තුන්වන විකල්පය වන ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම හා ප‍්‍රාග්ධන උත්පාදනය කරමින් ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම පවත්වාගෙන යාම වඩා යෝග්‍ය බව සිය කමිටුව මගින් නිර්දේශ කළ බවත් මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ශ‍්‍රීලංකන් ගුවන් සමාගම ප‍්‍රතිව්‍යුහගත කිරීම සඳහා පත් කළ ජනාධිපති කමිටුවේ සභාපති මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න මහතා පැවසීය.
මේ කමිටුව මගින් ආයතනික ප‍්‍රතිව්‍යුහගත කිරීම, සමාගමේ මානව සම්පත් ප‍්‍රතිව්‍යුහගත කිරීම, ස්වාධීන ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලියක් තහවුරු කිරීම සහ සන්නාම ප‍්‍රවර්ධනයේදී සහයෝගිතාව පිළිබඳ සොයා බැලීම, කාර්යක්ෂම උපායමාර්ගික සැලැස්මක් සකස් කිරීම සහ දැනට ක‍්‍රියාත්මක ව්‍යාපාර සැලැස්ම සමාලෝචනය කිරීම යන යෝජනා නිර්දේශ කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
සංචාරක ව්‍යාපාරයට ලැබෙන දායකත්වය ඇතුළු ශ‍්‍රීලංකන් ගුවන් සේවය පවත්වාගෙන යාමේ ආර්ථික වටිනාකම් සලකා බලමින් එම ආයතනය ප‍්‍රතිව්‍යුහගත කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට කමිටුව තීරණය කළ බවද හෙතෙම පැවසීය.
මෙම මාධ්‍ය හමුවේදී කතා කළ එම කමිටුවේ ලේකම් තිසුරි වන්නිආරච්චි මහත්මිය ප‍්‍රකාශ කළේ ඉදිරි සතිය තුළ ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම විෂය භාර අමාත්‍යවරයකු යටතට පත් කරන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළ බවයි.
මේ මාධ්‍ය හමුවට ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ මුල්‍ය අංශ ප‍්‍රධානී යසන්ත දිසානායක මහතාද එක්ව සිටියේය.

COMMENTS