දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වාඩිවෙනවිට පුටුව අදින විහිළුවෙන් පරලොව ගිය අනිල්
Homeගොසිප්

වාඩිවෙනවිට පුටුව අදින විහිළුවෙන් පරලොව ගිය අනිල්

PropellerAds

පා සල් කාලයේ පන්තියේ මිතුරන් වාඩිවෙන්න හදන විට පුටුව ඇද ඔවුන් බිම වැට්ටීමේ විහිලුව කාලයක් තිස්සේ ලංකාවේ  තිබෙන දෙයකි. මේ විහිලුව නිසා යම් ...

ටාටා නැනෝ නොඑන ගමන් යයි.
වයස 20 යි : වත්කම ඩොලර් ලක්ෂ 9000යි.
'ගෝඨා ජනාධිපති අපේක්‍ෂකයා ලෙස නම්කර නෑ' - මහින්ද.
පාසල් කාලයේ පන්තියේ මිතුරන් වාඩිවෙන්න හදන විට පුටුව ඇද ඔවුන් බිම වැට්ටීමේ විහිලුව කාලයක් තිස්සේ ලංකාවේ  තිබෙන දෙයකි. මේ විහිලුව නිසා යම් යම් අපසුතාවයන්ට ලක්වුණත් කෙනෙකුට මරණය ඇති කරවන්න තරම් දුරදිග යාහැකි යයි බොහෝ අය සිතන්නෙ නැත.
මේ සිදුවීම පන්තියකදී නොව ප්‍රිය සාදකදී සිදුවූවකි.
වලස්මුල්ල - කෝන්ගහවත්ත ප්‍රදේශයෙන් පසුගියදා මෙවැනි සිද්ධියක් වාර්තාවුණා.
මෙයින් මියගියේ අනිල් කුමාර නමැති වෘත්තියෙන් පෙදරේරුවෙකු වන 39 හැවිරිදි එක් දරු පියෙකි.
ඔහු පසුගිය වසරේ නොවැම්බර් 29 වැනි දින සිය මිතුරෙකුගේ දරුවෙකුගේ ඉඳුල් කටගෑමේ අවස්ථාව වෙනුවෙන් සංවිධානය කළ

ප්‍රියසාදයකට එක්ව තිබෙන අතර තමන් අසුන් ගෙන සිටි ආසනයෙන් මොහොතකට නැගී සිටි අවස්තාවේ පාසල් විහිළුව මතක්වූ මිතුරෙකු ඔහගේ පුටුව පසෙකට ඇද තිබේ. එම අවස්තාවේ  අනිල් යළි අසුන් ගන්නට පහත්වෙද්දී බිම ඇදවැටී තිබෙයි.

එම අවස්ථාවේ අනිල්ගේ සිරුරේ ඇතිවූ වේදනාව නිසා ඔහු කටුවන දිසා රෝහලට ඇතුළත් කිරීමට ඥාතීන් කටයුතු කර තිබුණි.
නමුත් සුසුම්නාවට ඇතිවූ හානි නිසා ඔහ තරමක් බරපතල තත්වයට පත්ව ඇත. එම රෝහලෙන් ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහල වෙත යොමුකරන අනිල් වෛද්‍ය නිර්දේශ මත කරාපිටිය ශික්ෂණ රෝහලටද ඇතුළත් කරන ලදි.

 අනිල් කුමාරගේ සුෂුම්නාවේ ඉහළ කොටසේ බිඳීයාමක් සිදුවීම හේතුවෙන් ශරීරයේ ඉන්ද්‍රියන් අඩපන වෙමින් පවතින බව ඒ වනවිට නිරීක්ෂණයවී තිබේ.
 කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මාස දෙකකට වැඩි කාලයක් අඛණ්ඩවෙ ප්‍රතිකාර ලබේනට සිදුවූ අනිල් ඉකුත් 4 වැනිදා සිය ජීවිතයෙන් සමුගත්තේය.
 ඉඳුල් කටගෑමේ උත්සවයකට පැමිණි අයෙකු එම ස්‌ථානයේ ඉඳගැනීමට යැමේදී වෙනත් අයෙකු විසින් එම පුටුව පසුපසට ඇදීම හේතුවෙන් බිමට වැටී බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස්‌ ඇති බව කටුවන පොලිසිය පවසයි.

 මෙසේ මියගොස්‌ ඇත්තේ කිරම කරමැටිය පදිංචිව සිටි එම්. අනිල් කුමාර නමැති 39 වියති විවාහක එක්‌දරු පියෙකි. ඔහුගේ බිරිඳගේ පැමිණිල්ලකට අනුව සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිස්‌ අත්අඩංගුවට ගෙන ඇත. කටුවන පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වාඩිවෙනවිට පුටුව අදින විහිළුවෙන් පරලොව ගිය අනිල්
වාඩිවෙනවිට පුටුව අදින විහිළුවෙන් පරලොව ගිය අනිල්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhHzj0JEkQpqlwIHcMMTj35WWPY3pvjAb54bsIjTILVQAzvKPb2VWxP2RdkCG4y7DnuO2vC2oUFigyJdP0DbzKbNurRIIICqfk1BK9lA_mPOY0CnSobVbbweiRBo-v8M0T8GAweQZF9XHA/s1600/collage.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhHzj0JEkQpqlwIHcMMTj35WWPY3pvjAb54bsIjTILVQAzvKPb2VWxP2RdkCG4y7DnuO2vC2oUFigyJdP0DbzKbNurRIIICqfk1BK9lA_mPOY0CnSobVbbweiRBo-v8M0T8GAweQZF9XHA/s72-c/collage.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_551.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_551.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy